දෙහිවල සතවෝද්‍යානයේ සිංහයාට සාස් ලයිට් වර්ගයේ වෛරසයක්වන කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වීමත් සමගම තවත් සතුන් අවදානමකට ලක්ව සිටින බව පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය දන්වා සිටී.
දෙහිවල සත්වෝද්‍යානය සම්බන්ධව බලනවිට අතිශය දැඩි අවදානමට ලක් වී සිටින සතුන් වන්නේ චිම්පන්සියන් ගෝරිල්ලන් හා බොනබු සතුන් ඇතුළු වඳුරු පවුලේ සතුන්ට බව ඔවුන් පෙන්වා දේ.
මේ වනවිට වඳුරන්ට මෙම වෛරසය ආසාදනය වී ඇතැයි විශ්වාස කරනු ලබන බැවින් ඒ සම්බන්ධව දැඩි අවධානයකින් යුතුව පර්යේෂණ පවත්වන බව පේරාදෙණිය සරසවියේ පශු වෛද්‍ය පීඨය සඳහන් කරයි.
කොවිඩ් 19 වැළඳීමේ අවදානම් කාණ්ඩයට මුවා, චීන මීයා සහ ඩොල්ෆින් ඇතුළත් කර ඇත. මධ්‍ය අවදානම් තත්වයේ ඇති සතුන් ලෙස නම් කර ඇත්තේ සයිබීරියානු කොටියා, බැටලුවා, පූසා සහ හරකාය.
අවදානම තරමක් අවම තත්වයේ සිටින්නේ ඌරා අශ්වයා බල්ලා සහ අප්‍රිකානු අලියාය. අවම අවදානම් මට්ටමේ සිටින සතුන් වන්නේ කෙලිෆෝනියානු මුහුදු සිංහයා, නිවෙස්ගත මීයා, කපුටා සහ ඇමරිකානු කිඹුලාය.
අනෙක් සතුන්වෙත කොවිඩ් වැළඳීමේ විශේෂ අවදානමක් හඳුනාගෙන නැතැයි එම පීඨය පවසයි.