ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය සිල්වාගේ සහෝදරායාවන වන සාවිත්‍ර සිල්වා ට පාතාලයේ මැර කල්ලියක සාමාජිකයින් විසින් තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පාතාලයට සම්බන්ධ යැයි කියන ඉන්දික සුරංග සොයිසා නොහොත් රත්මලානේ සුද්දා යන අය විසින් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු සමග එක්ව අද රාත්‍රියේ 7.30ට පමණ මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
ධනංජය ද සිල්වාගේ පියාවන රන්ජන් ද සිල්වා වර්ෂ 2018 දී පාතාලයේ වෙඩි පහරකින් ඝාතනය වූයේය. ඔහු දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු නගරසභා මන්ත්‍රීවරයෙකි. එම තර්ජන මේ වනවිටත් පවතින ආකාරය මේ නවවිට පැහැදිලි වෙමින් තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ සාවිත්‍ර සිල්වා මොරටුව ලුනාව රෝහල වෙත ඇතුළත් කර ඇති අතර තුවාලකරුගේ තත්ත්වය බරපතළ නොවන බවද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







