බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලන කඹ ඇදිල්ලක හිර වූ IMF යාම – පමා වී එන වසන්තයකි!

by editor
මාර්තු 17, 2022
in පුවත්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු විය...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු විය...

Share on FacebookShare on Twitter

හිටපු ආණ්ඩුකාර
රජිත් කීර්ති තෙන්නකෝන්

වෘත්තීය භාවය සහ බල ලෝභී දේශපාලන උවමනාවන් අතර ගැටුමකින් පමා වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා ලංකාවේ විදේශ විනිමය අර්බුදයට පිළියම් සෙවීමට අවසානයේ රජයට සිදු ව ඇත. පරාජිත බිඳුණු හඬකින් ජාතික අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය තම තීරණය රටේ ජනතාවට පවසන විට රටට බිඳ වැටී, අඳුරේ ගිලී අවසන්ය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමට ප්‍රමාදවීම ආණ්ඩුවට තරමටම, ජනතාව ද අන්ත අසරණ කර තිබේ.

ලංකාවට ලැබෙන IMF කොන්දේසි මොනවාද?

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර 2019 පෙබරවාරි සිට දීර්ඝ සාකච්ඡා පැවැත්වුණි. එහි දී, IMF ලංකා රජයට ඉදිරිපත් කළ මුලික කොන්දේසි ගණනාවකි. එයින් පළමුවැන්න, ‘මුදල් නීති පනත‘ සම්මත කර ගැනීමය. 2019 මුදල් නීති පනත සම්මත කර ගැනීමට යහපාලන රජය කටයුතු කරමින් සිටින විට ආණ්ඩුව බිඳ වැටුණි. මුදල් නීති පනතේ වැදගත්ම කොටස මුදල් අමාත්‍යාංශයේ ලේකම්/භාණ්ඩාගාර ලේකම් මුල්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමය. රටේ බඩු මිල ඉහළයාමට ප්‍රධානම හේතුව වී ඇති හිතුමතේ මුදල් අච්චු ගැසීම නැවැත්වා රජයේ කටයුතු සඳහා අවශ්‍ය මුදල් වෙළෙඳපොළෙන් සපයා ගැනීම අනිවාර්ය කිරීම එහි අරමුණයි. රටේ මුල්‍ය විනය ඇති කිරීම, එහි දිගු කාලීන වාසිය යි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මා විසින් මෙයට පෙර නැවත නැවතත් අනාවරණය කළ පරිදි, ශ්‍රී ලංකා රජය IMF සමඟ පස්සා දොරෙන් ගණුදෙනු ආරම්භ කළේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා ලෙස පත්වූ මොහොතේදීම ය. ( 2021 අගෝස්තු 17 පස්සා දොරෙන් IMF යාම නිවේදනය බලන්න) හිටපු මහ බැංකු ප්‍රධානියෙකු ගේ උපදෙස් පරිදි, ඉතා බලවත් තානාපති නිලධාරියෙකු මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හරහා මෙම මැදිහත්වීම සිදු විය. මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික විනය සම්බන්ධයෙන් IMF සංවිධානය ඇඟයීම් දෙකක් ද, කේෂ්ත්‍ර හඳුණාගැනීමක් ද සිදු කර ඇත.

කොන්දේසි කුමක් විය හැකිද?

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අද ලංකාවට පැනවිය හැකි කොන්දේසි අතර මුලිකම වන්නේ 2019 පෙර පැවති බදු ක්‍රමය නැවත ස්ථාපනය කර ආදායම් ඉහළ නංවා ගැනීම ය. 2019 වත්මන් රජය බලයට පැමිණ සිය ව්‍යාපාරික හිතවතුන්ට ලබාදුන් බදු සහන ලංකා ආර්ථිකය බංකොලොත්වීමට මුලික හේතුවකි. එය වත්මන් රුපියල් අර්බුදයට ප්‍රධානතම හේතුවයි. ගජමිතුරු බදු සහන හේතුවෙන් ඉතිහාසයේ ඉහළම ලාභ වාර්තා කරමින් සිටින රජයේ ව්‍යාපාරික හිතවතුන් මේ යෝජනාවට මාරාන්තික ලෙස විරුද්ධවීම නොවැලැක්විය හැකිය.

විදුලිය, ඉන්ධන සම්බන්ධයෙන් මිල සුත්‍ර හදුන්වාදීම IMF යහපාලන රජයට ඉදිරිපත් කළ ඉල්ලීමකි. එදා මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා මුල්වරට මිල සුත්‍රය හදුණ්වාදුන්නේ IMF යෝජනාවකට අනුවය. වත්මන් ඉන්ධන අර්බුදයේ කේන්ද්‍රය මිල සුත්‍රයෙන් ඉවත්ව හිතුවක්කාරී ලෙස ඉන්ධන මිල තීරණය කිරීම ය.

ණය පොලී අනුපාතික දේශපාලන අවශ්‍යතාව මත නොව, වෘත්තිකයින්ගේ උපදෙස් මත තීරණය කිරීමට මුල්‍ය විනයක් ඇති කිරීමේ IMF කොන්දේසියකි. පොලී අනුපාත ඉහළ යාම එහි අනිවාර්ය ප්‍රතිඑලය වනු ඇත්තේය.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව සාමාන්‍ය පෙළ අසමත් 62,000 කට ද, උපාධිධාරීන් 52,000ක් ද රාජ්‍ය සේවයේ මුලික වැටුපට බඳවාගෙන ඇත. මේ අය අද කිසිදු රාජකාරියක් නොකර වැටුප් ලබමින් සිටී. රාජ්‍ය සේවය සම්බන්ධයෙන් IMF කොන්දේසිය රාජ්‍ය සේවය කුඩා කිරීම හෙවත් රැකියා කප්පාදු කිරීම ය.

පාඩු ලබන ශ්‍රී ලංකන් ඇතුළු රාජ්‍ය ආයතන 40 කට වැඩි ප්‍රමාණයක් විකුණා දැමීම හෝ ප්‍රති ව්‍යුහගත කිරීමට IMF කොන්දේසි රජයට ඉදිරිපත් වනු ඇත.

2013 දී අය වැය මගින් මුදල් අවප්‍රමාණය (රු. 113 සිට 116 දක්වා) ලංකා ඉතිහාසයේ මහ බැංකුවට පිටින් විදේශ විනිමය අනුපාත වෙනස් කිරීමේ අශෝභන, අතාර්කික අවස්ථාවකි. පසුගිය සතියේ දී එම ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණය විය. කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා විදේශීය ශ්‍රමිකයින් විසින් ලංකාවට එවන ඩොලර් එකකට රු. 38 ක අතිරේක මුදලක් ගෙවීමට යෝජනා කර තිබුණි. මුදල් අමාත්‍යාංශය (බැසිල් රාජපක්ෂ) හා මහ බැංකුව (අජිත් නිවාඩ් කබ්රාල්) අතර පවතින සීතල යුද්ධය නිසා කැබිනට් තීරණයට පෙර මහ බැංකුව රුපියල පා කිරීමට තීරණය කළේය. දවසක් ගත වන තුරුම ඩොලරයේ සැබෑ අගය පිළිබඳ ආර්ථි විශේඥයින්ට පවා අවබෝධයක් ඒ නිසා ලැබුණේ නැත. එහි ප්‍රතිඑලය දැන් ඩොලරය රු. 300 දක්වා වේගයෙන් බාල්දු වීම ඇරඹීමය.

බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම, ඉන්ධන මිල සුත්‍රය, පොලී අනුපාත, රාජ්‍ය සේවය ප්‍රතිසංවිධානය, මුදල් අච්චු ගැසීම නවතා දැමීම, මහ බැංකුවේ දේශපාලනීකරණයෙන් ඉවත් කිරීම, ණය කළමනාකරණ ආයතනයක් පිහිටුවීම, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඇරඹීම, ඉන්දියාව හරහා කෙටි කාලීන ණය පහසුකම් සැපයීම යන පියවරවලින් පසුව රුපියල පා කිරීම තුලින් විනිමය අනුපාත ස්ථාවර කිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ලංකාව සම්බන්ධයෙන් වූ මාර්ග සිතියම වූවේය.

අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය දා, ඒ පියවර සියල්ලට කලින් අවම වශයෙන් කැබිනට් මණ්ඩලය හෝ දැනුවත් කිරීමකින් තොරව රුපියල පා කර හැරීමට පියවර ගත්තේය.

මෙය මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව අතර බල අරගලයේ තීරණාත්මක සංධිස්ථානයකි.

පමාවී එන වසන්තය

අද වන විට ලංකාවේ විදේශ ණය සහ ණය වාරික අතර අනුපාතය අනුව මොනම අයුරකින් හෝ රට බලංකොලොත්වීම නොවැලැක්විය හැකිය. ඩොලර් අර්බුදය ට අමතරව, රටේ රුපියල් අර්බුදයක් මතුව ඇත. එවැනි රටකට ණය ලබාදීමට IMF ආයතනයට නීතියෙන් හැකියාවක් නැත. එබැවින්, ණය ප්‍රතිව්‍යුහකරණයකට ලංකාව යොමු කිරීමට IMF ට සිදුවේ.

ලංකාව ආයතන, රාජ්‍ය, සංවිධාන හා පුද්ගලයින් 150 කට වැඩි සංඛ්‍යාවකින් මුදල් ණයට ගෙන ඇත. මෙම ආයතන/රාජ්‍ය/සංවිධාන සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සාකච්ඡා ඇරඹීමට ලංකා රජයට සිදු වනු ඇත. අනෙක් අතට, අවශ්‍ය වන්නේ නම් IMF එම සාකච්ඡා සඳහා පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කරනු ඇත. අද, ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ‘ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන්‘ වෘත්තීය භාවයකින් යුතුව කටයුතු කළ හැකි, වෘත්තීය නායකත්වයක් නැත. ඒ නිසාම, ඒ සඳහා අවශ්‍ය ‘තාක්ෂණික කණ්ඩායමක්‘ සකස් කර ගැනීම පහසු නැත.

අනෙක් අතට, හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ගේ ධූර කාලයේ අතිරික්ත ධූර කාලය දරමින් සිටින අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ අධිපති ධූරයෙන් 2022 ජූලි 4 දින දක්වා ඉවත් කළ නොහැකිය. දෙවන ධූර කාලයක් සඳහා කබ්රාල් පත්වීම වැලැක්වීමට ජනාධිපතිවරයාට හැකියාව ඇතත් වත්මන් ආර්ථික අර්බුදයට, බලශක්ති අර්බුදයට එයින් ලැබෙන සහනයක් නම් නැත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක වෙළෙඳපලේ මිලටත් අඩුවෙන් රුසියාවෙන් ඉන්ධන!

Next Post

හිටපු ජනාධිපති තුමත් පාස්කු ප්‍රහාරයෙ වින්දිතයෙක්…. කාදිනල් උන්නාන්සෙ මේ ගහන්නෙ වෙන ලයින් එකක්…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.