අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ධම්මික පෙරේරාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු වෙයි!

by editor
ජූනි 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  99 -අ   වගන්තිය යටතේ ජාතික ලයිස්තුවෙන්  තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ   ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරික ධම්මික පෙරේරා   පත් කිරීම අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය  සහ එහි විධායක අධ්‍යක්ෂවරයා මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර තිබේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය  සිය ස්ථාවරය ලෙස දක්වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99අ වගන්තියට අනුව  එවැනි පුරප්පාඩුවක් පිරවීම සඳහා පුද්ගලයෙකු  නම් කිරීමට අයිතියක් ඇත්තේ අදාළ දේශපාලන පක්ෂය විසින් ඉදිරිපත් කරන දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රවල හෝ ජාතික ලැයිස්තුවේ ඔහුගේ නම ඇතුළත් කර ඇත්නම් පමණක් බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99අ ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ   මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ ලැයිස්තුවේ හෝ 2020 මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කිසිදු මැතිවරණ දිස්ත්‍රික්කයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයක ධම්මික පෙරේරාගේ නම නොතිබුණි. .

වැවිලි ක්ෂේත්‍රයේත්,  විදුලිබල ක්ෂේත්‍රයේත්, බලපත්‍ර ලාභී වාණිජ බැංකුවලත්,  කල්බදු ආයතන, පාරිභෝගික භාණ්ඩ අලෙවිය පිළිබඳ ඇතුළු පැතිරුණ ව්‍යාපාර ක්ෂේත්‍රයක හිමිකාරීත්වය  දරන පෙරේරා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ඇතැම්විට කැබිනට් අමාත්‍යවරයකු ලෙස පත්වීම හේතුවෙන්   පක්ෂග්‍රාහීත්වය සහ සහසම්බන්ධතා පිලිබඳ විඝටනය ඇතිවන ආකාරය ද  පෙත්සම් මගින් ඉස්මතු කර දක්වයි.

මේ තත්ත්වය යටතේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1)(ඉ) වගන්තිය යටතේ  මෙවැනි තැනැත්තෙක්   පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුසු බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පෙන්වා දෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව, ධම්මික පෙරේරාගේ පත්වීම  , අත්තනෝමතික, අතාර්කික, දැඩි ලෙස අසාධාරණ, සහ  නීතියට පටහැනි පත්කිරීමක්  බවත්, මේ තත්ත්වය පරීක්ෂා නොකළහොත් ශ්‍රී ලංකාවේ ජනතාවට පමණක් නොව නීතියේ ආධිපත්‍යයටම   ආපසු හැරවිය නොහැකි බරපතල  හානියක් සහ අගතියක් ඇති කරන බවත් විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රය දක්වයි.

මෙම පත්කිරීම 10 වැනි වගන්ති යටතේ සහතික කර ඇති ශ්‍රී ලංකාවේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පෙන්වා දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආහාර සුරක්ෂිතතාවයේ වැදගත්කම ගැන ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්….

Next Post

තමන්ව තමන්ටම විවාහ කරගත් ඉන්දියානු තරුණිය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.