දොඩම්ගස්ලන්ද – උඩත්තාපොළ පුරාණ විහාරස්ථානයේ නායක හිමියන් වූ ගල්නෑවේ පඤ්ඤාකිත්ති හිමියන් ඉලක්ක කරගෙන ඊයේ (24) රාත්රියේ වෙඩි ප්රහාරයක් එල්ල කර ඇති බව මදුරාගොඩ පොලීසිය පවසයි.
වෙඩි ප්රහාරය එල්ල වී ඇත්තේ ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් බවට සැක ඇතිකරන ආකාරයේ තොරතුරු ලැබී තිබේ.
මෙම වෙඩි ප්රහාරය එල්ලවන්නේ ඊයේ රාත්රියේය. ඊට පෙර නායක හාමුදුරුවන් වහන්සේ ඊයේ උදේ වරුවේ මදුරාගොඩ පොලිසියට ගොස් තමන්ට මරණීය තර්ජන ඇති බවට පැමිණිල්ලක් ද සිදුකර තිබී ඇති බව විමර්ශන ආරංචි මාර්ග කියයි.
අනතුරුව රාත්රීයේ සැතපෙන විට නායක හාමුදුරවන් තමන්ගේ සුපුරුදු ආවාසයේ නොසිට පන්සලේ වෙනත් තැනකට ගොස් සැතපී ඇති නිසා වෙඩි ප්රහාරයෙන් උන්වහන්සේට කිසිම අනතුරක් සිදුවී නැත.
මදුරාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







