මැයි 09 අපරාධය වළක්වා නොගැනීම සම්බන්ධව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පවත්වන්නට නියම කර ඇති විනය පරීක්ෂණය පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් ඉවත් කිරීම සඳහා අදිසි බලපෑමක් එල්ල වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
එම විමර්ශනය සාමාන්‍ය ක්‍රියා පටිපාටියෙන් වෙනස් කර විශ්‍රාමික විනිසුරුවරයෙක් යටතට පත් කීරීමට එම බලපෑම් පාර්ශවය සූදානම් වෙමින් ඇතැයි දැනගන්නට ඇත. .
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පත්වන ලෙස නීතිපතිවරයා නියෝග තිබිනි.
මෙතෙක් මෙවැනි විනය පරීක්ෂණ පවත්නු ලැබුවේ පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක මගිනි.







