ලලිත් චාමින්ද –
අයහපත් කාලගුණයතත්ත්වය හේතුවෙන් අද (05) පෙරවරුවේ ගාල්ල වැලිවත්ත ප්‍රදේශයේ නිවසකට පස්කන්දක් කඩාවැටීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බැව් ගාල්ල පොලීසිය පවසයි .
මියගොස් ඇත්තේ අමරසේන විජේසිංහ නැමැති 78 හැවිරිදි වියේ පසු වූ අයෙකි . මෙම පුද්ගලයා නිවසේ කාමරය තුළ නිදි යහනේ සිටියදී පස් කන්ඩිය කඩාවැටී ඇති බැව් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
.නිවස ආසන්නයේ මෙම පස් කන්ඩිය තිබී ඇති අතර අයහපත් කාලගුණික තත්ත්වයත් සමග පස් කන්ඩිය නිවස මතට වැටී ඇත .
තුවාල ලැබූ පුද්ගලයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මියගිය අයගේ හදිසි මරණ පරීක්ෂණය අද කරාපිටිය ශික්ෂණ ශික්ෂණ රෝහලේ පැවැත්වීමට නියමිතව තිබුණි.