බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාකොටික් එකත් සාක්කුවේ දාගෙන කුඩු විකිණූ  මනෝජ් මෙන්ඩිස් කුඩු නඩුවකට පැටලවා  හිරේ යැවූ   ජාතික කබඩි නායකයා අධිකරණයෙන් නිදොස් වී පැමිණ කියන කතාව…

by editor
ජූනි 25, 2024
in පුවත්
දේව චමින්ද ප්‍රසාද් සිය පුතෙක් සහ බිරිය සමග....

දේව චමින්ද ප්‍රසාද් සිය පුතෙක් සහ බිරිය සමග....

Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

ජාතික කබඩි ඉතිහාසක කතාව ඔහු නැතිව ලියැවෙන්නේ නැත.    මෙරට  ජාතික කබඩි කණ්ඩායමේ පළමු  උප නායකයා ඔහුය. රටට පළමු ජාත්‍යාන්තර පදක්කම හිමි කරදුන් කණ්ඩායමේ ඔහු පුරෝගාමියෙක් වූයේය. අනතුරුව අන්තර්ජාතික තරග රැසක ජයග්‍රහණය ලංකාවට ගෙනත් දුන් ශ්‍රී ලංකා ජාතික කබඩි කණ්ඩායමේ  කණ්ඩායම් නායකයා ලෙස ඉතිහාසගත වන විශිෂ්ට ක්‍රීඩකයා දේව චමින්ද ප්‍රසාද් ය.

දේව චමින්ද ප්‍රසාද් සේවය කළේ බන්ධනාගාර නියාමකවරයෙක් වශයෙනි. ඔහු සිය ක්‍රීඩාව   කරනු ලැබුවේත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ  නිලධාරියෙක් ලෙස රැකියාව කරමිනි.  බන්ධනාගාර නිලධාරියෙක් ලෙසත් ජාතික තලයේ ක්‍රීඩකයෙක් ලෙසත් ගෞරවනීය ජිවිතයක් ගත කළ දේව චමින්ද ප්‍රසාද්මේ සමාජය තුළ සිදුවිය යුතු අන්ත නින්දිත දේශපාලන පළිගැනීමකට ලක්ව ජීවිතයේ දශකාධික කාලයක් හිර ගෙවල්වල ලගිමින් නඩු කියමින් ගත කළේය.

දැන් ඔහුට වයස 56කි. එමෙන්ම ඔහු තිදරු පියෙකි.  පසුගිය මැයි මස ඒ වේදනාකාරී නඩුවෙන් ඔහු නිදොස්ව නිදහස් වුනේය.  ඒ වනවිට ඔහුට ඇප නොදී මාස 11කට අධික කාලයක් සිරකර සිටියේය. බන්දනාගාරයෙන් නිදහස් වි පැමිණ අවුරුදු 11කට ආසන්න කාලයක් නඩු කිව්වේය. රටම දන්නා කුප්‍රකට පාතාලයෙක් මෙන්ම ජරාජීර්ණ දේශපාලකයෙක්  වූ මනෝජ් මෙන්ඩිස් නැමැති අශිෂ්ට මනුෂ්‍යයාගේ ඉලක්ක පළිගැනීමට ලක්ව මනෝජ් මෙන්ඩිස්  විසින් පැටලවූ මත්ද්‍රව්‍ය නඩුවෙන් නිදොස් කොට නිදහස් වූ දේව චමින්ද ප්‍රසාද් අවසානයේ දී තමන්ට සිද්ධ වූ ව්‍යසනය රට ඉදිරියේ කියන්නට තීන්දු කර තිබිණි. අප ගලගොඩවත්ත, කුළීගොඩ ඔහුගේ  නිවසට යන්නේ ඒ කතාව රටට කියන්නටය.

කෙටි ආ ගිය පිළිඳරකින් පසු ඔහුට ඒ කතාව කියන්නට ඇරයුම් කළෙමි. මේ  අපේ ජාතික ක්‍රීඩකයෙකුගේ දුක්ඛිත කතාවය.

දේව චමින්ද ප්‍රසාද්…

“මගේ උපන් ගම තොටගමුව. මට මල්ලියි නංගිලා දෙන්නයි ඉන්නේ. මම පවුලේ වැඩිමලා. අ  මම ඒ කාලේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළින් පසු 1991දී මම මහරගම තරුණ සේවා සභාවේ වොලි බෝල් කණ්ඩායමට බැදෙන්න සම්මුඛ පරික්ෂණයකට ගියා. එදා තිබුණු සම්මුඛ පරික්ෂණයෙන්  මා ඇතුළුව 12 දෙනෙක් තෝරා ගත්තා කියලා 1991.09.01 වැනි දින මට දැනුම් දුන්නා.”

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“ඉතින් මම 1991 ඉඳන් ජාතික තරුණ සේවා සභාව නියෝජනය කරමින් වොලි බෝල් ක්‍රීඩා කළා.  ඒ අතරේ 1993 වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්විමට නියමිතව තිබූ   දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලට (සාෆ් ක්‍රිඩා උළෙල) යැවිම සදහා ජාතික තරුණ සේවා සභාව විසින් කබඩි කණ්ඩායමක් සුදානම් කළා. ඒ සඳහා මමත් තෝරා ගත්තා ජාතික තරුණ සේවා සභාව විසින්.”

“ඒ වෙනකොට ලංකාවට ජාතික කබඩි කණ්ඩායමක් හිටියේ නෑ. කබඩි කියන්නේ මොකද්ද කියලවත් දැනගෙන හිටියේ නෑ. කොහොමහරි ජාතික තරුණ සේවා සභාවේ මැදිහත් විමෙන් ලංකාවේ පළමු වරට ජාතික කබඩි කණ්ඩායමක් නිර්මාණය කළා. මම එහි සිටි ලාබාලතම ක්‍රීඩකයා. අපි දෙන්නෙක් ඇරෙන්න අනිත් සියළුම ක්‍රීඩකයන් යුධ හමුදාවේ ,පොලිසියේ, ගුවන් හමුදාවේ වගේ ආරක්ෂක අංශවල රාජකාරී කළ අය. “

“අපි ඉතා කෙටි කලක් තුළ පුහුණු වෙලා 1993 දෙසැම්බර් මාසේ බංගලාදේශයේ පැවති සාෆ් ක්‍රීඩා උළෙලට ගියා. ඒක ඓතිහාසික ගමනක්. මොකද ලංකාව නියෝජනය කරමින් කබඩි කණ්ඩායමක්  ඉදිරිපත් වුණු පළමු අවස්ථාව මෙය නිසා. අපි දවස් 10ක් බංගලාදේශයේ හිටියා. අපිට එම තරගාවලියේදි ස්ථානයක් හිමිකර ගන්න බැරි වුණා.”

“මම දිගටම ජාතික තරුණ සේවා සභාව එක්ක එකතු වෙලා මේ විදියට ක්‍රිඩා පුහුණු විම් හා ක්‍රීඩා තරග වලට සහභාගි වෙමින් සිටියදී 1994දී පත්තරයක තිබුණා බන්ධනාගාර නියාමකවරුන් බදවා ගන්නවා කියලා. මම සම්මුඛ පරීක්ෂණයට ගියාම එකෙන් මම පාස් වුණා. ඒ අනුව 1994.07.01 වන දින බන්ධනාගාර නියාමක වරයෙක් ලෙස ගාල්ල බන්ධනාගාරයට මට පත් විම ලැබුණා. මම බන්ධනාගාර නියාමකවරයෙක් ලෙස රාජකාරියට ගියාට   ජාතික කබඩි කණ්ඩායම නියෝජනය කළ ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකු නිසා මට ක්‍රිඩා තරග වලට යන්න බන්ධනාගාරයෙන් මාව නිදහස් කළා.

පළමු ජාතික කබඩි කණ්ඩායම

1993 තමයි මෙරට ප්‍රථම ජාතික කබඩි කණ්ඩායම බිහි වෙන්නේ. එවකට මම කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කළේ. කබඩි කණ්ඩායම ආරම්භ කිරිමෙන් පසු දෙවන වරට අපි 1995 දී ඉන්දියාවේ තිබුණු සාෆ් ක්‍රීඩා උළෙලට සහභාගි වුණා. එහිදිත් අපිට ස්ථානයක් හිමිකර ගන්න බැරි වුණා. පසුව අපිට මේ සම්බන්ධයෙන් ඉන්දියාවෙදී මාස 06ක පුහුණුවක් දුන්නා 1996 වසරේදී. පුහුණුවෙන් පසු 1998 වසරේ බැංකොක්වල තිබුණු ආසියාතික තරගයට අපි සහභාගි වෙලා සිව් වන ස්ථානය හිමි කරගත්තා. ඒක තමයි ලංකාවේ ජාතික කබඩි කණ්ඩායම හිමි කරගත් ප්‍රථම ජයග්‍රහණය වුනේ.

දේව චමින්ද ප්‍රසාද් ජාතික කබඩි කණ්ඩායමේ නායකයා ලෙස ( ක්‍රීඩයින් දෙපෙළ අතර දකුණුපස ඉදිරියෙන්)  අන්තර්ජාතික තරගයක් අතර….

ඊට පස්සේ 2000 වසරේ පැවති සාෆ් ක්‍රීඩා තරගාවලියේදි අපි දෙවන ස්ථානය හිමි කර ගත්තා. එම අවස්ථාවේ ප්‍රථම ස්ථානය හිමි කර ගත්තේ ඉන්දියාව. එදා අපි ලංකාවට එනකොට මහ ඉහළින් අපිව පිළිගත්තා. එම තරගාවලි වලදි වැඩිම දක්ෂතා පෙන්වීම නිසා 2001 වසරේදි ජාතික කබඩි කණ්ඩායමේ නායක කම මට ලැබුණා. මගේ නායකත්වය යටතේ පැවති තරග රැසකින්ම මම ලංකාවට ජයග්‍රහණ හිමි කර දුන්නා.

මම 2006 වෙනකම් ජාතික කබඩි කණ්ඩායමට සෙල්ලම් කළා. ඒ වන විට මට ගොඩක් ඉන්ජරීස් (අස්ථි බිදීම් හා තුවාල) වෙලා තිබුණේ. පසුව මම 2006 දී ක්‍රිඩාවට සමුදිලා බන්ධනාගාර නියාමක රස්සාව කරගෙන යන්න තීරණය කළා. මේ කාලය අතරතුර විශාල අභියෝගවලට මුහුණ දෙන්න වුනා. සුනාමියට මගේ නිවස අසුවෙලා සියලුම සම්පත් මට නැති වෙලා ගියා. කොහොම හරි  රස්සාව කරගෙන ඉද්දී මම 2006 දී ගලගොඩවත්ත, කුළීගොඩ මෙම නිවසට පදිංචියට ආවා. මේ ආවට පස්සේ තමා මට තවත් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න වුණේ.

මනෝජ් මෙන්ඩිස් ගේ දේශපාලන ජඩකම්

මගේ ගමේ කෙනෙක් වුණු මනෝජ් මෙන්ඩිස් රත්ගම ප්‍රාදේශීය සභාවට තරග කළා. මගෙනුත් එයා සහාය ඉල්ලුවා. ඉතින් මම ඒ වෙලාවේ මගේ උපරිම සහාය එයාට දුන්නා. මනෝජ් මෙන්ඩිස්ට ඒ වන විටත් ගොඩක් සම්බන්ධකම් තිබුණා ඉහළ නිළධාරීන් හා පොලිසියේ ඉහළ අය සමග. කොහොම හරි ජන්දයෙන් මනෝජ් මෙන්ඩිස් රත්ගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති වුණා.

දෙවන වර ජන්දය පවතින කොටත් මගෙන් යළි පෙර පරිදිම මනෝජ් සහාය ඉල්ලුවා. ඔහු බොහෝ දේ බළහත්කාරයෙන් හෝ කරගන්න චරිතයක් ඒ වන විටත්. හැබැයි ඒ වෙලාවේ මම මනෝජ් මෙන්ඩිස්ට සහාය දුන්නේ නෑ. එයාගේ ප්‍රතිවාදියත් ඒ වන විට මම හොඳට දන්න කෙනෙක්. එයත් මගේ පවුලේ අයගේ සහාය ඉල්ලුවට මම මොකුත් කියන්න ගියේ නෑ. නමුත් කවුරු හරි කේළමක් කියලා මම මනෝජ් මෙන්ඩිස්ට උදව් නොකර එයාගේ ප්‍රතිවාදියාටඋදව් කරනවා කියලා.

2011දී මනෝජ් හා ඔහුගේ ප්‍රතිවාදියා අතර ගැටුමක් ඇති වුණා. එහිදි එක් අයෙකු මිය ගියා. එම සිද්ධියට මනෝජ් සිරගත වෙනවා. සිරගත වෙලා ඉද්දිම තමයි මැතිවරණය පැවතුනේ. ඉන් ඔහු සභාපති ධුරයට පත් වෙනවා. හිරගෙදර ඉඳගෙනම තමයි එවර මනෝජ් මෙන්ඩිස් සභාපති ලෙස දිවුරුම් දුන්නේ.

ඒ කාලේ ඕ.අයි.සී ලා පවා මනෝජ්ට බයයි. මොකද මනෝජ්ගේ අණට කීකරු නැතිනම් ඕ.අයි.සී පට්ටම දමලා යන්න වෙන නිසා. ඉතින් මනෝජ් මෙන්ඩිස්ට ඕනි විදියට තමා හැමදේම වෙන්නේ. කොහොම හරි මිනි මැරුම් සිද්ධියට මනෝජ් මෙන්ඩිස් සිරගත වුණාම ඔහු මගෙන් විවිධ උපකාර බලාපොරොත්තු වුණා. හැබැයි මට රාජකාරි මට්ටමෙන් ඒ උපකාර කරන්න පුළුවන් කමක් තිබුණේ නෑ. ඒ නිසා ඔහු තවත් මගෙත් එකක් වෛර බැදගත්තා.

මම එළියට ආවම උඹ ගැන බලාගන්නම් කිව්වා. මම ඉතින් ඒවා ගනන් ගත්තේ නෑ. දිගින් දිගටම හිරේ ඉද්දි මනෝජ් මෙන්ඩිස් මට බළපෑම් කළා. මම ඒ කිසිවක් දෙපාර්තමේන්තුවට වාර්තා කරන්න ගියේ නෑ. මොකද කළු ගලේ ඔළුව ගහගන්න බැරි නිසා.

කොහොම හරි මාස කීපයකින් මනෝජ් ඇප ලබා පැමිණියා. එහෙම ඇප ලබා ආව මනෝජ් මගෙන් දිගින් දිගටම පළිගන්න පටන් ගත්තා හිරේදි උදව් කළේ නෑ කියලා. නිතර නිතර පොලිසියෙන් මගේ ගෙදරට ඇවිත් පරීක්ෂා කරන්න ගත්තා. මේ හිටි හැටියේ පොලිසියෙන් ගෙදරට කඩා පනිනවා මත් ද්‍රව්‍ය තියෙනවා කියලා පෙත්සම් ආව කියලා. එන නිළධාරීන්ගෙන් කෙනෙක් මට දවසක් කිව්වා මේක මනෝජ් මෙන්ඩිස්ගෙ වැඩක් කියලා. දිගින් දිගටම මට කරදර වැඩි නිසා මම බන්ධනාගාර කොමසාරිස්ට කියලා ත්‍රිකුණාමලයට මාරුවක් අරගෙන ගියා 2012 වසරේදී.

මම මේ කිසිවක් ගැණ පැමිණිලි කරන්න ගියේ නෑ. මොකද තේරුමක් නැති බව මම ඒ වෙලාවේ දැනගෙන සිටියා. ත්‍රිකුණාමලයේ ටික කාලයක් වැඩ කරලා මම යළි ස්ථාන මාරුවක් අරගෙන මාතර බන්ධනාගාරයට ආවා. 2013.05.13 මම ත්‍රිකුණාමලය බන්ධනාගාරයෙන් නිදහස් කළා. 2013.05.15 දින මම මාතර බන්ධනාගාරයේ වැඩ බාරගන්න ගියා.

බොරු නඩුව පැටලවීම

ඒ එනකොට මනෝජ්ගේ කට්ටිය කියලා තිබුණා මම යළි මෙහේ බන්ධනාගාරයකට මාරුවක් අරන් ඇවිත් කියලා.

කොහොම හරි 2013.05.15 මම උදේ පාන්දර 5.30ට ගෙදරින් බයික් එකෙන් ප්‍රධාන පාරට ගිහින්  බිරිඳගේ මහ ගෙදර  බයික් එක දමලා   මාතර බන්ධනාගාරයේ වැඩ බාරගන්න ගියා. එදා වැඩ කරලා යළි මම බිරිදගේ මහ ගෙදරට එනකොට වෙලාව සවස 6ට විතර ඇති. මම යනකොට අම්මා තේ එකක් හදලා තිබ්බා. මම තේ එක බිබි ඉන්නකොට සිවිල් ඇඳුමෙන් තුන් දෙනෙක් ගෙදරට ආවා. ඒ ආව අය   මනෝජ් මෙන්ඩිස්ගේ හිතවත් තිදෙනෙක්. එයාලා වැඩ කළේ හික්කඩුව පොලිසියේ ස්ථාපිත කරලා තිබුණ මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ. කුමක් හෝ යමක් වෙන්න යන බව මට ඒ වෙලාවෙදි තේරුණා. ඒ ආව තුන් දෙනා කිව්වා පෙත්සමක් ඇවිත් තියෙනවා .කට උත්තරයක් ගන්න එන්න යන්න කිව්වා.

මම දන්නවනේ මේ වෙන්න යන්නේ පළිගැනීමක් කියලා. මම බෑ කිව්වම ඒ තුන් දෙනා මාව බලෙන් උස්සගෙන යන්න හැදුවා. මම කෑ ගහනකොට ගමේ අය එකතු වුණා. මොකද මේ වෙනකොට ගමේ අය පවා දන්නවා මනෝජ් මෙන්ඩිස් හිරේ ඉද්දී  මම එයාට උදව් නොකළ නිසා මගෙන් පළි ගන්න ඉන්නේ කියලා.

පස්සේ කොහොම හරි මේ ආව තුන් දෙනාගෙන් සංජිව කියන පොලිස් නිළධාරීයා හික්කඩුව පොලිසියට කතා කරලා ඕ.අයි.සී. ඇතුළු නිළධාරීන් කීප දෙනෙක් ගෙනාවා එතනට. ඕ.අයි.සී. ඇවිත් මට කිව්වා බය වෙන්න එපා. කට උත්තරයක් ගන්නනේ යන් කියන්නේ. ඔයා යන්න මේ අයත් එක්ක කියලා ගියා. මම ඒ වචන්ය විශ්වාස කළා.

දේව චමින්ද ප්‍රසාද් සිය බිරිය සමග…

පොලිසියට පෙර මනෝජ් මෙන්ඩිස් හමුවට

ඒ ආවා නාකොටික් අය මගේ අත් දෙකට ගෙදරදීම මාංචු දමලා මූණත් රෙදි කෑල්ලකින් වහලා  ගමේ අයට පෙන්න පෙන්නා මම ටික දුරක පයින් එක්කගෙන ගියා. කෙළින්ම  එයාලා මාව එක්කගෙන ගියේ මනෝජ් මෙන්ඩිස්ගේ ගෙදරට. එහෙට එක්කගෙන ගිහින් එයාට මාව පෙන්නලා පොලිසියට ගෙනාවා. ඒ ගෙනත් මට පොලිසියෙන් හෙරොයින් ග්‍රෑම් 2යි මිලි ග්‍රෑම් 38ක් සන්තකයේ තියා ගත්තා කියලා උසාවි දමලා මාව රිමාන්ඩ් කළා. මට ඇප ගන්නම දුන්නේ නෑ.

කොහොම හරි මම මාස 11යි දවස් 21ක් හිරේ ඉදලා ඇප ලබා පැමිණියා. හිරේ ඉඳන් ඇවිත් ටික දවසකින් නඩුවට යටත්ව කියලා යළි මම සේවයේ පිහිටෙව්වා.

මට බොරු නඩුවක් පැටලුව එක් පොලිස් නිළධාරියෙක් මගෙන්ම මේ නඩුවට බොරු සාක්කි දෙන්න කියලා රු.ලක්ෂ 25ක අල්ලසක් ගනීද්දී 2015.11.03 අල්ලස් නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළා. අල්ලස් නිළධාරීන් ඉදිරියේ පවා නාකොටික් එකේ නිළධාරියා පිළීගත්තා මනෝජ් මෙන්ඩිස්ගේ කීමට මට බොරු නඩුවක් පැටලුවා කියලා.

අවුරුදු 11කට පසු නිදොස් කොට නිදහස් වීම

කොහොම හරි අවුරුදු 11ක් මට නඩු කියන්න වුනා මේ සිද්ධියට. මේ නඩුව නිසා මගේ දරුවන්ට පවා කිසිදු රැකියාවකට යන්න බැරි වුණා. මේ නඩුවට අදාලව තින්දුව බළපිටිය මහාධිකරණ විනිසුරු ආර්.එස්.ඒ.දිසානායක මහතා විසින් 2024.05.13 වන දින ප්‍රකාශයට පත් කළා. බළපිටිය මහාධිකරණ විනිසුරු තුමන් සිය තින්දුව ප්‍රකාශයට පත් කරමින් මම සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළා.

“එහිදී තීන්දුවට ප්‍රකාශයට පත් කරමින් මෙම නඩුවේදි පොලිසිය කටයුතු කළ ආකාරය පිළිබදව මහාධිකරණ විනිසුරු වරයාගේ දෝෂ දර්ශනයට ද  ලක් වුණා.”

“ඒ විතරක් නෙමේ මගෙන් පළිගන්න කටයුතු කළ හැමෝටමත් මෙලෝ වශයෙන්ම විපාක දුන්නා”

“මට දැන් අවුරුදු 56ක් වෙනවා. මට ඉන්නේ පුතාලම තුන් දෙනෙක්. ඒ තුන් දෙනාම උසස් පෙළ ලියලා පාස් වෙලා ඉන්නේ. මේ තුන්දෙනාගෙම එකම ආශාව වුනේ රට වෙනුවෙන් පොලිසියට හා විශේෂ කාර්ය බළකායට බැදෙන්න. පුංචි කාලේ ඉදලම ඒක තමා ආශාව වුනේ. අදටත් මේ තුන් දෙනාම පොලිසියේ හා එස්.ටී.එෆ්.එකේ සම්මුඛ පරික්ෂණවලට ගිහින් ඉහළින්ම පාස් වෙලා තියෙන්නේ. නමුත් මේ සිද්ධිය විසඳෙනකල් ඒ අයට ජිවිතයෙ සෑහෙන කාලයක් අපතේ හරින්න සිද්ධ වුනා.

“මට අවසන් වතාවට කියන්න තියෙන්නේ කිසිම කෙනෙකුට මේ විදියට අපහසුතාවට ලක් කරන්න කටයුතු කරන්න එපා කියලයි මම පොලිස් නිළධාරීන්ගෙන් ඉල්ලන්නේ” යැයි පැවසිය.

ඒ සිදුවුන ව්‍යසනයේ වන්දිය ඒ මිනිසාට අය කරගත නොහැකිය. එය වන්දි ගෙවි පියවිය හැකි අපරාධයක් නොවන බැවිනි.  මැරයින්, කුඩුකාරයින්, මිනීමරුවන්, පාතාලයන් මිනිස්සුන්ගේම ඡන්දයෙන්  දේශපාලන බලය ලබාගෙන පැමිණ මිනිස් ජිවිත තුට්ටුවට දමා විනාශ කිරීමේ වරද ඒ දේහපාලකයින්ගේ වරදක්   පමණක් නොවන බව ලියා තබමි.

මේ ව්‍යසනය අප අපම විසඳා ගත යුතු එකක් බව දේව චමින්ද ප්‍රසාද්ගේ නිවසින් පැමිණෙන අතර කල්පනා කළෙමි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය මැර ධීවර කොල්ලකරුවන් විසින් අනතුරට ලක් කිරීමෙන් නාවික හමුදා විශේෂ බලගණයේ සෙබලෙක් මිය යයි!

Next Post

යක්කලමුල්ල නිවසක් තුළ පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කරලා…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.