අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මගේ ෆෝන් එක පැය විසි හතරේ ටැප් වෙන ෆෝන් එකක්. – ඩලස් හෙළිකරයි…

ප්‍රභූ දේශපාලනයට එරෙහිව නැගී සිටීම ජීවිත වලින් වන්දි ගෙවන තරමේ බිහිසුණු කටයුත්තක් බව වැටහුනා...

by editor
අගෝස්තු 2, 2022
in පුවත්
dulls
Share on FacebookShare on Twitter

තමන්ගේ දුරකථන සංවාදවලට  පැය විසිහතර පුරාම සවන් දෙන බවත් එය විසිහතර පැයේ ටැප් කරන දුරකථනයක් බවත්    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම  පවසයි.

තමන් මේ බව ප්‍රකාශ කරන්නේ වගකීමකින් බව ද මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි. ඔහු මේ බව කීවේ  “අද දෙරණ“ සමග කළ විශේෂ සංවාදයක් අතර තුරදීය.

මේ නියෝග ලබා දෙන පුද්ගලයා සම්බන්ධව   කතා කිරීමට  ඉදිරියේ දී  තමන්ට අවස්ථාවක් එනු ඇති  පවසන ඩලස් අලහප්පෙරුම ප්‍රභූ දේශපාලනයට එරෙහිව නැගී සිටීමේ අනතුර තමන් තේරුම් ගත් බවත් එය හදිසි මරණයකින් කෙළවර විය හැකි තරමේ බිහිසුණු තත්ත්යක් බවත්  පෙන්වා දෙයි. නීතියේ ආධිපත්‍ය නැති කළේ අහිංසක ඡන්ද දායකයන් නොව, පාලකයින් බවද ඔහු කියයි.

තමන්ද ඉදිරිපත්වුණ පාර්ලිමේන්තු ජනාධිපතිවරණයට පෙර දින රාත්‍රියේ සිදුවුනා බඳු විශාල මෙහෙයුම් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලවත් නොකරනු ඇති බව ඔහු කීවේ ඔළුගෙඩි මිලදී ගැනිම් සම්බන්ධව ඉඟි කරමිනි.

ඔහු ඒ සම්බන්ධව සංවාදය අතරතුර කී කතාව මෙසේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අප දන්නවා අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට සිදුවෙන්නෙ මෙකක් ද කියලා. මා හිතන්නෙ අයි.එම්.එෆ් එකටවත් බෑ ඒ වගේ මහා විශාල මෙහෙයුම් කරන්න.

අයි.එම්.එෆ් කිව්වාම මුදල් සම්බන්ධව අදහසක් එනවා. මූල්‍ය ගනුදෙනුවක් සිදුවුනා ද?

“ඉතිහාසය මේ සිද්ධිය වාර්තා කරවි. ඡන්දයේ සුජාත භාවය කුමක්ද කියලා කියන එක    අපි අනාගතයට භාර දෙමු. හැබැයි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වුනා. හැට නව ලක්ෂයකගෙ ඡන්දයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුන වෙලාවෙ සියයට හැට එක්ක තිබුණෙ නෑ. සියයට පනස් හතරයි තිබුණෙ“

“මම තේරුම් ගත්තා ප්‍රභූ දේශපාලනයට එරෙහිව නැගිටීමේ ඇති භයානක කමත් අනතුරු දායක බවත්“

ඒ කියන්නෙ හදිසි මරණයක් සූදානමින් ද ඔබ ඉදිරිපත් වුනේ.

“බොහොම පැහැදිලිව ඔව්. පුද්ගලයින්ගෙ පවුල්වල අභිමතාර්ථ ඉෂ්ඨ කරන්න ගිහින් අපි විශාල අර්බුදයකට ගිහිල්ලා. නීතියේ ආධිපත්‍ය නැති රටක අනාගතයක් නෑ කියන එක තර්කයක් නෑ. “

“හැබැයි ඒක නැතිකරලා තියෙන්නෙ පාලකයො. ඡන්දය දෙන අහිංසක ජනතාව නෙමෙයි. “

“කියමනක් තියනවා ගම්වල අස්වැන්න නෙලාගත්තයින් පස්සේ ගොවියො ගෙදර යනවා. පඹයෝ කුඹුරුවල ඉතිරිවෙනවා කියලා. මේක තමයි මේ අවුරුදු හැත්තෑ හතර තිස්සේ අපේ රටේ ඉතිහාසය වුනේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නායකයින්ගේ වැසිකිලිවල වතුර අදින පොහොට්ටු මන්ත්‍රීවරු ගැන වසන්ත යාපා කියයි!  

Next Post

චෝදනාවලින් නිදොස්ව නිදහස් වූ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍ය ධූරයේ යළි දිවුරුම් දෙයි.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.