අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

by editor
ජූනි 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්   ස්ථාන මාරු කිරීම සඳහා   අවශ්‍ය විමර්ශන තොරතුරු තමන්ට   ලබා දිය නොහැකි බවත්, එහෙත් ඕනෑම සබුද්ධික මිනිසෙකුට  ඔහුව ස්ථාන මාරු කිරීමේ  තීන්දුව ගැනීමට හැකි  සාක්ෂි  ඕනෑ තරම් ඇති බවත් දීර්ඝ ලෙස පෙන්වා දෙමින්   නීතිපතිවරයා පොලිස්පතිට ලිපියක් යවා තිබේ.

නීතිපතිවරයා පොලිස්පතිට මෙම ලිපිය ලියන්නේ පොලිස්පති විසින් නීතිපති අමතමින් දේශබන්දු තෙන්නකෝන්ගේ ස්ථාන මාරු කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිසමට ඉදිරිපත් කිරීමට මැයි 09 අපරාධයේ විමර්නයට බාධා කළ බවට තොරතුරු ඇතිනම් ලැබෙන්නට සලස්වන මෙන්  ඉල්ලා යැවූ ලිපියට පිළිතුරු දෙමිනි.

නීතිපතිවරයා පොලිස්පතිට මෙහිදී පැහැදිලිවම කියන්නේ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය අනුව පොලිස්පතිවරයා ඉල්ලා සිටින ආකාරයට තොරතුරු ලබා දීමට විමර්ශන බලතල  තමන්ට  නැති බවය. විමර්ශන බලය ඇත්තේ පොලිසියට බවය.

විමර්ශනයට බලපෑම් වුනත් නොවුනත්,  මැයි 09 දා ලංකා පොදුජන පෙරමුණු පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංසදය සාමකාමී අරගලකරුවන් හා ගැටුම්කාරී තත්ත්වයකට යෑමේ  ඉඩ ඇති බවට පැහැදිලි බුද්ධි තොරතුරු ලැබී තිබිය දී එය වැළැක්වීම සඳහා ලබා දුන් උපදෙස් සහිත වගකීම පැහැර හැරීමත්,  එවැනි ගැටුමක් ඇතිවන අපරාධය   භූමියේ   සිටිය දී  එය වැළැක්වීමේ  තීරණ ගැනීමේ ප්‍රමුඛ වගකීම පැවරෙන නිලධාරියා ලෙස එම සාපරාධී ක්‍රියාව වලක්වා ගැනීමට උත්සාහ නොකළ බවට සාක්ෂි මගින් පැහැදිලිව හෙළි වී තිබීමත් සම්බන්ධව   නීතිපතිවරයා පොලිස්පතිට  දන්වයි.

එවැනි පසුබිමක දේශබන්දු තෙන්නකෝන් අඛණ්ඩව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසට රාජකාරියෙහි නිරතවීම  හේතුවෙන් පවතින විමර්ශනවල විශ්වාසනීයත්වය සහ ස්වාධීනත්වය අභියෝගයට ලක්වීමට ඇති ඉහළ ඉඩකඩ ඕනෑම සබුද්ධික මිනිසෙකුට තේරෙන බවත් නිතිපතිවරයා  පොලිස්පතිට  පෙන්වා දෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පොලිසිය සැමට සාධාරණය සැලසීමට අපොහොසත් වී ඇති බවට මහේස්ත්‍රාත්වරයා  විවෘත අධිකරණයේ දි  සිය දැඩි අප්‍රසාදය පල කළ අකාරය ද එම ලිපියෙන් නීතිපතිවරයා  පොලිස්පති වෙත සිහි කැඳවා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව කාන්තාවන්ගෙන් වැඩ ගන්නා හැටි අගමැති මෝදි ලෝකයට කියයි

Next Post

මැච් එක දා පිටිය ඉදිරියේ ඇදෙන  දකුණු ලකේ ගෑස්  සිලින්ඩර පෝලිම ක්‍රිකට් ලෝකය හොල්ලයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.