අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ලබාගැනීමේ අරමුණින් ගිනිගැනීමට දුන්නාදැයි සැකයක්!

by Lanka Sara Editor
ජූනි 15, 2021
in පුවත්
xpress pearl
Share on FacebookShare on Twitter

ගිනිබත් වී මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා නැවේ ඇතිව තිබෙන ගින්න පිළිබඳව කොළඹ වරායේ හාබර් මාස්ටරවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබුණත් ඔවුන් ඒ සම්බන්ධයෙන් වහාම නිසි පියවරක් ක්‍රියාත්මක නොකරන ලද්දේ වන්දි ලබා ගැනීමේ අරමුණෙන් ගින්න පැතිරීමට ඉඩ ඇරීමට ද යන්න සැකයක් මතුවන බව, මේ පිළිබද විමර්ශනය, කොටුව මහේස්ත්‍රාත්වරිය හමුවේ අද (15) ඉදිරිපත් වූ අවස්ථාවේ නැවේ කපිතාන්වරයා වෙනුවෙන් ඉදිරිපත්වූ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කර තිබේ.

ඔහු එහිදී පෙන්වා දුන්නේ නැව නැංගුරම් ලෑමෙන් පසු මෙම ගින්න පිළිබඳව හාබර් මාස්ටර් සහ කාර්ය මණ්ඩලය වෙත වරින් වර දැන්වූ බවයි.

නමුත් එම ගින්න හටගත් අවස්ථාවේ (20 වැනිදා) හාබර් මාස්ටරවරයා වෙත මේ බව දැන්වූ විට ඊට පැය හතරකට පමණ පසු සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් නැව නිරීක්ෂණය කිරීමට ගිනි ආරක්ෂක නිලධාරියෙකු සමග පැමිණ තිබේ.

ඔවුන් කිසිදු ගිනි ආරක්ෂණ උපකරණයක් රැගෙන ආවේ නැතැයි ද, කිසිදු පියවරක් නොගෙන ඔවුන් ආපසු ගිය බවද කපිතාන්වරයා සදහන් කරන බව ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නෞකාවේ කපිතාන්වරයා හාබර් මාස්ටර්වරයාත් අතර සිදු වූ සංවාද සියල්ල හාබර් මාස්ටර් කාර්යාලයේ සටහන්ව තිබේ.

කපිතාන්වරයාගේ ප්‍රකාශය සත්‍ය ද අසත්‍යද යන්න පිළිබඳ එමගින් තහවුරු කරගත හැකි වනු ඇති බව ද මෙහි දී අවධාරණය කෙරිණ.

කෙසේ වෙතත් මේ වන තෙක් හාබර් මාස්ටර් කාර්යාලයේ දත්ත රෙකෝඩරය පරික්ෂා කර නොමැති බවද අධිකරණයේදී අනාවරණය වී ඇත.

ඒ අනුව අද මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ මෙම දත්ත රෙකෝඩරය ලබාගෙන ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදුකර අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙසයි.

නීතිඥ ජයමාන්න මහතා අධිකරණයේදී තවදුරටත් පෙන්වා දුන්නේ විසි වැනි දා අලුයම වන විට පැමිණි මෙම නැවේ ගින්න පිළිබඳ එදින පළමුවෙන් දැන්වුවද එදින කිසිදු පියවරක් නොගෙන පසුදින ඊට අදාළ ක්‍රියාමාර්ග ගත් බවයි.

නමුත් කපිතාන්වරයා දැන් වූ අවස්ථාවේ නැවේ ගිනි නිවීමට ප්‍රමාණවත් පියවර නොගත් බැවින් ඊට අවශ්‍ය පහසුකම් නොමැති නම් ගින්න පැතිරීම ට පෙර මෙම සීමාවෙන් ඈතට නැව ඇදගෙන යාමට හැකියාව තිබූ බව ද එහිදී අනාවරණය විය.

එමගින් මෙය ගිනි ගැනීමට ඉඩ හැරියේ ද යන්න බරපතළ සැකයක් මතුවන බව ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නැවෙන් කාන්දුවන තෙල් ඉවත් කරන්න පේරාදෙණි සරසවියෙන් සුපිරි තාක්ෂණයක් සොයා ගනී…

Next Post

රට කෙළවරක් නැති ණයක… ලංකාව යළිත් ඉන්දියාවට ණය වෙන්න යයි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.