බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නායකයින්ගේ වැසිකිලිවල වතුර අදින පොහොට්ටු මන්ත්‍රීවරු ගැන වසන්ත යාපා කියයි!  

කවුරු මොනවා කිව්වත් හදිසි නීතිය ගෙනාවෙ මර්ධනය සඳහාම තමයි...  

by editor
අගෝස්තු 2, 2022
in පුවත්
wasantha-yaapa
Share on FacebookShare on Twitter

හදිසි නීතිය සම්මත කරනු ලැබුවේ  එදිනෙදා ජන ජීවිතය පවත්වා ගැනිමටත්  සියලු පාර්ශවයන්ගේ ආරක්ෂාව හා රට තුළ සාමය ස්ථාපිත කිරීම සඳහා යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහනුවරට පැමිණි මොහොතේ කියා සිටියේය. අගමැති අවේ දළදා වැඳ මහා නායක හිමිවරුත් බැහැ දකින්නටය.

ඊට පෙරදින ජනපති ආවේය. ජනපති පැමිණි දා ඔහු බැහැ දිකින්නට නොපැමිණි  වසන්ත යාපා බණ්ඩාර සහ උදයන කිරිඳිගොඩ අගමැති දකින්නට ආවේය. අගමැති දකින්නට පැමිණි මේ පොහොට්ටු මන්ත්‍රිවරුන් දෙපළ හදිසි නීතියට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළා පමණක් නොව, පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහව නම් කරන බව කියද්දී එහි සභාපති ජී.එල් පීරිස් සමග එක්ව ඩලස් අලහප්පෙරුමව රනිල්ට එරෙහි ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ කණ්ඩාමේ  ප්‍රබල භූමිකාවක් ද නිරූපණය කළේය.

අගමැතිට කැමති ජනපතිට අකමැති වසන්ත යාපා ඇතුළු පිරිස අගමැති කැමති හදිසි නීතියට අකමැති වුනේ ඇයි.
ලංකාසර වසන්ත යාපා විමසුවේය. ඔහු කීවේ මෙවැන්නකි.

ත්‍රාඩ දේශපාලනය –

“රටේ අද තිබෙන්නේ ත්‍රාඩ   දේශපාලන ක්‍රමයක්. මේ දේශපාලන ක්‍රමය අපි තරයේ හෙළා දකිනවා… හෘද සාක්ෂියට එකඟව මන්ත්‍රීවරයෙක් විදිහට කතා කරනවා නම්  මේ දේශපාලන ක්‍රමය ජනතා අපේක්ෂාව නොවන බව කිව යුතුයි. “

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“පොදුජන  පෙරමුණ නියෝජනය කරන තැම් මන්ත්‍රීවරු අද පත්වෙලා ඉන්න නායකයන්ගේ ගඳ දේ සුවඳයි කියලා කියන්න.  පිරිසක් නායකයින්ගේ වැසිකිලිවල වතුර අදින තත්වයට පත්වෙලා. පොදුජන පෙරමුණ තැම් දේශපාලකයින්ට මේ හැසිරීම ලජ්ජා සහගතයි…“

“හෘද සාක්ෂියට එකඟව තීරණ ගන්න අපේ උත්සාහය මහ ජනතාවගේ පීඩනය අවම කිරීමට ගන්නා හොඳ ක්‍රියාමාර්ග වෙනුවෙන් පමණක් පක්ෂ වීමයි.  එබැවින් හදිසි නීතියට විරුද්ධව කොන්ද කෙලින් තියාගෙන ඡන්දෙ දෙන්න අපට හැකියාව ලැබුණා.“

හදිසි නීතියට අපි විරුද්ධ වුණේ ඇයි….?  

“අපව බලයට පත් කළ හැට නව ලක්ෂයක     ජනතාවගේ   හෘද සාක්ෂිය පිළිබඳ අප දැනුම්වත් විය යුතුයි. ජනතා කරපිටින් ගොස් පාර්ලිමේන්තුව තුළදී අපි ක්‍රියා කරන ආකාරය ජනතාව දැනගත යුතුයි. ඒ නිසා නොබියව හදිසි නීතියට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළා.“

“රටේ යුද්ධයක් බිහිසුණු ව්‍යසනයක් පවතින අවස්ථාවක හදිසි නීතිය ක්‍රියාත්මක කළ හැකියි.  මේ වෙලාවේ එවැනි තත්ත්වයක් රට තුළ නැහැ. ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම උදෙසා යැයි කියමින් හදිසි නීතිය සම්මත කර ගන්නේ කුමන පදනමකින්ද…?“

“රටේ පවතින සාමාන්‍ය නීතිය යටතේ ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා පොලිසියේ ප්‍රමාණාත්මක සහයෝගයේ  අඩුවක් ඇත්නම් හමුදාව කැඳවීම සඳහා ජනාධිපතිවරයාට ප්‍රතිපාදන හිමිවෙනවා. නමුත් එවැනි තත්තවයක් රට තුළ නෑ.  හදිසි නීතිය සම්මත කරගනිමින් මේ සිදු කරන්නේ ජනතා මර්ධනයක්  නෙවෙයිද.?“

හදිසි නීතියෙන් විදේශ සංචිත වැඩි කළ හැකිද?

රට තුළ මේ මොහොතේ පවතින්නේ   විදේශ සංචිත පිළිබඳ අර්බුදයක්. හදිසි නීතියෙන් එවන් අර්බුදයක් පාලනය කරන්නේ කොහොමද?. හදිසි  නීතියෙන් තවදුරටත් සිදුවන්නේ විදේශ සංචිත පහළ යාමක් පමණයි.“

“අනික් කාරණය පිළිබඳ ඉතා සැකෙවින් විමසා බලන්න… මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය අපේක්ෂා කරමින් රජයේ කටයුතු කරනවා.    නමුත් ඒ සඳහාවන පළමු ගිවිසුම් සාකච්ඡාව හෝ මේ වන විට සම්පූර්ණ කර නැහැ පළමු ණය වාරික සාකච්ඡාවලදි රටේ පවතින හදිසි නීතිය අනිවාර්යෙන් ගැටලුවක් බවට පත් වෙනවා. මොකද ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ ස්ථාවරත්වයක් රඳවා ගත්තත් රටේ මහජනතාව අතර මේ මොහොත වන විටත් පවතින්නේ නොසන්සුන් වාතාවරණයක්.“

හදිසි නීතිය නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය වාරික ප්‍රමාද විය හැකියි. “

“තුන්වැන්න මානව හිමිකම් කොමිසමේ පනස් එක් වැනි සැසිවාරය පැවැත්වීම සඳහා මේ වන විට සියලූ කටයුතු සූදානම්. නමුත් හදිසි නීතිය යොදා ගනිමින් ජනතාව මර්දනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බව ඔවුන්ගේ සාකච්ඡාවට භාජනය වන බව පැහැදිලියි. එවැනි තත්ත්වයක දී මානව හිමිකම් කොමිසම මහජන අයිතිය පිළිබඳ මැදිහත් වන විට නැවතත් ලෝක ප්‍රජාව ඒ පිළිබඳ විමසිලිමත් වෙනවා.“

“සිවුවැන්න මේ මොහොත වනවිටත් විදේශ ප්‍රේෂණ පිළිබඳ රට තුළ පවතින්නේ අර්බුදකාරී තත්ත්වයක්. ලෝකයේ ඕනෑම රටකින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් දැනුවත් කිරීම සඳහා තානාපති කාර්යාල මහකොමසාරිස් කාර්යාල කටයුතු කරනවා.  ඔවුන් ලංකාවේ හදිසි නීති තත්වය පිළිබඳ සංචාරකයින් දැනුවත් කරනවා ඒ හරහා සිද්ධ වන්නේ විදේශ ප්‍රේෂණ ලංකාවට ගලා ඒම වැලකී යාමයි.“

මේ හදිසි නීතිය ගෙනාවෙ ජනතා මර්ධනයටම තමයි…

“මෙවැනි ගැඹුරු කාරණා පිළිබඳව ආණ්ඩුව අවධානය යොමු නොකරන්නේ ඇයි ?. මේ සියලු කාරණා මත නැවත නැවතත් රටේ සාමාන්‍ය ජනතාව තෙල් අර්බුදය ගැන, ආහාර අරබුදය ගැන, වගේම නිදහසේ ජීවත්වීමේ අයිතිය ගැන, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහුරා තිබෙනවා.“

“අපි හදිසි නීතියට විරුද්ධ වන්නේ හැට නවලක්ෂයක් ජනතාව අපට ජනවරම ලබාදුන්නු  පොදුජන පෙරමුණ විදිහට.  මේ මොහොතේ හදිසි නීතිය සම්මත කිරීම ට දැඩි විරෝධය දක්වන බව පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළා. හදිසි නීතිය හරහා මහජන පීඩාව මර්දනය කිරීමට අපි විරුද්ධයි.“

“ආණ්ඩුවක් විදිහට පොදුජන පෙරමුණු ආණ්ඩුව ඒ කාලෙත් වැරදි තීන්දු ගත්තා. ඒ බව අපි පිළිගන්න ඕනේ. හරිත කෘෂිකර්මාන්තය  ඇති කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම ප්‍රමාද කිරීම,   බදු මුදල් කප්පාදුව…  මේ සියලුම තීරණ වැරදි බව ආණ්ඩු පක්ෂයේ සිට තර්ක කරමින් අපි පෙන්වා දුන්නා. නමුත් ඇතැම් උද්දච්ච නායකයෝ සහ ලේකම්වරු මේ  යෝජනා සම්බන්ධයෙන් දැඩි මතයක සිටියා. පක්ෂයේ පිරිහෙන්න මූලිකම හේතු කාරණා වුනේ ඒවා. “

“අපි නැවත නැවතත් කියන්නේ සාධාරණ ප්‍රශ්න මත මිනිස්සු මහ පාරේ විරෝධය දක්වමින් අවිහිංසාවාදී ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කරනවා. එවන් විරෝධයක් ආයුධවලින් ගිනි අවි වලින් මට්ටු කරමින් ඒ මිනිසුන්ගේ අයිතිය අහිමි කිරීමට අපි කොහෙත්ම එකඟ නැහැ. මේ හදිසි නීතිය සමස්ත රටේ හෝ සමස්ත ජනතාවගේ ආරක්ෂාව පිණිස ගෙන එන්නක් නොවේ හුදෙක්ම මෙය සම්මත කර ගනු ලැබුවේ ජනතා මර්දනය පිණිසමයි… “

Share69Tweet43
Previous Post

රට ගොඩනැගීමට මහින්ද රාජපක්ෂගේ අත්දැකීම් අවශ්‍ය බව මහින්ද අමරවීර කියයි!

Next Post

මගේ ෆෝන් එක පැය විසි හතරේ ටැප් වෙන ෆෝන් එකක්. – ඩලස් හෙළිකරයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.