සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දූෂණ විරෝධී පනත සම්මත කිරීම තුන්වැනි වරටත් කල් දමන්නට ආණ්ඩුව කළ  උත්සාහය විපක්ෂයේ දැඩි විරෝධතා මැද වලකී… සංශෝධනවලට යටත්ව අදම සම්මත වෙයි!

by editor
ජූලි 6, 2023
in පුවත්
parliament of sri lanka
Share on FacebookShare on Twitter

සම්මත කරගැනීම යළිත් වරක් කල් දැමීමට ගිය දූෂණ විරෝධී පනත සම්බන්ධව ආණ්ඩු පක්ෂයේ ක්‍රියාකලාපයට එරෙහිව දැඩි විරෝධය විපක්ෂයෙන් එල්ල වීමෙන් අනතුරුව සංශෝධනවලට යටත්ව එම පනත අද පාර්ලිමේන්තුව තුළ බෙදීමක් රහිතව සම්මත විය.

සභානායක සුසිල් ප්‍රේමජයන්ත අධිකරණ ඇමතිවරයා ඉක්මවා යමින් පනත සංශෝධනය සඳහා ඉඩ  ලබාගෙන සම්මත කරගැනීම සඳහා ඊලඟ සභාවාරයේ 19 වැනිදා දක්වා කල් දමා සභාව කල් තැබීමට ප්‍රබල උත්සාහයක යෙදුනේය. ඔහු විටෙක හැසිරුනේ සිය බලය යොදවා මන්ත්‍රීවරුන්ට තර්ජනය කරන ආකාරයෙනි.

එහෙත් අවසානයේ දී අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගෙන් යළි යළිත් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු නැගී සිට ප්‍රකාශ කළේ අප්‍රමාණ වෙහෙසක් සහිතව හැදූ මෙම පනත සම්මත කරගැනීම සඳහා තවත් කල් දැමීමේ හේතුවක් තමන්ගේ පාර්ශවයෙන් නොපෙනෙන බවය.

මේ තත්ත්වය තුළ පනත සම්මත කරගෙන සංශෝධන සඳහා ලබන 19 වැනි දින කාරකසභා වාරය ලෙස නම් කිරීමට සභානායකවරයාට සිදු විය.

එම සිද්ධිය පාර්ලිමේන්තුව තුළ පෙළ ගැසුනේ මෙසේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සභානායක සුසිල් ප්‍රේමජයන්ත –

මේ වනවිට විවාදය පැවැත්වෙද්දි පිටු 28ක් සංශෝධන කරන්න වෙලා තියනවා පළවෙනි යෝජනාව සම්බන්ධයෙන්.

ඊට සම්බන්ධවන්නා වූ දෙවැනි යෝජනාව සම්බන්ධයෙනුත් අපට සංශෝධන ගණනාවක් තියනවා.

අධිකරණ ඇමතිතුමා විශාල වෙහෙසක් ගත්තා මේ පනත හදන්න.  අධිකරණ අමාත්‍යාංශය සහ උපදේශක කාරක සභාවත් ආංශික අධීක්ෂණ කාරක සභාවත් මේ සම්බන්ධව වෙහෙසුනා.

තවත් සංශෝධන කීපයක් අද දිනයේ මේ විවාදයේ දී මතුවෙලා තියනවා.

ඒ නිසා අප සූදානම් ඒ සියල්ලම සලකා බලා ඊලඟ සැසියෙ 02 දිනය, එනම් 19 වැනි දිනය බදාදා මේ සංශෝධන සියල්ලම ඇතුළත් කරලා මේ පනත තවත් සාධනීය මට්ටමට ගෙනත් එදාට යෝජනා සම්මත කරන්න.

(මෙහිදී කතා කළ වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයාට සභානායකවරයා බැණ වැදුනේ පළමු වර පාර්ලිමේන්තු පැමිණ අත්දැකීම් නැතිව කතා නොකරන ලෙසය)

මේක හිතාමතා කල් දැමීමක් හෝ වෙනත් කාරණයක් නිසා නෙමෙයි.  අප දැනගන්න ඕන මේ රටේ පළවෙනි වතාවට තිබුණු අල්ලස් පනත අවලංගු කරලා දූෂණ විරෝධී පනතක් ගෙනාවේ   1994 අවුරුද්දේ ජී.එල්. පීරිස් මැති තුමා.  මේ පනත  දීර්ඝ කාලයක් තිබුණ පනතක්. ඒ නිසා තමයි දිනය නියම කරලා අපි ඊලඟ දිනයට යන්නෙ. නැතිව මේක දිනයක් නැතිව කල්දාන කාරණයක් නෙමෙයි.

සභාවේ  කාලය දික් කරන්න අවශ්‍ය නෑ. මෙතනින් සභාව  අවසන් වෙනවා.

( මෙහිදී විපක්ෂයේ විරෝධතාවය මත සභාවේ කාලය දීර්ඝ කිරීමට සභානායකවරයාට සිදුවිය.)

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

ගරු කතානායක තුමනි. මේ පනත නොවෙයි. පහුගිය කාලේ ආණ්ඩුව ගෙනාපු පනත් ඔක්කොම අසම්පූර්ණ පනත්. පුනරුත්ථාපන පනත ශ්‍රේෂ්ඨාධිකරණය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා හදිස්සියේ ගෙනත්. බැංකු පනත ගෙනාවා වගන්ති 40ක් වෙනස් කරන්න වුනා.  මේ පනතේ  වගන්ති 30ක් සංශෝධනය කරන්න තියනවා කියලා සභානායක තුමා කියනවා. අපි කියන්නේ මේකයි. මේ පනත සම්මත කරලා සංශෝධන අපි පස්සේ ගේමු.

අපි කණ්ඩායම් රැස්වීම් පහක් තිබ්බා. විශේෂඥවරු  ගෙනත් සාකච්ඡා කළා. මොනතරම් කාලය නාස්ති කළා ද? දැන් ආයෙත් මේක කල් දානව ද?.

පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න

කතා නායක තුමනි. හොරු අල්ලන්නේ නෑ කියලා අපි කොහොමත් දන්නවා. නමුත් හොරු අල්ලන්න නැති පනත ගේන්නේ නෑ කියලා නම් දැනගෙන හිටියෙ නෑ. එකපාරක් කල් දැම්මා. දෙවැනි වතාව කල් දමන්න අවශ්‍යතාවයක් නෑ. මේක සම්මත කරලා පස්සෙ වෙනස්වීම් කරන්න. මේක කොච්චර කල් සාකච්ඡා කළා ද?.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ.

මම පළවෙනි පාර පාර්ලිමේන්තුවට අවා තමයි. ඒත් අවුරුදු විසිපහක් තිහක් ඔය ගොල්ල කරපු දේවල් දැක්කා. මේ කතා කරන්නේ අපි දන්න සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා නොවෙයි.

මම ගරු අධිකරණ ඇමතිතුමාගෙන් අහනවා සැබැවින්ම මේ පනත කල් තබන්නේ මේ සංශෝධන නිසා ද?. නෑ… වෙනත් බලපෑමක් නිසා මේ කල් දාන්නේ. එහෙම කරන්න එපා. විශාල සංශෝධන ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා තියනවා. ඒ සංශෝධනවලට යටත්ව මේ පනත සම්මත කරන්න.    රටට වැරදි පූර්වාදර්ශයක් දෙන්න එපා.

පාර්ලිමේන්තු මන්ත්‍රී  චන්දිම විරක්කොඩි

මුලු රටම බලාගෙන ඉන්නේ දූෂණ මර්ධන පනත එනකම්. දේශපාලන නායකත්වයට අවශ්‍යතාවය තියනවා නම් මෙවැනි පනත් සම්මත කරගත හැකියි.  ඔබතුමාට මතක ඇති 1994  චන්ද්‍රිකා බණ්ඩානරනායක මැතිණිය බලයට ඇවිත් සති 06ක් ඇතුළත එතුමිය පනත ගේන්න කියලා නම් කරලා නියෝග කළා. ඒ නියෝගයට අනුව සති හයක් ඇතුළත පනත ගෙනාවා.

දැන්  අපට ආරංචියක් තියනවා අල්ලස් විමර්ශන කොමිෂන් සභාවෙ මේසෙන් මේසෙට ගිහින් තියන නඩු වහන්න කටයුතු කරනවා කියලා. ඒ නඩු වහන්න කල්ගන්න තමයි මේ කටයුතු කරන්නේ කියන එකයි   අපට තියන දැනුම. එහෙම නෙමෙයි නම් අද කරුණාකරලා මේ පනත සම්මත කරගන්න.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ගරු කතානායක තුමනි.

මුලු රටේම බලාපොරොත්තව අලුත් දූෂණ මර්ධන පනතක් මේ රටේ ස්ථාපිත කරන්න. මුළු රටම බලාගෙන ඉන්නවා එක වතාවක් කල් දැම්ම ඡන්ද විමසීම හෝ සංශෝධන සහිතව එකමුතු භාවයකින් සම්මත කරගැනීම අද දවසේ ඉෂ්ඨ සිද්ධ වෙයි කියලා.

අද මේ යෝජනා කරන කල්දැමීම නිසා සභානායක තුමා රටට යනවා වැරදි පණිවිඩයක්. ඒ නරක පනිවිඩය තමයි කුමණ හෝ බාහිර බලපෑමක් නිසා මේ කල් දැමීම සිදුකරනවා කියන කාරණාව.

සැකයක් මතුවෙනවා…    විසුරවපු පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු නැවත පත් කරන කපුටු යෝජනාව ඊයේ දවස‍ෙ මේ සභාවෙ ඉදිරිපත් කළා.  අපට සැකයක් තියනවා මේක දෙවැනි කපුටු යෝජනාවක් ද?. මේක කපුටාගේ ආධිපත්‍යය ද . පාර්ලිමේන්තුවේ ආධිපත්‍යය ද. රටේ ස්වෛරීත්වය ද?. නැතිනම් කපුටගේ ස්වෛරීත්වය ද?. මේක බොහොම පැහැදිලියි. අධිකරණ ඇමතිගේ හෘද සාක්ෂිය දන්නවා මේක කපුටගේ බලපෑමක් කියලා.

ඔබතුමන්ලා 134 දෙනා එකතු වෙලා ඕන කල්දමා ගැනීමක් කරන්න. හැබැයි මතක තියාගන්න. ලක්ෂ 220ක් මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. මේ පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ පුද්ගලයො අනිසි ලෙස කපුටු බලපෑම් කරනවා දූෂණ විරෝධී අලුත් පනතක් ගෙන එ්ම වළක්වන්න.

කතා නායක

සභානායක තුමාගේ යෝජනාවට සභාව එකඟද නැද්ද

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න

අධිකරණ ඇමතුමා අද මෙතන ඉන්නවා වාඩි වෙලා. මේ පනතේ සංශෝධන ටික ගෙනෙනකම්  මේ පනත සම්මත කරගන්න අධිකරණ ඇමතිතුමාට පුලුවන් ද?. බැරිද?.

මොකද මේ පනත ගේන්නේ අධිකරණ ඇමති තුමා. ඒත් කතා කරන්නේ සභානායක තුමා. මේකේ සංශෝධන ගේනවා නම් ඒ සංශෝධන කරන්නෙත් අධිකරණ ඇමති තුමා.  මම දන්නවා අධිකරණ ඇමතිතුමාට අද ඕන මේ පනත සම්මත කරගන්න. මොකක්ද මෙතන තියන ප්‍රශ්නය. මේක මහ අබිරහසක්.

අපි බලාපොරොත්තුවන එක දෙයක් තියනවා. මේ අරගලයක් ආවෙත් ඒකයි. 225ම හොරුයි කියනවා. ඉතින් අපි ඔප්පු කරමු එහෙම නෙමෙයි කියලා. බොරුවට සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා  ගන්න එපා මේ කොන්ත්‍රාත්.   මේ දෙසීය විසිපහ හොරු නෙමෙයි කියන පනිවිඩය රටට දෙන්න. මේක අද සම්මත කරගනිමු. තියනවා නම් සංශෝධන ඉස්සරහට ගේමු

සභානායක සුසිල් ප්‍රේමජයන්ත

න්‍යාය පත්‍රයට මේක ඇතුළුකළේත් රජය. පසුගිය වතාවේ මේ පනත අද දිනය දක්වා කල් දැම්මෙත් ආණ්ඩු පක්ෂ විපක්ෂ දෙපාර්ශවයේ එකඟත්වයෙන්. මේක සදාකාලිකව කල් දැමීමක් නෙමෙයි. ඊලඟ සැසියේ 19 වැනිදා දවස තුළ අපට මේක අවසන් කරන්ගන්න පුලුවන්.  මෙම යෝනාව තව දුරටත් විවාද කිරීම සඳහා ඊලඟ සැසියේ දෙවැනි දිනය දක්වා කල් තබනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල.

මෙතන අධිකරණ ඇමතිතුමා ඉන්නවා. එතුමා අපේ කතා අහගෙන ඉන්නවා. අදහස් ප්‍රකාශයකින් තොරව. මොකක්ද ඔබතුමාගේ අදහස මේ සම්බන්ධව. කරුණාකරලා කතා කරන්න.

විපක්ෂ නායක.

මුලු ලෝකෙම අපි දිහා බලන් ඉන්නවා.  අයිඑම්එෆ් එකත් බලන් ඉන්නවා. මොකක්ද සැබෑ හේතුව මේ කල්දැමීමට.

කතා නායක

සභාව කියනවා කල් දාන්න කියලා. වෙන හේතුවක් නෑ.

විපක්ෂ නායක

එකම එක ඉල්ලීමක් එහෙමනම් අවසානයේ දි කරන්න අවස්ථාව දෙන්න. අධිකරණ ඇමති තුමනි.  තුන්වැනි දිනය දක්වා ඇයි මේ කල් දැමීමට හේතුව කියලා පැහැදිලි කිරීමක් කරන්න.

කතානායක – ඒ පැහැදිලි කිරීම සභානායකතුමා කළා.

විපක්ෂ නායක – මම පැහැදිලිකිරීම  අහන්නේ සභා නායක තුමාගෙන් නෙමෙයි. මම  අහන්නේ. ගරු අධිකරණ ඇමතිතුමාගෙන්. ඇයි එතුමා කතා කරන්නේ නැත්තේ. එතුමට මුඛ බන්ධනයක් දාලා ද?

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ

ගරු කතානායක තුමනි. මෙම පනත සම්පාදනය කරලා සංශෝධන ඇතුළත් කරලා සකස් කරන්න අපට මාස 10කට වැඩි කාලයක් ගතවුනා.  මම වෙනත් පනත් සීයක් වෙනුවෙන් වෙහෙසෙන වෙහෙසිල්ල මේ පනත වෙනුවෙන් වෙහෙසිලා තියනවා. අපේ නිලධාරීන්ගේ විශේඥවරුන්ගේ උපකාර සියල්ල ලබාගෙන ඉතාම වෙහෙස මහන්සියෙන් ගෙනාපු පනතක් මේක. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා මේකට මම මහන්සි වුනා.

මගේ පැත්තෙන් මම දන්නෙ නෑ මේක සම්මත කරගන්න කල් දාන්න මොකක්ද තියන හේතුව කියලා.  එච්චරයි මට කියන්න තියෙන්නේ.

විපක්ෂ නායක

ගරු කතා නායක තුමනි. බළලා මල්ලෙන් එළියට පැන්නා. විජයදාස රාජපක්ෂ මේ විෂය භාර ඇමතිතුමා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කළා මේක කල් දමන්න කිසිම හේතුවක් මෙතුමා දකින්නෙ නෑ කියලා. එහෙමනම් මොනවට ද කල් දමන්නේ.

( සභානායකට අත දිගුරමින්) ඔබට ඇමතිවරයා ඉක්මවා යන්න බෑ. කාගේද මේ බලපෑම. මොකකක්ද මේක. කපුටගෙද බලපෑම. මොකක්ද ප්‍රශ්නය. ඇයි තමුන්නාන්සෙලා ඇමතිතුමා මෙහෙම හෑල්ලු කරන්නේ. ඇමතිතුමා එකක් කියනවා. සභානායක තුමා එකක් කියනවා. මොකක්ද මේ විහිලුව. .

මේකට උත්තරයක් දෙන්න.

කතානායක. –  සභාවේ එකඟතාවය අනුව වැඩ කරමු.

විපක්ෂ නායක – සභාව එකඟ නෑ.  අධිකරණ ඇමතිතුමා  දකින්නෙ නෑ කිසිම බාධාවක්. මොකක්ද සභානායකවරයා ඇමතිවරයා අභිබවා යන්න හේතුව.

සභානායක – කතා නායක තුමනි. ගරු අධිකරණ ඇමතිතුමාගේ එකඟතාවය මත පළවෙනි යෝජනාව අද දින සම්මත කරලා සංශෝධන සඳහා 19 වැනි දිනට කල් තියනවා. දෙවැනි යෝජනාවත් සම්මත කරලා සංශෝධන සඳහා කාරක සභා අවස්ථාවවන 19 වැනි දිනට යොදා ගන්නවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ස්පා තෙරපිවරියන්ට පුහුණුවක් හා ලියාපදිංචි සහතිකයක්… 

Next Post

පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම්වලට සහභාගි වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්ගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් මාලාවක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.