අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැගෙනහිර වෘෂභයා ගේ ගොන් පොර!

by editor
ජනවාරි 7, 2024
in පුවත්, සංස්කෘතිය
Share on FacebookShare on Twitter

සෙන්තිල් තොණ්ඩමාන්   ඉතිහාසගත වාර්තාවක් තැබුවේය. ඒ දෙමළ උරමය හා වීරත්වය සැමරීම සඳහා ජල්ලි කට්ටු නැමැති ගොංපොර මැත ඉතිහාසයේ  යළිත් වරට ප්‍රභූ අනුග්‍රහය සහිතව  නැගෙනහිර පළාත තුළ පවත්වමිනි.

ඊයේ (6 )   ත්‍රිකුණාමල ජල්ලිකට්ටු තරඟ සාම්පූර්හිදී පැවැත්වුණි . ශිෂ්ඨ ලෝකය විසින් පිළිකුල් කරන ගල් යුගයේ දඩයමේ යන ගෝත්‍රික මානව සංස්කෘතියක් සිහි කරන ජල්ලි කට්ටු නැමැති  මේ අශිෂ්ට හිංසනය ක්‍රීඩාා  විශේෂය පැවැත්වෙන්නේ තමිල්නාඩුවේ පමණි.

උතුරේ තරුණයෝ විවිධ අවස්ථාවල අසංවිධානාත්මකව මෙම ගව පොර පැවැත්වූ බව සැබෑය. සමහර වසරවලදී මෙම ගවපොර පැවැත්වීම තහනම් කෙරිනි.

කෙසේ වෙතත්  මේ ගෝත්‍රික ම්ලේච්ඡ ගවපොරය තමිල්නාඩුවේ හැර නිල පිලිගැනීමක් සහිත ලංකාවේ පැවැත්වුන පළමු අවස්ථාව මෙයය.  තොණ්ඩමාන් තමිල්නාඩුවේ තමන්ගේ උරුමය නැගෙනහිරට අරන් ආවේය. ගව පොරය සංවිධානය වූයේ  තමිල්නාඩු ජල්ලිකට්ටු සුරැකීමේ සහ සුබසාධන සංගමයේ මඟපෙන්වීම යටතේ ය.

තොණ්ඩමාන් හරක් පොරයට ජාත්‍යාන්තර වටිනාකමක් දුන්නේය. ප්‍රධාන ආරාධිතයන් ලෙස මැලේසියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩටුක් ශ්‍රී මුරුගන් සහ රංගන ශිල්පී නන්දා ද ත්‍රී කුණාමලයට ගෙනාවේය.  විශේෂ ආරාධිතයන් ලෙස ඔන්ඩිරාජ් ද, ජල්ලිකට්ටු සංරක්ෂණ සංගමයේ ලේකම් රාජා ද   ඉන්දියාව ඇතුළු රටවල් රැසක විශේෂ ආරාධිතයෝ ද දෙමළ වීරත්වය පෙන්නූ ගොං පොරය බලන්නට ආරාධනා ලැබ සිටියහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගොන්නු කුලප්පු කර කුලප්පු වූ ගොන්නු මෙල්ල කළ වීරයින්ට තොණ්ඩමාන් තෑගි දුන්නේය. නැගෙනහිරට තොණ්මාන් වීරයින් බිහි කරන්නේ එසේය. ගොන්නු සමග පොරයට දමා දෙමළ වීරත්වය හොයන්නට යන තොණ්ඩමන්ලාගේ සැලසුම ගොංපොරයට වඩා බෙහෙවින්ම අසංස්කෘතික බවට ඉඟි පලවෙමින් තිබේ.

ජල්ලිකට්ටු යනු කුමක් ද?.

ජල්ලි කට්ටු යනු පොංගල් සමයේ දකුණු ඉන්දියාවේ කෙරෙන සම්ප්‍රදායික  ක්‍රීඩාවකි.   මේ ක්‍රීඩාව මුනිස්වර දෙවියන්ගේ ආශීර්වාදය ලබාගැනීමට කෙරෙන්නකි. සරලවම  මිනිසුන් ශිෂ්ඨාචාරවත් වන්නට පෙර සිට පැවත එන සංස්කෘතික චාරිත්‍රාංගයක සුබුන් කැබිලිත්තකි.

ජල්ලි – කට්ටු යන වදනේ තේරුම කාසි – පොදිය යන්නය. මේ සම්ප්‍රදායික ගවයන් හීලෑ කිරීමේ ක්‍රීඩාව තමන්ගේ දියණිවරුන්ට හොඳ ශක්තිමත් මනාලයෙක් තෝරා ගැනීම සඳහා ඉන්දියාවේ ප්‍රභූවරුන් විසින් අතීතයේ  දී  යොදා ගත්තකි.

පසුකාලීනව මෙම ගොන් පොර ක්‍රීඩාවට එපිටින් ඇති  ම්ලේච්ඡ මාරාන්තික සූදුවක් වූයේය.  කාසි සහිත කහපාට රෙදි කඩකින් සෑදූ පොට්ටනියක් ගවයාගේ ගෙලේ එල්ලා ගවයා කුලප්පු කළ පසු ගවයා සමග දිව ගොස් පොර බදා එය ලබා ගැනීම ජල්ලිකට්ටුවේ ප්‍රධාන කෙළිය විය.

තොණ්ඩමාන් විශේෂ ආරාධිතයන් සමග…

එක දිගට   මිනිසුන් ගණනාවක්ම ගොන් ප්‍රහාරයට ලක්ව මේ පොරය අතර තුර මිය ගියහ. මේ තත්ත්වය තුළ අසරණ ගවයාගේ ගෞරවය හා සුභ සාධනයත් නොකල්හි නැතිවන මිනිස ජීවිත ව්‍යසනයත්  පිළිබඳව ඇතිවි තිබුණු දිගු කාලීන   සංවාදයක  ප්‍රතිඵලය ලෙස ජල්ලිකට්ටු ඉන්දියානු ශ්‍රේෂ්ඨාකරණය විසින් තහනම් කළේ ය. ඒ වර්ෂ  2014 දී ය.

ගොන් පොර තහනමට එරෙහිව වීදි බැස්ස ගොන්නු

එතැන් පටන්  මේ තහනමට එරෙහි ව තමිල්නාඩුවේ   සමහර මිනිස්සු අරගල කළහ.  ඒ ජල්ලිකට්ටු දිගට ම තබා ගන්නට ය.  මෝදීගේ මධ්‍යම ආණ්ඩුව  මේ තහනමින් කරන්නේ දමිල සම්ප්‍රාදායක කුමන්ත්‍රණකාරී ව මුලිනුපටා දැමීමක් ඇරඹී ඇති බවය.   අවසානයේ තමිල්නාඩුවේ මිනිස්සු ගොංපොර ඉල්ලා එළියට බැස්සහ. වර්ෂ 2017 දී  ගොංපොර තහනම  ඉවත් කරගැනීම වෙනුවෙන්   වීථි පුරා ගිනි තබා ගනිමින් ප්‍රචණ්ඩ ජන විරෝධයක් ගොඩනැගූහ. වීදි බැස ඇත්තේ ගොන්නු බව තේරුම් ගත්    තමිල්නාඩු රජය ජල්ලිකට්ටු තහනම අවලංගු කළේ ය.

එතැන් සිට ඊලඟ වසර තුළදීම  පුද්ගලයින්  තුන් දෙනෙකු මිය ගිය අතර 60 දෙනකුට තුවාල සිදු වූයේය.

ජල්ලිකට්ටු ඉල්ලා මගට බැස්ස තමිල්නාඩුවේ මිනිස්සු…

අපේ රටේ   ගොං පොර තිබුණා ද?

උත්තරය ඔව් යන්නය. දකුණු ඉන්දීය බලපෑම බරපතල ලෙස පැවති නුවර යුගයේ දී වඩුග රජුන්ගේ රාජ්‍ය අනුග්‍රහය සහිතව රට තුළ ගොංපොර පවත්වා තිබිණි. අනතුරුව එලඹි අධිරාජ්‍යවාදී වකවානුවේ ද වඩුගයින්ගේ සුන්බුන් සංස්කෘතික අංගයක් ලෙස ගොන් පොර පැවතී තිබිණි. ගම්මානවල මුදල් ඔට්ටු දමා ගොන්පොර පැවැත්වීම 1940 දශකයේ මුල් භාගයේදී සිදුව  ඇත. 1940 දශකයේ දී  කඩුගන්නාවේ   කුඹුරුවල අස්වැන්න නෙළා ගැනීමෙන් පසු සිංහල අවුරුදු  කාලයට විධිමත් ලෙස මීගොන්පොර පවත්වා ඇතැයි  ආචාර්ය පී.ඩී.පී දැරණියගල සඳහන් කරයි.

දෙවැනි රාජසිංහ රජ්ජුරුවෝ විනෝදයට ගොන්පොර   නැරඹූ බව රොබට් නොක්ස් (1681) තමන් ලියූ An Historical Relation of Ceylon ග්‍රන්ථයෙහි සඳහන් කර තිබේ. ජෝන් ඩේවි ගේ සඳහනක ද ගොන් පොර බලා සතුටුවන රජුගේ විස්තර දක්වා ඇත. ඒ සඳහා ගොනුන් පෝෂණය කර රැක බලා ගන්නා ආකාරය ගැන ද සඳහන් වේ.

අතීත මුලයන් වෙත යන්නේ නම් ගොන් පොර මූලයන් මෙසපොතේමියාවේ සහ මධ්‍යධරණී කලාපයේ ප්‍රාග් ඓතිහාසික ගොන් වන්දනාව සහ බිලි පූජා පුද කිරීම දක්වාම දිවෙයි. ගොන්පොර සහිත ප්‍රාග් ඓතිහාසික සිතුවම්  හමුවන්නේ  ක්ලූනියාවේ සෙල්ටිබීරියානු සොහොන් ගල සහ ස්පාඤ්ඤයෙන්   එල් ටෝරෝ ඩි හැචෝස් ගුහා සිතුම්වලය  .

ගොන්පොර බොහෝ සේ ප්‍රසිද්ධියට පත් වුණේ රෝම යුගයේදීය. අප්‍රිකාව, ආසියාව සහ යුරෝපය දක්වා ගොන් පොර  ව්‍යාප්ත වීමට පටන් ගන්නේ අනතුරුවය.  ස්පාඤ්ඤ යටත්විජිතවාදීන් ගවයන් බෝකිරීමේ සංස්කෘතියක් ඇති කළ අතර මෙහි අතුරු ඵලයක් ලෙස ගොන්පොර ස්පාඤ්ඤ‍යේ ව්‍යාප්ත වූයේය.

මනුෂ්‍ය ම්ලේච්ඡත්වයේ ලෝක ව්‍යාප්ත ලකුණ ගොන්පොර වූයේය. ශිෂ්ඨාචාරවත් මිනිස්සු ඒ අශිෂ්ට මෙන්ම මරණීය වූ තිරිසන් පොරබැදීම්  නැවැත්වූහ. දකුණු ඉන්දීය බලපෑමෙන් අනතුරු කාලයේ දී ලංකාව තුළ ගොන් පොර උත්කර්ෂයෙන් සැලකුවේ නැත. එය ගර්හාවට ලක් වූ සූදුවක් ලෙස යටත් විජිත සමයේ නොසරුප් මිනිස්සු පවත්වාගෙන ගියත් දැන් එය අතීත සිදුවීමක් පමණක් වී තිබේ.

ජල්ලි කට්ටුවට යළි පණ දීම

උතුරේ තරුණ ප්‍රජාව අතර ජල්ලි කට්ටු පොරය අසංවිධානාත්මකව පැවැත්විනි. මේ මාරක ගොන් පොරයට සමාජය තුළ පිළිගැනීමක් නොවීය. සත්ත්ව හිංසා වාදීහු මෙන්ම බුද්ධිමත් ප්‍රභූ හින්දු මිනිස්සු තිරිසනෙකුට වද දෙන මේ තිරිසන් ක්‍රීඩාව ගර්හාවට ලක් කළහ. පොලිසිය විසින් විටින් විටි ක්‍රීඩාව තහනම් කෙරිනි. රට තුළ ජල්ලි කට්ටු නෛතිකව තහනමක් නැත. එහෙත් අවදානම් සහගත මාරක හැසිරීම්වලට ඉඩ නොදීමේ පදනම මත ජල්ලි කට්ටු තරග  තහනම් කළ අවස්ථා විය.

සෙන්දීල් තොණ්ඩමන් දකුණු ඉන්දීය වීරත්වය නැගෙනහිරට ගෙනඒම සඳහා   රාජ්‍ය පිළිගැනීමක් සහිතව ගොංපොර පවත්වන්නේ මේ පසුබිමේදී ය. මිනිසුන් ගොන්නුන්ට ඇන්දවීමේ අශිෂ්ටත්වය තොණ්ඩමන්ට පමණක් නොව, රටේ  සියලුම දේශපාලකයින්ට පොදුය. මෙහිදී විශේෂත්වය වන්නේ මින්සුන් ගොන්නුන් කිරීමට තොණ්ඩමාන් ගොංපොර තෝරා ගැනීමය.

කෙසේ වෙතත් මේ වනවිට මේ තිරිසන් ගොංපොර ප්‍රභූ අනුග්‍රහය මැද පැවැත්වීම සම්බන්ධව විවිධ පාර්ශවවලින් විරෝධතා මතු වී ඇත.  සංවිධාන සමහරක් ජනාධිපතිවරයාට ද මේ සම්බන්ධව ලිඛිතව දන්වා තිබේ. ජනාධිපතිවරයා දැන් ඉන්නේ ගොන් පොර නැවැත්වීමට වඩා මිනිසුන් ගොන්නුන්ට ඇන්දවීමේ ව්‍යාපෘතියකය.

කෙසේ වෙතත් තොන්ඩමාන් අතුළු දේශපාලකයින්ට නොහැඟෙන තවත් කතාවක් තිබේ. ඒ ඊලඟට මිනිස්සු සමග ඔවුන්ට නටන්නට වෙන ජල්ලි කට්ටුව ලේසි එකක් නොවන බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වහ බිව්වෙ සෝවාන් වෙන්න නෙමෙයි… ජීවත් වෙන්න බැරි නිසා… අන්තවාදී දේශකයාගේ වස බිව්ව අනුගාමිකයා පොලිසියට කියයි!

Next Post

වළ දැමූ තරුණ දියණියකගේ සිරුර ගොඩගෙන අපරාධයක් කරලා… බණ්ඩාරවෙලින් ඇසෙන කම්පා කරන සිද්ධිය….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.