2023.12.17 දින සිට 2023.12.24 වන දින පැය 0030 දක්වා කාලය තුල “යුක්ති මෙහෙයුමට” යටතේ දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම් වලදී අත් අඩංගුවට ගත් සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් සම්බන්ධ ගණන් මිනුම් මාධ්‍යයට නිකුත් කර තිබේ.
එම ගණන් පහත පරිදි වේ.
හෙරොයින් 09kg 82g
අයිස් 04kg 679g
ගංජා 272kg 967 g
ගංජා පැල 944,651
මාවා 117kg 312g
ඈෂ් 35kg 752g
හෂීෂ් 989g
තූල් 03kg 154g
කුෂ් 520g
මත්පෙති 65,924
- මෙම මෙහෙයුමේ වලදී මුලු සැකකරුවන් 13,666 ක් අත්අඩංගුවට ගෙන ඇති ඇත. ඉන් සැකකරුවන් 717 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
- එසේම, සැකකරුවන් 174 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 1097 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ඇත.
- එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 4665 දෙනෙකු අතුරින් මේ වන විට සැකකරුවන් 1107 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.







