අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළේය.
වසන්ත මුදලිගේ සහ ශිෂ්‍ය ක්‍රියාකාරික ඉන්දික විදානපතිරණ කුරුඳුවත්ත පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේය.
2022.02.07 දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියේ පැවැත්වූ නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වි ජනතාව පීඩාවට පත්වන ලෙස හැසිරුන බවට චෝදනා කරමින් කුරුඳුවත්ත පොලිසිය විසින් අලුත්කඩේ අධිකරණයේ පවරා තිබූ නඩුවට 2023.05.29 දින පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර තිබුණු වසන්ත සහ ඉන්දික ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේය.







