බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලකයින් සහ ඔවුනගේ සහචරයින් භාවිතා කරන සුඛෝපභෝගී හොර වාහන ගණන 100කට ආසන්නයි… පොලිසිය කියයි!

by editor
නොවැම්බර් 2, 2024
in පුවත්
Jeep
Share on FacebookShare on Twitter

නීති විරෝධීව මෙරට භාවිතාවන ලියාපදිංචි නොකළ තහනම් වාහන සියයකට ආසන්න ප්‍රමාණයක් හිටපු ආණ්ඩුවල දේශපාලකයින් සහ දේශපාලන බලයක් සහිත ප්‍රභූවරුන් විසින් පරිහරණය කරමින් සිටින බවට සැක කරන්නේ යැයි පොලිසිය පවසයි.

මෙම වාහන භාරදීම හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබා නොදී එම වාහන මහ මග දමා යෑමත්, වාහන සැඟවීමත් පසුගිය සතිය පුරා දක්නට ලැබුනු බවත් ඒ හේතුවෙන් ඇතැම් දේශපාලකයින් සහ බලය සහිත පුද්ගලයින් තමන්ගේ බලය අවභාවිතා කරමින් පරිහරණය කරන ලද ලියාපදිංචි නොකළ වාහන සොයා ගැනීම සඳහා පොලිසියට ලැබෙන තොරතුරු පදනම් කරගනිමින් පොලිසිය රේගුව සහ මෝටර් රථ ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඒකාබද්ධ පුලුලු මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය හෙළි කරයි.

මේ සම්බන්ධව ලැබෙන තොරතුරු ඉවත නොදමන බව පවසන පොලිස් මූලස්ථානය රජයේ වාහන හෝ දේපල අවභාවිතා කිරීම්, සැඟවීම් සම්බන්ධව තොරතුරු ඇතිනම් වහාම පොලිස් මුලස්ථානය වෙත දැනුම් දෙන ලෙස ද ඉල්ලීමක් කරයි. මේ වනවිට විවිධ දේශපාලකයින් සහ බලය සහිත පුද්ගලයින් විසින් ව්‍යාජ අංක තහඩු යොදා ගනිමින් භාවිතා කරන ලද සුඛෝපභෝගී වාහන ගණනාවක තොරතුරු පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලැබි ඇතැයි පවසන විමර්ශන අංශ ඒ සම්බන්ධව පැහැදිලි විමර්ශනයක් සිදුකරන බවත් එම වාහන බදු නොගෙවා කොටස් වශයෙන් මෙරටට ගෙන්වා මෙහිදී එකලසක් කරන ලද වාහන ද, එසේත් නැතිනම් විවිධ අමතර කොටස් භාවිතා කර නීති විරෝධීව මෙරට එකලස් කරන ලද වාහන ද යන්න පිළිබඳව රජෙයේ රස පරීක්ෂක වාර්තා සහ රේගු වාර්තා යොදා ගනිමින් විමර්ශන කටයුතු දියත් කිරීමට සැලසුම් කර ඇති බවත් පවසයි.

වාහන එකලස් කිරීමේ කර්මාන්තයට ඇති දේශපාලන සම්බන්ධතාවයන් ගැන ද මේ සමගම සොයා බැලීමට විමර්ශන අංශවල අවධානය යොමු වී ඇත. එබැවින් රජයේ වාහන හා දේපළ අවභාවිතා කරන, සැඟවීමට උත්සාහ කරන, අංකතහඩු රහිතව හෝ සහිතව සැක කටයුතු ලෙස පරිහරණය කරන කුමන තරාතිරමක හෝ පුද්ගලයෙක් සම්බන්ධව වහමා 1997 කෙටි දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. ( මව්බිම)

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෘදුකාංග තත්ත්ව සහතික ක්‍රියාවලියේදී කෘතීම බුද්ධියෙහි කාර්යභාරය!

Next Post

ගාලතැන්නේ කපුවාගේ වාහන 17ක පුද්ගලික වාහන අංගනයක් තුළ සැකකටයුතු හොර වාහන 07ක්… පොලිසිය විමර්ශන අරඹයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.