සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරුවන්ට පොත් ගන්න දෙන රුපියල් 6000 වවුචරයකින් විදුහල්පති බඩු ගත් බවට තාත්තා කෙනෙකුගෙන් චෝදනාවක්!

by editor
මාර්තු 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

තම දරුවාට පොත් හා පාසල් උපකරණ ලබා ගැනීමට රජයෙන් ලබාදෙන රුපියල් 6000 ක වවුචරය කදුරුවල සී.අයි.බී. ආයතනයට ලබාදී විදුහල්පතිවරයා විසින් භාණ්ඩ ලබාගත් බවට චෝදනා කරමින්, දිඹුලාගල අධ්‍යාපන කලාපයේ වැලිකන්ද ත්‍රිකෝණමඩු මුස්ලිම් මහා විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ පියකු විසින් ලිඛිතව අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට සහ දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාලට ඊයේ (19) පැමිණිල්ලක් සිදුකර තිබේ.

විදුහල්පතිවරයා විසින් අදාළ භාණ්ඩ ලබාගත් පසු තමාගේ ජංගම දුරකථනයට එම පණිවිඩය ලැබුණු බවද ඔහු එම ලිපියේ සඳහන් කර ඇත.
ත්‍රිකෝණමඩුව මුස්ලීම් මහා විද්‍යාලයේ 01 වසරේ ඉගෙනුම ලැබු අංක 235, කුඩාපොකුණ, වැලිකන්ද ලිපිනයේ පදිංචි මොහොමඩ් ෆාරිස් නුරුල් අනාන් යන දරුවාට පාසල් පොත් හා උපකරණ ලබා ගැනීමට එම වවුචරය ලබාදී තිබිණි.

තම දරුවා වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා පෙබරවාරි මාසය තුළ කුරුණෑගල ප්‍රදේශයේ පාසලක් වෙත මාරු කරගැනීමට කටයුතු කළ බවත්, ඒ අනුව අදාළ වවුචරය ලබාදීම ප්‍රතික්ෂේප කළ පසු තමන්, මේ පිළිබඳ වැලිකන්ද පොලිසියටත්, දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාලට මෙන්ම අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවටත් ලිඛිතව දැනුම් දී ඇති බවද එම දරුවාගේ පියා වන එම්.ෆායිස් සඳහන් කරයි.

අප මේ පිළිබඳව විද්‍යාලයේ විදුහල්පති අයි.එල්.නසාර්ගෙන් දුරකථන‍යෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ, රුපියල් 6000 ක වව්චරය ලබාදීමට අදාල දරුවාගේ නම ඇතුළත් කිරීමෙන් අනතුරුව, දරුවා පාසලෙන් ඉවත්කර කුරුණෑගල ප්‍රදේශයේ පාසලකට රැගෙන යාමට කටයුතු කළ බවත්, තම විද්‍යාලයේ දරුවන් එකසිය හයක් වෙනුවෙන් රජයෙන් වව්චර් ඉල්ලා සිටියද ලැබුණේ ඉන් අඩක් පමණක් බවත් පැවසුවේය.

එම තත්ත්වය මත පාසලෙන් ඉවත් කරගත් දරුවාගේ වවුචරය අඩු ආර්ථික පහසුකම් මැද අධ්‍යාපනය ලබන වෙනත් දරුවෙකුට ලබාදීමට කටයුතු කළ බව ද විදුහල්පතිවරයා කිවේය.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ඒ අනුව එම දරුවාගේ පියා විසින් අදාළ පාසල් උපකරණ ලබාගෙන තිබෙන බවත්, එම වවුචරයෙන් තමන් භාණ්ඩ ලබාගත් ‍ෙබවට නගන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් විදුහල්පතිවරයා කීවේය.

මේ පිළිබඳව දිඹුලාගල අධ්‍යාපන කලාපීය අධ්‍යාපන අධ්‍යක්ෂ අනිල් කුමාර මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ විදුහල්පතිවරයා පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කරන බවත්, දරුවාට හිමි වූ වවුචරය වෙනත් දරුවකුට ලබාදීමට අයිතියක් නොමැති බවත්ය.

ඒ සම්බන්ධ විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කර තිබෙන බව ද ඔහු පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග ධූරයෙන් ඉල්ලා අස්වෙන්න හදයි!

Next Post

දේශබන්දු පසුපස දේශපාලකයෙක් ඉන්නවා නම් විමර්ශන කරලා  ඔහුත්  අධිකරණයට ගෙනෙනවා..අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්…

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.