තමන්ගේ දුරකථන සංවාදවලට පැය විසිහතර පුරාම සවන් දෙන බවත් එය විසිහතර පැයේ ටැප් කරන දුරකථනයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.
තමන් මේ බව ප්‍රකාශ කරන්නේ වගකීමකින් බව ද මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි. ඔහු මේ බව කීවේ “අද දෙරණ“ සමග කළ විශේෂ සංවාදයක් අතර තුරදීය.
මේ නියෝග ලබා දෙන පුද්ගලයා සම්බන්ධව කතා කිරීමට ඉදිරියේ දී තමන්ට අවස්ථාවක් එනු ඇති පවසන ඩලස් අලහප්පෙරුම ප්‍රභූ දේශපාලනයට එරෙහිව නැගී සිටීමේ අනතුර තමන් තේරුම් ගත් බවත් එය හදිසි මරණයකින් කෙළවර විය හැකි තරමේ බිහිසුණු තත්ත්යක් බවත් පෙන්වා දෙයි. නීතියේ ආධිපත්‍ය නැති කළේ අහිංසක ඡන්ද දායකයන් නොව, පාලකයින් බවද ඔහු කියයි.
තමන්ද ඉදිරිපත්වුණ පාර්ලිමේන්තු ජනාධිපතිවරණයට පෙර දින රාත්‍රියේ සිදුවුනා බඳු විශාල මෙහෙයුම් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලවත් නොකරනු ඇති බව ඔහු කීවේ ඔළුගෙඩි මිලදී ගැනිම් සම්බන්ධව ඉඟි කරමිනි.
ඔහු ඒ සම්බන්ධව සංවාදය අතරතුර කී කතාව මෙසේය.
“අප දන්නවා අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට සිදුවෙන්නෙ මෙකක් ද කියලා. මා හිතන්නෙ අයි.එම්.එෆ් එකටවත් බෑ ඒ වගේ මහා විශාල මෙහෙයුම් කරන්න.
අයි.එම්.එෆ් කිව්වාම මුදල් සම්බන්ධව අදහසක් එනවා. මූල්‍ය ගනුදෙනුවක් සිදුවුනා ද?
“ඉතිහාසය මේ සිද්ධිය වාර්තා කරවි. ඡන්දයේ සුජාත භාවය කුමක්ද කියලා කියන එක අපි අනාගතයට භාර දෙමු. හැබැයි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වුනා. හැට නව ලක්ෂයකගෙ ඡන්දයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුන වෙලාවෙ සියයට හැට එක්ක තිබුණෙ නෑ. සියයට පනස් හතරයි තිබුණෙ“
“මම තේරුම් ගත්තා ප්‍රභූ දේශපාලනයට එරෙහිව නැගිටීමේ ඇති භයානක කමත් අනතුරු දායක බවත්“
ඒ කියන්නෙ හදිසි මරණයක් සූදානමින් ද ඔබ ඉදිරිපත් වුනේ.
“බොහොම පැහැදිලිව ඔව්. පුද්ගලයින්ගෙ පවුල්වල අභිමතාර්ථ ඉෂ්ඨ කරන්න ගිහින් අපි විශාල අර්බුදයකට ගිහිල්ලා. නීතියේ ආධිපත්‍ය නැති රටක අනාගතයක් නෑ කියන එක තර්කයක් නෑ. “
“හැබැයි ඒක නැතිකරලා තියෙන්නෙ පාලකයො. ඡන්දය දෙන අහිංසක ජනතාව නෙමෙයි. “
“කියමනක් තියනවා ගම්වල අස්වැන්න නෙලාගත්තයින් පස්සේ ගොවියො ගෙදර යනවා. පඹයෝ කුඹුරුවල ඉතිරිවෙනවා කියලා. මේක තමයි මේ අවුරුදු හැත්තෑ හතර තිස්සේ අපේ රටේ ඉතිහාසය වුනේ.