මනම්පිටිය නිමල් ජයරත්න –
නොකඩවා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයෙන් දොරටු හතරක් අද (14) සවස අඩි එක බැගින් විවෘත කිරීමට කටයුතු කළ බව එහි ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ගමගේ ශාන්ත සඳහන් කළේය.

එම දොරටු හතරෙන් තප්පරයට ඝන අඩි 606 ක ජල කඳක් මහවැලි ගඟට මුදා හැරෙන බව ඔහු වැඩිදුරටත් කීය.
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ මේ වනවිට අක්කර අඩි එක්ලක්ෂ නවදාහක 109,000.00 ක ජලධාරිතාවක් පවතින බවද ඔහු පැහැදිලි කළේය.
පරාක්‍රම සමුද්‍රයේ එලෙස වාන් දොරටු විවෘත කළද පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය ජලයෙන් යටවීමේ අවදානමක් නොමැති බව පොළොන්නරුව ආපදා කළමනාකරන සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහාකොන් අප කළ විමසීමකදී පැවසීය.







