බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දූෂිත පාලකයෙකුට මහා සංඝයා  දෙන දැඩිම දඬුවමක් – ත්‍රෛනිකායික මහා නායක හිමිවරු  සංඝ සම්මුතියක් ගැන අනතුරු අඟවති!

by editor
අප්‍රේල් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රට තුළ දේශපාලනික ස්ථාවරත්වයක් ඇති කොට ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමට කටයුතු නොකර තවදුරටත් ජනතා ගැටලු පිළිබඳව අසංවේදීව කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වී සංඝ සම්මුතියක් ප්‍රකාශකට පත් කිරීමට කටයුතු කරන යුතු කරන බව ත්‍රෛනිකායික මහනායක හිමිවරු නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරති.

උන්වහන්සේලා ආණ්ඩුවට දන්වා සිටින්නේ අර්බුදයට   සාධනීය විසඳුම් ලබා දීම වෙනුවට නව අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමෙන් එකී අර්බුද කිසිසේත්ම නොවිසඳෙන්නේ යැයි   තරයේ විශ්වාස කරන බවය. මහජන විරෝධතා මර්ධනය කිරීම නොකළ යුතු බවද උන්වහන්සේලා පෙන්වා දෙති.

මල්වතු පාර්ශයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන,ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සිය අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත්කර තිබේ.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

රට තුළ පවත්නා වත්මන් සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුද විසඳා මහජනතාවට  කඩිනමින් සහන සහ සැලසීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් අප විසින් ගරු ජනාධිපතිතුමන් වෙත අප්‍රේල් මස 4 වෙනි දින යොමු කළෙමු.එහෙත් එකී යෝජනා මාලාව පිළිබඳව සාධනීය අවධානයක් යොමු නොකිරීම පිළිබඳව අපගේ සංවේගය පළ කරමු.

ජනතාව මුහුණ දෙන උග්‍ර ජීවන අර්බුද පිළිබඳව මෙන්ම  දිවා රෑ දෙකෙහි අව් වැසි නොතකා පෝලිම් වල රැඳී සිටීමෙන් මියැදෙන ජනතාව කෙරෙහි තවදුරටත් අසංවේදීව කල් මරමින් හා වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් සමස්ත රටවාසීන් අත්විඳින පීඩාව සම්බන්ධව රටේ රාජ්‍ය නායකයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මහජන නියෝජිතයකුම වගකිව යුතුය.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් අප විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව කෙරෙහි අවධානය යොමු නොකර තවදුරටත් ජනතා අභිලාශයන්ට විරුද්ධව කටයුතු කිරීම පිළිබඳව අපගේ දැඩි අප්‍රසාදය පළ කරමු. මෙම පහත සඳහන් කරුණු තවදුරටත් සමස්ත දේශපාලන යාන්ත්‍රණයේම අවධානය යොමු කරවනු කැමැත්තෙමු.

  1. එම අර්බුද කෙරෙහි සාධනීය විසඳුම් ලබා දීම වෙනුවට නව අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීම තුළින් එකී අර්බුද කිසිසේත්ම නොවිසඳෙන බව අපි තරයේ විශ්වාස කරමු.
  2. මේ වන විට විවිධ උද්ඝෝෂණ හා පෙළපාලි වලට සම්බන්ධ වෙමින් ජනතාව සිදුකරන සාමකාමී හා නීතිගරුක විරෝධතා වලට සවන් දී ජනතාව වෙත කඩිනම් සහන සැලසීමට කටයුතු කළ යුතු අතර ජනතා විරෝධතා මර්දන ක්‍රියාවලියෙන් වැළකී සිටින ලෙස තරයේ ප්‍රකාශ කරමු. එසේම අප්‍රේල් මස 19 වැනි දින මහජන විරෝධතා අතරතුර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව අපගේ සංවේගය පළ කරන අතර නැවත එවැනි අභාග්‍යසම්පන්න තත්ත්වයක් රට තුළ නිර්මාණය නොවීමට වගකීම් සහගතව රජය ඇතුළු සියලු පාර්ශව කටයුතු කළ යුතු බව අපි අවධාරණය කර සිටිමු.
  3. විධායකය හා ව්‍යවස්ථාදායකය අතර අසමතුලිතතාවක් නිර්මාණය කොට රට තුළ දේශපාලනික විකෘතිතාවක් ඇති කිරීමට හේතු වූ විසිවන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට දහනම වන ව්‍යවස්ථාවේ ඇතුළත්ව තිබූ සාධනීය කරුණු ඇතුළත් කොට නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට සියලු මහජන නියෝජිතයින් කටයුතු කළ යුතුය.
  4. රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට මෑත කාලීනව රට පාලනය කළ සියලුම රජයන් වගකිව යුතුය. එහෙයින් මේ තීරණාත්මක මොහොතේ අමාත්‍යය, මන්ත්‍රී මෙන්ම නිලධාරි වරප්‍රසාද මහජන සුබසාධනය වෙනුවෙන් කැප කොට රටේ මහජන දේපල අන්සතු නොකොට ප්‍රමුඛතාගත සංවර්ධන සැලැස්මකට අනුව රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට කටයුතු කළ යුතු බව අවධාරණය කර සිටිමු

දේශයේ සුරක්ෂාව සහ සමෘද්ධිමත් භාවය උදෙසා මහජනයා විසින් සිදු කළ යුතු කළ යුතු කැපකිරීම් අත්‍යන්තයෙන්ම සිදුකර ඇත. දැන් උදාවී  ඇත්තේ මහජන නියෝජිතයින් ලෙස මහජන සුබසිද්ධිය උදෙසා සිය යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කළ යුතු මොහොතකි. එහෙයින් මේ අර්බුදකාරි අවස්ථාවේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පීඩාවට පත් සමස්ත මහජනයා පිළිබඳව සංවේදීව රට දේශපාලනික හා ආර්ථික වශයෙන් ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මහජන නියෝජිතයකුම එක්සත්ව එක්සිත්ව සිය පූර්ණ දායකත්වය ලබාදීමට කැප විය යුතුය.

ඉතා නුදුරේදීම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්  කැඳවා සාකච්ඡා කිරීමට අපි අදහස් කර ඇත්තෙමු.

ඉහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු නොකොට තවදුරටත් ජනතා ගැටලු පිළිබඳව අසංවේදී ව රට තුළ දේශපාලනික ස්ථාවරත්වයක් ඇති කොට ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වී සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරන බවට ද මෙයින් අවධාරණය කර සිටිමු

අප යෝජනා කරන  විසඳුම් මගින් උද්ගතව ඇති අර්බුද නිරාකරණය කොට සුරක්ෂිත දේශයක් බිහි කරන්නට ඔබ සැමට රත්නත්‍රයේ ආශිර්වාදය, ශක්තිය හා ධෛර්යය ලැබේවායි ආශිසනය කරමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දැන් ඇති! සර්ව පාක්ෂික ආණ්ඩුවකට වහාම යන්න!

Next Post

පොහොට්ටුවේ 13ක්  “හෘදය සාක්ෂියට එකඟ අනාගත තීන්දුවක්“  ගැන ජනපතිට දැනුම් දෙයි!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.