විද්‍යුත් මෝටර් රථ එකලස් කිරීම මෙන්ම දේශීය වශයෙන් භාවිතය ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය දිරිගැන්වීම් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය කතාවේදී සඳහන් කළේ ය.
ඒ අනුව මෝටර් වාහන එකලස් කිරීම සිදුකරනු ලබන ආයතන විසින් අවම වශයෙන් සියයට 25ක දේශීය අගයක් එකතු කරන හා කොටස් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආයතන සඳහා පමණක් සමාජ ආරක්ෂණ බද්ද ඉවත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය.
දේශීය විද්‍යුත් මෝටර් රථ උපාංග නිෂ්පාදන කර්මාන්තයේ දියුණුව සඳහා දේශීය අගය එකතු කිරීම හා දේශීය නිෂ්පාදිත විද්‍යුත් මෝටර් රථ උපාංග භාවිතා කරනු ලබන බවට සහතික කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පද්ධතියක් ස්ථාපනය කිරීමට යෝජනා කර ඇත.
සියලුම ලියාපදිංචි විද්‍යුත් මෝටර් රථ උපාංග නිෂ්පාදකයින් හා අනුමත දේශීය විද්‍යුත් මෝටර් රථ එකලස් කරන ආයතන සම්බන්ධ කිරීම මෙම පද්ධතිය මඟින් සිදු කෙරේ.
සෑම විද්‍යුත් මෝටර් රථ එකලස් කරන ආයතනයක් විසින්ම දේශීය ලබාගන්නා මෝටර් රථ උපාංගවල වටිනාකම සහ එකලස් කරනු ලබන මෝටර් රථවලට දේශීය අගය එකතු කිරීමේ ප්‍රතිශතය ස්වයංක්‍රීයව සහතික කිරීමට ද හැකිවන ලෙසට පරිගණක තොරතුරු හුවමාරු ක්‍රමවේදය, කර්මාන්ත අමාත්‍යංශය මඟින් සකස් කර නඩත්තු කළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.







