දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බැංකු ගිණුම්වල රුපියල් බිලියන 12ක් සංසරණය වූ ආකාරය පිළිබඳ දැනට පරීක්ෂණ පවත්වන බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නවාන ශ්‍රේෂ්ඨාධිකරණයට අද (28) දැනුම් දුන්නේය.
දේවගැතිවරයාගේ බැංකු ගිණුම් 11ක් පරීක්ෂාවට ලක් කිරීමේ දී මෙම තොරතුරු අනාවරණය වූ බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා, ආගමික සංහිදියාවට බාධා කිරීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අදාළ දේවගැතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව දන්වා තිබේ.







