අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා LPL

පන්දු 19යි… නොදැවී ලකුණු 65යි…  ඇන්ඩ්‍රි රසල් එල්.පී.එල්. පිටිය හොල්ලයි

මැතිව්ස්ලා දෙවැනි ජය ලබද්දී අෆ්රිඩිලා පිට පිට  පරදී

by editor
නොවැම්බර් 29, 2020
in LPL
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක-

පන්දු 19කින් නොදැවී ලකුණු 65ක් රැස් කළ කලම්බු කිංග්ස් කණ්ඩායමේ ඇන්ඩ්‍රි රසල් කලෙකට අමතක නොවන විස්මිත පිතිහරඹයක නිරතවීම නිසා ඕවර 5කට සීමාවූ සිවුවැනි එල්.පී.එල්. තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදවා ලකුණු 34ක ජයක් වාර්තා කිරීමට ඊයේ රාත්‍රී කලම්බු කිංග්ස් කණ්ඩායම සමත්විය. ඒ අනුව පිට පිට ජය ලැබූ ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කලම්බු කිංග්ස් කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණ ගත් අතර පිට පිට පරාජයට පත්වූ ශහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුතු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් ස්ථානයේ පසුවෙයි.

වර්ෂාව පතිත වීම නිසා 10.55 ට ආරම්භ වීමෙන් එක් කණ්ඩායමකට ඕවර 5කට  සීමා කිරීමට සිදුවූ මේ තරගයේ ඉනිම ආරම්භ කළ රසල්  විස්සයි20 තරග බිමේ තුන්වැනි වේගවත් අර්ධ ශතකයේ සම වාර්තාකරුවකු බවට පත්වූ අතර ඕවර 5ක තරගයකදී එක් කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව කරා කලම්බු කිංග්ස් කණ්ඩායම රැගෙන ගියේ පිටියේ හතර අතට හයේ පහරවල් එල්ල කරමිනි. 

ලෝක විස්සයි20 තරග බිමේ නම ගිය ප්‍රහාරකයකු වන මේ කොදෙව් පිතිකරුවා මොහොමඩ් අමීර් යැවූ පළමු ඕවරයෙන් ලකුණු 24ක් උදුරා ගත් අතර, අසිත ප්‍රනාන්දු යැවූ දෙවැනි ඕවරයෙන් ලකුණු 20ක් ලබා ගත්තේය. තුන්වැනි ඕවරය යැවීමට කැඳවූ මොහොමඩ් ශිරාස් හමුවේ පසුබෑමකට ලක්වූවත් අමීර් යැවූ සිවුවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 14කිනි.  ඔහුගේ ඉනිම දිස්වූයේ 0,6,4, 6, 4, 4, 6, 2, 4,4,4,1,4,4,1,0,4,6,1, වශයෙනි. 

මීට පෙර ඉන්දියාවේ යුවරාජ් සිං එංගලන්තයට එරෙහිව 2007දී පන්දු 12කින් විස්සයි20 තරග බිමේ වේගවත්ම අර්ධ ශතකය ලැබූ අතර පසුව කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් බිග්බෑෂ් තරග බිමේදී සහ ඇෆ්ගනිස්තානයේ හස්රතුල්ලා සසායි ඇෆ්ගනිස්තාන ලීග් තරගාවලියේදී එම වාර්තාව සම කළහ. එංගලන්තයේ මාක් ට්‍රෙස්කොතික් 2010දී එංගලන්ත ප්‍රාන්ත විස්සයි20 තරග බිමේදී පන්දු 13කින් අර්ධ ශතකය වාර්තා කරමින් එම ලැයිස්තුවේ දෙවැනි තැන පසුවෙයි. පාකිස්තානයේ ඉම්රාන් නසීර්, එංගලන්තයේ ජී.එල්. බ්‍රොපි, නොයිමා බර්නෙට්, කොදෙව් පිතිකරු කීරන් පොලාඩ් නවසීලන්තයේ කොලින් මුන්රෝ, දකුණු අප්‍රිකාවේ එෆ්. බෙහර්ඩින්, ඉන්දියාවේ ලෝකේෂ් රාහුල් සහ ඒ නෙගී පන්දු 14 විස්සයි20 අර්ධ ශතකලාභියෝ වෙති. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කාසියේ වාසිය දිනූ අෆ්රිඩි පළමුව පන්දුවට පහරදෙන්නැයි මැතිව්ස්ගෙන් ඉල්ලා සිටි නිසා ඕවර පහේ ඉනිම ආරම්භ කළ කලම්බු කිංග්ස් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 96ක් ලබා ගත් අතර රසල්ගේ ගිනිකෙළි ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. ඔහු සමග ඉනිම ආරම්භ කළ තික්ෂිල ද සිල්වා ලකුණු නොලබා දැවී ගිය අතර අංක 3 පිතිකරු ලෝරි ඉවන්ස් නොදැවි ලකුණු 21ක් ලැබුවේ පන්දු 10කිනි.

මොහොමඩ් අමීර් යැවූ ඕවර 2දී ලකුණු 46ක් උදුරා ගත් කලම්බු කිංග්ස් පිතිකරුවන් අසිත ප්‍රනාන්දුගේ ඕවරයෙන් තවත් ලකුණු 26ක් ලබා ගත්තේය. කෙසේ වෙතත් මොහොමඩ් ශිරාස් (ලකුණු 11ක් පමණයි) සහ නායක ශහීඩ් අෆ්රිඩි ( ලකුණු 13ක් පමණයි) මනා පාලනයකින් යුතුව පන්දු යැවීම කැපී පෙනුණි.

ඕවර 5ක් ඇතුළත ලකුණු 97ක අසීරු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට රැස් කිරීමට හැකිවූයේ කඩුලු 2ක් දැවී ලකුණු 62ක් පමණි.  

ඉසුරු උදාන යැවූ මුල්ම ඕවරයේදී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමග ලකුණු 18ක් උදුරා ගැනීමට ධනුෂ්ක ගුණතිලක සමත්වූවත් දුෂ්මන්ත චමීර දෙවැනි ඕවරය ලකුණු 16කට සීමා කරගැනීම නිසා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඕවර දෙකක් අවසානයේ ලකුණු 35ක් රැස් කළ අතර ජයග්‍රහණය සඳහා පන්දු 18කින් ලකුණු 62ක් ලබා ගත යුතුව තිබිණි. 

ඕවර 5ක තරගයකදී හොඳම පන්දු යැවීමක් සටහන් කළ අෂාන් ප්‍රියංජන තුන්වැනි ඕවරය යැවූ අතර ඔහු ලබා දුන්නේ එක් ලකුණක් පමණි. ඔහුගේ අවසන් පන්දුවෙන් හස්රතුල්ලා සසායි දැවී ගිය අතර ගාල්ල කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය පන්දු 12කින් ලකුණු 60ක් විය. 

සිවුවැනි ඕවරය යැවූ ඉසුරු උදානට ගාල්ල කණ්ඩායමේ නායක ශහීඩ් අෆ්රිඩි හතරේ පහර 3ක් එල්ල කළත් අවසන් ඕවරයේදී ඉලක්කය පන්දු 6ක් ලකුණු 46ක් දක්වා බරපතළ විය. ක්වයිස් අහමඩ් යැවූ අවසන් ඕවරයේ තුන්වැනි පන්දුවෙන් අෆ්රිඩි දැවී ගියේ පළමු පන්දු 2දී දැඩි පීඩනයකට හසුවීම නිසාය. අහමඩ්ගේ අවසන් පන්දු 2ට හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කළ අසාම් ඛාන් යම් අස්වැසිල්ලක් ලබා ගත්තේය. 

තරගයේ වීරයා සම්මානය දිනූ ඇන්ඩ්‍රි රසල් දැන් එල්.පී.එල්. පිටියේ අලුත්ම වීරයා බවට පත්වී සිටී.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නැවත දැනුම් දෙනතුරු නැගෙනහිර ධීවර කටයුතු එපා…

Next Post

ස්වං නිරෝධායනයට ලක් කළ කාන්තාවක් නිවෙස තුළ මිය යයි…

Related Posts

LPL

සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ට පී.සී.ආර්. කිරීම නවලෝකයෙන් ගලවයි!

දෙසැම්බර් 20, 2021
LPL

එල්.පී.එල් නිසා යාපනේ සැනකෙළි…

දෙසැම්බර් 17, 2020
LPL

ජැෆ්නා සටැලියන්ස් සහ දඹුල්ල වයිකිං අද සූරියවැව දී අවසන් පූර්ව සටනේ…

දෙසැම්බර් 14, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.