අද පෙරවරුවේ කොළඹ දක්වා ධාවනය වන දුම්රිය අවලංගු කිරීම ට විරෝධය දැක්වූ ජනතාව දුම්රිය ස්ථානාධිපතිවරයාට දැඩි විරෝධයක් එල්ල කිරීම හේතුවෙන් එය යළි ධාවනය කිරීමට සිදු වී තිබේ.
ජනාධිපතිවරයාට සහ රජයට විරෝධතාව පළ කරමින් අද කොළඹ දී පැවැත්වෙන විරෝධතාව සඳහා සහභාගී වීමට අද අලුයම සිට දුම්රිය බලාපොරොත්තුවෙන් විශාල පිරිසක් රැඳී සිටි අතර ඔවුන් දුම්රිය අවලංගු කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල කර ඇත.
මෙම විරෝධතාව හමුවේ දුම්රිය ස්ථානාධිපතිවරයා සිය ජනතාවගේ දැඩි ඉල්ලීම හේතුවෙන් මෙම දුම්රිය ධාවනය කිරීමට සිදුවන බව ලිඛිතව දන්වමින් මහනුවරින් එම දුම්රිය පිටත් කර යැවීමට කටයුතු කර ඇත.
කෙසේ වෙතත් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු යළි සුපුරුදු ලෙස දුම්රිය ධාවනයට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.







