දේවාලයේ පෞරාණික ගණදෙවි පිළිමය අතුරුදහන්වීමටත්, දේවාලයේ පිංකැටයේ මුදල් අවභාවිතයටත් විරෝධය පළකරමින් කුරුණෑගල අනුරාධපුර 57 මාර්ගයේ ගල්ගමුව මී ඔය පාලම අසල ඇති ප්රසිද්ධ දේවාලය ඉදිරිපිට පුද්ගලයෙක් මේ වන විටත් මාරාන්තික උපවාසයක යෙදී සිටියි.
කලුවිලපතානේ පදිංචි පී.කේ.සුරේන්ද්ර නැමැති උපවාසකරු පවසන්නේ දේවාලයේ පෞරාණික ගණ දෙවි පිළිමය වසර ගණනාවක සිට අතුරුදහන් වීඇති බවය. ඒ වෙනුවට බොල් පිළිමයක් දේවාලයේ රඳවා ඇති බවත් ය. එසේම දේවාලයේ පිංකැටයේ මුදල් ගල්ගමුවේ පදිංචි එක්තරා පුද්ගලයෙක් විසින් පෞද්ගලික ව පරිහරණය කරන බවත්ය .
කීප වතාවක්ම වගකිවයුත්තන්ට මේ පිළිබඳ ව දැනුම් දුන්නද මේ වනතෙක් කිසිදු ක්රියාමාර්ගයක් නොගැනීම නිසා මෙසේ මාරාන්තික උපවාසයක යෙදී සිටින බව ඔහු ලංකාසරට පැවසුවේ ය.