කිරිපිටි මිල පසුගිය ඔක්තොම්බර් මාසයේදී සංශෝධනයක් ඇති කල නමුත් එදාට වඩා අද වන විට මිල සියයට 10න් වැඩිව ඇතිබැවින් ක්‍රමානුකූලව මිල සංශෝධනයක් ඉදිරියේදී සිදුවිය හැකි යැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර සඳහන් කරයි.
බැංකුවලින් ණයවර ලිපි ලබා ගැනීමේ ගැටලුව හේතුවෙන් කිරිපිටි ආනයනය ප්‍රමාද වී ඇතැයි ද ණයවර ලපි ලබා ගැනීම ප්‍රමාද වී ඇත්තේ දැනට පවතින ඩොලර් හිඟය නිසා යැයිද හෙතෙම පැවසීය.
පසුගිය මාසය තුළ නැව් ඒම ප්‍රමාද වීම කිරිපිටි හිඟයට හේතුවක් වී ඇති බවත් . නවසීලන්තයෙන් සති 3, 4 වැනි කාලයේදී නැව ගෙන්වා ගැනීමට පසුගිය කාලේ හැකියාවක් තිබුණත් මේ වන විට එම කාලය මාස දෙක තුනක් දක්වා දිග්ගැසී ඇති බැවින් දැනට වෙළඳපලේ පවතින කිරිපිටි හිඟය මගහරවා ගැනීමට මාස දෙකක් පමණ ගතවිය හැකි බවද හෙතෙම කියයි.
ලබා දෙන ණය කාලය වැඩිකර ගැනීම සඳහා මේ වන විට ප්‍රධාන සැපයුම්කරු වන නවසීලන්තය සමග සාකච්ඡා කරමින් පවතින බවද හෙතෙම පැවසී.







