අධිකරණ නියෝගයක් මත රාජාකාරි අත් හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
ඒ ඊයේ පෙරවරුවේ දී අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ දේශබන්දු තෙන්නකෝන් ගේ ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමිනි.
දේශබන්දු දැඩි ආරක්ෂක විධි විධානය යටතේ අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා තබනු ඇත.
දින 20ක් අධිකරනය මගහැර සැඟවී සිටීමෙන් පසු රාජකාරී අත් හිටවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (19) උදේ 7.40ට පමණ අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නේ ජනාධිපති නීතිඥ ශානක රණසිංහ ප්රමුඛ නීතඥවරු 15කගෙන් යුතු කණ්ඩායමක් පිරිවරාගෙනය. එහෙත් මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස දේශබන්දුගේ නඩුව කැඳවනු ලැබුවේ පස්වරු 12.40ට පමණය.
ඒ අවස්ථාවේ දී දේශබන්දු වෙනුවෙන් තරක් කළ ජනාධිපති නීතිඥවරයා දැක්වූ කරුණුවලට ප්රතිපක්ෂව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ පුලුල් තර්ක කිරීමක් සිදුකළේය.
දේශබන්දු තෙන්නකෝන් අද දිනය දා රක්ෂිත බන්ධනාගාරගත කර අද දිනය ඇප නියෝගය ප්‍රකාශයට පත් කළ මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස ඔහුව අප්‍රේල් 3 දා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.







