බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ධනවතුන්ගේ ලෝකය මත් කළ ඉෂාර්ඩ් බායි ඇතුළු 03ක් වලානෙන් අත් අඩංගුවට ගනී!

by editor
දෙසැම්බර් 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

වැල්ලවත්ත සුපිරි මහල් නිවාස සංකීර්ණයක රැදි සිටින සුපිරි ධනවතුන්ගේ පරිහරණය සදහා කොකේන් හා කූෂ් මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ජාවාරම් කරනු ලබන ඉර්ෂාඩ් බායි නැමැති අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ ජාවරමේ යෙදුන තවත් සැකකරුවන් දෙදෙනෙක්  අත් අඩංගුවට ගැනීමට වලාන මධ්‍ය දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය ඊයේ රාත්‍රියේ දී  (13) සමත් වුනේය.

අත්අඩංගුවට ගන්නා ලද 26 හැවිරිදි   ඉර්ෂාඩ් බායි   වැල්ලවත්ත කොලින්වුඩ් පාර පිහිටි සීගල් එපාර්ට්මන්ට් නැමැති සුපිරි මහල් නිවාස සංකිර්ණයේ දෙවැනි මහලේ නිවාසයක් මාසයකට රු. 1,80,000/ = ක මුදලකට කුලියට ගෙන මෙම ජාවාරමේ නිරත වී ඇත.

දැනට බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවනු ලබන මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මහමොළකරු වන මොහු දිවයිනපුරා පිහිටි සුප්‍රසිද්ධ රාත්‍රි සමාජශාලා සඳහා මෙන්ම ඉහළ පෙළේ රැකියාවන් කරන ධනවතුන් සහ පෞද්ගලික විශ්ව විද්‍යාලවල උසස් අධ්‍යාපනය ලබන සුපිරි ධනවතුන්ගේ දරුවන් ඉලක්ක කර ඉතා රහසිගතව හා සුක්ෂම අයුරින් මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇති බව අනාවරණය වී තිබේ.

අත් අඩංගුවට ගත් අනෙක් පුද්ගලයින් දෙදදෙනා ඉෂාර්ඩ් බායිගේ මත් කුඩු ජාවාරම සඳහා යෙදවූ  මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සහ 26 හැවිරිදි කුලී සේවකයින් දෙදෙනෙකි.    අවශ්‍ය ස්ථාන වෙත කොකේන් හා කුෂ් මත්ද්‍රව්‍ය රැගෙන ගොස් ඇත්තේ මේ කුලී සේවකයින් විසිනි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි මෙම සැකකරුවන් දෙදෙනා සන්තකයේ ඉල්ලුම් කරන ලද මත්ද්‍රව්‍ය ඇනවුම් සහිත මත්ද්‍රව්‍ය  ද අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මත්ද්‍රව්‍ය ලෝලි සුපිරි ධනවතුන් විසින් මෙම මත්ද්‍රව්‍ය ඇණවුම් කිරීමේදි මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 ක් ඉල්ලා සිටින අවස්ථාවේදි  මිලි ග්‍රෑම් 200 බැගින් අඩු කර  මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 මිලි ග්‍රෑම් 800ක්    ග්‍රෑම්  02 ක වෙළදපොල වටිනාකමට ජාවාරම් කර ඇති බව ද  අනාවරණ වී තිබේ.

මෙහෙයුම දියත් කළ කණ්ඩායම…

වලානේ පිහිටි මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඉන්දික වීරසිංහ වෙත ලද තොරතුරකට අනුව    විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා  ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම මෙහෙයුමේ දී සැකකරුවන් තිදෙනා සමග රුපියල් ලක්ෂ 06 කට අධික කොකේන් ග්‍රෑම් 40 ක් සහ හා කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 206.6 ක්   එම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන තිබු  රුපියල් දහ අට ලක්ෂ හැත්තෑ පන් දහසක්,    ජාවාරම සදහා භාවිතා කල ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 05 ක්, ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් ගණුදෙනු කළ ATM කාඩ් පත් 02 ක්, මෙම මත්ද්‍රව්‍ය තොගය මිනුම් කර පැකට් කිරීම සඳහා යොදා ගන්නා ලද ඉලෙක්ට්‍රෝනික් තරාදියක්, මත්ද්‍රව්‍ය පැකට් කිරීම සදහා යොදා ගන්නා වැකුම් ෂිලර් යන්ත්‍රයක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගනු ලබන මුදල් ගණනය කිරීම සඳහා භාවිතා කරන මුදල් ගණින යන්ත්‍රයක්ද සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා වැල්ලවත්ත පොලිස් ස්ථානයට ඉදිරිපත් කරන ඇත.

මෙම වැටලීම වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්‍ෂ, පොලිස් අධිකාරි, කේ.ඒ. උදය කුමාර  නියෝග පරිදි ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් උ.පො.ප. ජයවීර, පො.සැ. 51068 පුෂ්පකුමාර, පො.කො.කො. 89056 පෙරේරා, 100677 ලක්ෂිත, 104327 දිල්ෂාන්, 104547 කුරුකුලසුරිය, 105086 කේසුමාරන්, 105103 ප්‍රනාන්දු, පො.කො.රි. 89631 අබේරත්න යන නිලධාරීන් කණ්ඩායම විසින් සිදු කරන ලදී.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කථානායක ධූරයට නම් තුනක්…

Next Post

ගොඩබිම දී ඉතිහාසයේ විශාලම කුඩු තොගය අත් අඩංගුවට ගත් ගන්දර පොලිස් මෙහෙයුම අතර කෝටි හත හමාරක කුඩු කිලෝ 05ක් අතුරු දහන්… පොලිස් ගේමක් දැයි සීඅයිඩිය සොයයි….

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.