මීට දින කිහිපයකට පෙර බණ්ඩාරවෙල බදුලුගස්තැන්න ප්‍රදේශයේ නියුමෝනියාව වැළඳී මිය ගිය 25 හැවිරිදි තරුණ දියණියකගේ තරුණියගේ වළ දමා තිබූ සිරුර ගොඩගෙන නිරුවත් කර තිබියදී සොයාගැනීමේ තිගස්වන සුළු සිදුවීමක් සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම තරුණ දියණියගේ මළ සිරුර කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් ගොඩගෙන තිබිය දී අද (07) සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය.
මිය ගිය දියණිය වෙනුවෙන් හත් දවසේ දානය පැවැත්වීමට නියමිතව තිබුනේ හෙට (08) ය. වේදනාව දරාගෙන සිය දියණියගේ සිරුර භූමදානය කර පැමිණි තැනට තාත්තා අද උදේ ගියේය. දියණිය තනිකර එන්නට තාත්තාලට පහසු නැත.
සොහොනට ගිය තාත්තාට දකින්න ලැබුනේ මේ ලෝකයේ කිසිම තාත්තා කෙනෙක් දෑසින් නොදිටිය යුතු දසුනකි. දියණියගේ මළ සිරුර වළෙන් ගොඩ දමා නිරුවත් කර තිබෙනු ඒ තාත්තා දුටුවේය. ඔහු ඒ දැකුමින් විකල් වූයේය.
මිය ගිය පසුව හෝ සාමදානයේ ඉන්නට නොලැබුන සිය දියණියගේ සිරුර අත් හැර යන්නත් බැරිය. නොගිහින් ඉන්නත් විදිහක් නැත. පියවි සිහිය ඔහුගෙන් පලා ගොස් තිබිණි. කෙසේ වෙතත් ආයාසයෙන් මේ සම්බන්ධව සිය පවුලේ ඥාතීන් කැඳවා ඔවුන් සමග පොලිසිට ගිය තාත්තා හඬා වැටෙමින් මේ අපරාධය කීවේය.
බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය. පොලිසිය සැක කරන්නේ කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මියගිය තරුණ දියණියගේ සිරුර ගොඩගෙන එම ප්‍රාණය නිරුද්ධ සිරුරටත් අපරාධයක් කර ඇති බවය.
අද (07) උදේ බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත්වරයා සහ අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් දේහය පරීක්ෂා කරනු ලැබුවේය.. අනතුරුව මෘත ශරීරය එම ස්ථානයේම නැවත තැන්පත් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. ( Daly Mirror ඇසුරිනි)