ගිනිකොණ දිග බෙංගාලප බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ දී තවදුරටත් වර්ධනය විය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන්වන ගැඹුරු මුහුදු කලාපයේ (5N-12N, 85E-95E) ධීවර හා නාවුක කටයුතු වල නොයොදන ලස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.
නිර්මාණය වන පද්ධතිය බස්නාහිර දෙසට ගමන් කර ශ්‍රි ලංකාවේ උතුරු වෙරළ වෙත ලඟා වීමේ හැකියාව ගැන කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව අනතුරු හඟවයි.
ඌව මධ්‍යම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථානය ස්වල්පයක සවස 2 පසු වැසි හෝ ගිගිරුම් සහත වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.