අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“නාපාන පේමසිරි මහ නාහිමියන්ගේ චරිතය සමාජයටම ආදර්ශයක්”

ආදාහන පූජෝත්සවයේ දී ජනපති කියයි

by Lanka Sara Editor
නොවැම්බර් 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නා හිමියන්ගේ ධර්ම ඥාණය, සිල්වත්කම සහ ගුණවත්කම සමාජයට ආශිර්වාදයක් සහ ආදර්ශයක් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

උන්වහන්සේ අපවත්වීම සම්බුද්ධ ශාසනයට, රටට, සමස්ත ලෝක බෞද්ධ ජනතාවට මෙන්ම පෞද්ගලිකව තමාට ද පිරිමැසීමට අපහසු පාඩුවක් බව හෙතෙම කියා සිටී.

අද (22) පස්වරුවේ මහනුවර, කුණ්ඩසාලේ, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක, හුරීකඩුව, මැණික්හින්න විද්‍යාසාගර පරිවෙනාධිපති අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි නා හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ආදාහන පුජෝත්සව භූමියට පැමිණි ජනාධිපතිවරයා අතිපූජ්‍ය නාපාන පේමසිරි නා හිමියන්ගේ ශ්‍රී දේහයට වැද නමස්කාර කර අවසන් ගෞරව දැක්වීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනතුරුව උන්වහන්සේ වෙනුවෙන් සමරු සටහන් පොතෙහි විශේෂ සටහනක් තබමින් අත්සන් තැබීය.

1922 නොවැම්බර් 30 වන දින මහනුවර නාපාන ග්‍රාමයේ දී උපත ලැබූ උන්වහන්සේ අපවත්වන විට අනු අට වන වියෙහි පසුවූහ. 1933 වසරේ දී පැවැදි දිවියට පිවිසි උන්වහන්සේ 1943 වසරේදී උපසම්පදාව ලැබූහ.

ලොව කීර්තිධර මහා තෙරුන්වහන්සේට බුරුම රජය පිරිනමන “අග්ගමහා පණ්ඩිත” සම්මානයෙන් පිදුම් ලැබූ උන්වහන්සේ 2012 වසරේ දී ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක පදවියට පත්ව අපවත්වන තුරුම එය හෙබවූහ.

බුදු දහමෙහි ගැබ්ව ඇති ගැඹුරු දර්ශනය සමාජගත කරමින් ඊට අනන්‍ය වූ සංස්කෘතියක් ගොඩනැගීමට මහා සංඝරත්නය ඉටු කළ මෙහෙය අතිමහත් බව ජනාධිපතිවරයා සඳහන් කළේය. බුදු දහමත්, සංස්කෘතියත්, සිංහල ජාතියත් රැකගෙන මෙරට වෙසෙන සෙසු සියලු ජාතීන් සමග සහජීවනයෙන් කටයුතු කිරීමට මහා සංඝරත්නය දෙන දායකත්වය ඉමහත් බව ද හෙතෙම පැවසීය.

නාපාන පේමසිරි නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරිණ.

මහා නායක, අනුනායක නා හිමිවරු ප්‍රධාන මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මැති ඇමතිවරු, ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ දායක සභාවේ සභාපති කරු ජයසූරිය මහතා ඇතුළු දායක සභාව සහ ජනතාව මේ අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එජාප නායක රනිල් වික්‍රමසිංහ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයට… තීරණය හෙට

Next Post

නිරෝධායන කළ ඇඟළුම් සේවිකාවන් 250ක් හාමතේ… සෞඛ්‍ය ගැටලු රැසකටත් මුහුණ දීලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.