යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ඇමරිකාව, එංගලන්තය ඇතුළු යුරෝපීය රටවල් දැඩි සම්බාධක පනවා ඇති රුසියාවෙන් ශ්‍රී ලංකාව බොරතෙල් මිල දී ගැනීමට සිදු කරන සාකච්ඡා මේ වනවිට (17) ආරම්භ වී ඇතැයි වාර්තා වේ.
ප්‍රබල බටහිර රාජ්‍යයන් රුසියාවෙන් බොරතෙල් ගැනීම අත්හිටුවා ඇති අවස්ථාවක සිදු කරන මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිලට වඩා අඩු මිලකට ලංකාවට බොරතෙල් මිල දී ගැනීමට නියමිතය.
රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ රුසියාවෙන් ශ්‍රී ලංකාවට බොරතෙල් අඩංගු නෞකාවක් ලබාදීමටයි එකඟ වී ඇති බවත් මේ ආකාරයෙන් ලෝක වෙළෙඳපලේ මිලටත් අඩුවෙන් තෙල් ගැනීමට අවස්ථාව සැලසෙන්නේ නම් ඉදිරියේ දී මෙරට තුළ ඉන්ධන අර්බුදය විසඳා තෙල් මිලත් අඩු කිරීමට අවස්ථාව සැලසෙනු ඇති බවත්ය.
රුසියානු යුක්රේන යුද ගැටුම හේතුවෙන් ඉතිහාසේ පළමු වරට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් සියය ඉක්මවා ගොස් ලෝකයම දැඩි ආර්ථික පීඩනයකට පත් කළේය.