බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශබන්දු පසුපස දේශපාලකයෙක් ඉන්නවා නම් විමර්ශන කරලා  ඔහුත්  අධිකරණයට ගෙනෙනවා..අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්…

by editor
මාර්තු 20, 2025
in පුවත්
DESHABANDU
Share on FacebookShare on Twitter
  • ස්වාමීනී… මේක ඓතිහාසික තීන්දුවක්… ඔබතුමා නොවන්න මේ විශිෂ්ට විමර්ශනය සිදුවන්නේ නෑ…  අපරාධ කරලා බලයට මුවා වී හැංගිලා ඉන්න් සියලු දෙනාම දැන් බව වෙන්න… දිලීප පීරිස්  බලවත් අපරාධකරුවන්ට අනතුරු  අඟවයි!

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් මස 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය. දේශබන්දු දැන් ඉන්නේ මහනුවර දුම්බර බන්ධනාගාරයේය. මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මාතර ප්‍රධාන බන්ධනාගාර නිලධාරියාට නියෝග කර තිබුණේ සැකකරුගේ ආරක්ෂාව සම්බන්ධව කටයුතු කිරීමට නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.

  • මාංචු පිට කූඩුවක

ඊයේ උදේ මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වුන දේශබන්දු තෙන්නකෝන් අද දක්වා බන්ධනාගාරගත කළේය. දේශබන්දු යැව්වේ අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයටය.

ඔහු අද සවස 1.45ට මාතර උසාවියට ඉදිරිපත් කරනු ලැබුවේය. මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස හමුවට පොලිස්පති ගෙන එන්නේ මාංචු දමාය. ඔහු තනි සිරමැදිරියක රඳවා තිබිණි.

පැයක් කූඩුවේ උන් දේශබන්දුගේ ඇප නියෝගය මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කරන්නේ පස්වරු 2.45ට පමණය.  මහේස්ත්‍රාත්වරයා පිටු 12කින් යුතු ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය. ඇප ලබාදීම ප්‍රතික්ෂේප විය.

එහිදී දේශබන්දු තෙන්නකෝන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට හේතු වුන සුවිශේෂී කරුණු දෙකක් මහේස්ත්‍රාත්වරයා අධිකරණය ඉදිරියේ අවධාරණය කළේය. .

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

විනිසුරුවරයා අධිකරණයට දැනුම් දුන් ඒ කාරණා දෙක මෙසේය.

“අභියාචනාධිකරණය ඉකුත් මාර්තු 17 වැනිදා සාකකරු ගොනු කර තිබූ රිට් පෙත්සමේ සහන ලබා දීම ප්‍රතික්ෂේප කරමින් නියෝග කීපයක් නිකුත් කර තිබෙනවා. එම නියෝග අනුව මේ අවස්ථාවේ දී සැකකරුට ඇප ලබා දුනහොත් ඉදිරි විමර්ශන සිදු කිරීමට බාධා ඇතිවන්න පුලුවන්. ”

“සැකකරුවට දින 20ක කාලයක් සැඟව සිටීමට ආධාර අනුබල දුන් පිරිස් සම්බන්ධව අභියාචානාධිකරණ නඩු තීන්දුව මගින් නියෝග කර තිබෙනවා. මේ අවස්ථාවේ දි සැකකරු හට ඇප ලබා දීම තුළින් එම නියෝග ඉදිරියට ක්‍රියාත්මක කිරීම ගැටලු සහගත තත්ත්වයක් ඇතිවන්න පුලුවන්.

ඒ වගේම නීතිපතිවරයා විසින් ඊයේ දැකුවූ කරුණු දැක්වීම ද අධිකරණය සැලකිල්ලට ගත්තා. ඒ කරුණු සැලකිල්ලට ගෙන අධිකරණය සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරනවා. සැකකරු අප්‍රේල් 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනවා. ”

පුළුල් විමර්ශනයක් සිදුකර තොරතුරු අධිකරණයට දන්වන ලෙස පැමිණිල්ලේ නීතිඥවරුන්ට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. සැකකරුට සැඟව සිටීමට ආධාර අනුබල ලබා දුන් පිරිස සම්බන්ධව විමර්ශන කර අධිකරණයට කරුණු දක්වන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කෙරිනි.

  • ඓතිහාසික නඩු තීන්දුව

මේ අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කරුණු දක්වමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරුගෙන් බන්ධනාගාරය තුළ දී ප්‍රකාශ සටහන් කරගැනීමට අවසර ලබා දෙන ලෙසය.

මීට අමතරව සිරකරු සැඟව සිටි කාලයේ භාවිත කළ ජංගම දුරකථනය ද විමර්ශන කටයුතු සඳහා භාර කරන්නැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය. මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා අවසර ලබා දුන්නේය.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙසේ ප්‍රකාශ කළේය.

” ස්වාමීනි… මේ සතිය මාගේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී සතියක් කියලා මම කියන්න ඕනේ. පහුගිය 17 වැනිදා ගරු අභියාචනාධිකරණ විනිසුරු ලෆාර් තාහීර් මහතා ඉදිරියෙදිත් කිව්වා මේ නඩු තීන්දුව ඓතිහාසික නඩු තීන්දුවක් කියලා. අද ඔබතුමාගේ අධිකරණයේ දීත් කියන්නේ මේ නඩු තීන්දුව ඓතිහාසික තීන්දුවක් කියලා. අද ඔබතුමාගේ අධිකරණයෙදිත් කියන්නේ පෙරවාරි 27 වැනිදා ඔබතුමාගේ අධිකරණයෙන් නිකුත් කළ පිටු 82ක මරණ පරීක්ෂණ වාර්තාව නිසා තමයි මේ විශිෂ්ට විමර්ශන ආරම්භ වුනේ. ”

“අද ඔබතුමා නිකුත් කළ පිටු 12ක නඩු තීන්දුව මගින් අපරාධමය කාරණයක් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වීම සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ විශාල පණිවිඩයක් සමාජයට යනවා.”

” අපරාධ කරලා බලයෙන් කාටවත් සැඟවිලා ඉන්න බෑ. එහෙම සැඟවිලා ඉන්න අය දැන් ප්‍රවේසම් විය යුතු කාලයක් තමයි මේ ඇවිත් තියෙන්නේ. ”

නඩුත් මරණ නිලධාරීන්…

” මම මේ අධිකරණයට අද ආවේ ලජ්ජාවෙන්. පොලිස් ආරක්ෂාව යටතේ අධිකරණ්‍යට එන්න සිදුවීම රාජ්‍යයක අසාර්ථකත්වයේ ලක්ෂණයක් ස්වාමීනී. අපට අපේ රාජකාරිය සිදුකරන්න සුරක්ෂිත පරිසරයක් තිබිය යුතුයි. එයයි අධිකරණයේ සැබෑම ස්වාධීනත්වය.”

“මම මින් ඉදිරියට මේ නඩුවට පෙනී ඉන්නේ නෑ. එත් මාගේ කණිෂ්ඨ නිලධාරීන්ට මම විමර්ශන කටයුතු සිදු කිරීමට අවශ්‍ය උපදෙස් සහාය ලබා දෙනවා. මම 8වන සැකකරු වෙනුවෙන් පමණයි මේ නඩු කටයුත්ත සඳහා පෙනී ඉන්නේ. ප්‍රධාන නඩු කටයුත්ත වෙනුවෙන් මා පෙනී සිටින්නේ නෑ.”

” විමර්ශන නිලධාරීන් මේ සිද්ධියේ විමර්ශන කටයුතු වහාම අවසන් කරන්න ඕන. නැතිනම් එක එක හේතු මත විමර්ශන කල් මරනවා… ඔබතුමත් මාරු වෙලා යයි. ඊට පස්සේ මේවා හැමෝටම අමතක වෙලා යයි. සමහර නිලධාරීන් සූක්ෂමව විමර්ශන ඒ වගේ තත්ත්වයට පත් කරනවා. කල්මරලා යුක්තිය අපගමනය කරනවා ”

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර තිබෙන සෙසු පුද්ගලයින් හය දෙනා ද හෙට දින අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් භාර වන බවය.

” ස්වාමීනී… මේ ප්‍රධාන සැකකරු දේශබන්දු තෙන්නකෝන්ට උඩින් දේශපාලඥනඥයෙක් හෝ නිලධාරියෙක් ඉන්නවා ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර වහාම ඔහු අත් අඩංගුවට ගන්න ඕන. ඒ නිසා විමර්ශන නිලධාරීන්ට මේ වගේ නඩු කල් මරන්න එපා කියලා මම කියනවා. කඩිනමින් යුක්තිය ඉටු කරන්න ”

දේශබන්දුට චෝදනා 09ක්

මහේස්ත්‍රාත් අධිකරණය අද දුන් නියෝගයෙන් දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා 09ක් යටතේ විමර්ශන සිදුවෙමින් පවතී. නීතියේ විධානයන්ට රජයේ සේවකයෙක් ලෙස අකීකරු වීම,  අපරාධ අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස නිලධාරීන් 08 දෙනෙකු නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස යොදා ගැනීම, වෙඩි තබා බිය ගැන්වීම  සහ අනර්ථය සඳහා කුමන්ත්‍රණය කිරීම එම චෝදනාවලට ඇතුළත් වේ.

එමෙන්ම බොරු සාක්ෂි ගෙතීම, ගින්නකින් හෝ පුපුරණ ද්‍රව්‍යයකින් අනර්ථයක් කිරීම, සාපරාධී බලහත්කාරයක් පෑම, දැනුම්වත්ව නොසැලකිලිමත් ක්‍රියාවක් සිදුකිරීමෙන් පොලිස් නිලධාරියෙකුගේ මරණය සිදුකිරීම පොදු දේපලක් වූ වාහනයට අනර්ථයක් සිදුකිරීම සහ ස්වයංක්‍රී ගිනි අවියක් සම්බන්ධ වරදක් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබේ.

නීතියේ විධානය සහ ආධිපත්‍යය ආරක්ෂා කිරීම පිළිබඳ සාධාරණ අදහසක් රටට පැමිණ ඇත. මාතර මහේස්ත්‍රාත් අධිකරණයට නමස්කාර කළත් පවු නැත. ඒ සාධාරණ පුරවැසි ජීවිතයක් සඳහා වූ පොළොව සකස් කරන්නට පුරෝගාමී ප්‍රවේශයක් තබා ඇති බැවිනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දරුවන්ට පොත් ගන්න දෙන රුපියල් 6000 වවුචරයකින් විදුහල්පති බඩු ගත් බවට තාත්තා කෙනෙකුගෙන් චෝදනාවක්!

Next Post

මේ මොන කුණුහරපයක් ද?.  වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධියෙන් පසු  අනුරාධපුර රෝහලෙන් මාරු කරන්නට හදන  වැඩ බලන අධ්‍යක්ෂ දුලාන් සමරවීර රැකගන්න GMOA සෞඛ්‍ය ලේකම් හමුවෙයි….

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.