ශ්‍රියානි විජේසිංහ –
අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිව රජයේ රෝහල් පද්ධතිය පවත්වාගෙන යාමට සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
හෘද රෝගීන්ට, දියවැඩියා රෝගීන්ට, අධිරුධිරපීඩන රෝගීන්ට, වකුගඩු රෝගීන්ට ලබා දෙන ඖෂධ හා හදිසි සැත්කම්වලින් පසුව ලබා දිය යුතු අත්‍යවශ්‍ය ඖෂධ තබා මිල අඩු ඖෂධ සහ එන්නත් වර්ගද රෝහල් තුළ නොමැති බව වාර්තාවේ.
රෝගීන් බහුතරයකට රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන විට අවශ්‍ය ඖෂධ වර්ග පිටතින් ගෙන ඒමට සිදුව ඇති අතර ඇතැම් ඖෂධ පෞද්ගලික ඔසුසැල්වල පවා නොමැති බව රෝගීන්ගේ ඥාතීන් රෝහල්වෙත පැමිණ දැනුම් දෙන බව වාර්තාවේ.
කෙසේ නමුත් පෞද්ගලික ඔසුසැලිවල නොමැති වුවත් පෞද්ගලික රෝහල්තුළ පවත්වාගෙන යන ඔසුසැල්වල පිටත ඔසුසැල්වල නොමැති ඖෂධ වර්ග සියල්ලම පාහේ පවතින බවත් ඒවායේ මිල ගණන් අධික බවත් රෝගීන් පවසන බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලංකාසර කළ විමසුමකදී පැවසුවේය.
ජාතික ඖෂධ අධිකාරිය, වෛද්‍ය සැපයුම් අංශය කලට වේලාවට ඖෂධ ඇනවුම් නොකිරිම හේතුවෙන් මෙවැනි තත්වයක් උදා වි ඇති බවද පැවසේ







