දිනසේන රතුගමගේ –
මන්නාරමේ බෙංගාල බොක්ක ප්‍රදේශයේ සිට ගොඩ බිම දෙසට පැමිණෙමින් තිබූ සැකසහිත ධීවර යාත්‍රාවක් පරීක්ෂා කළ නාවික හමුදාවට බෝට්ටුව තුළ සිර කරගෙන සිටි ඉතා දුර්ලභ ගණයේ ජීව කැස්බැවන් දෙදෙනෙකු ඊයේ (10 ) සොයා ගැනීමට හැකි වී තිබේ.
මෙම ජීව කැස්බෑවන් දෙදෙනා ප්‍රවාහනය කරමින් සිටි මන්නාරමේ ධීවරයින් තුන් දෙනාව නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
එම ධීවරයින් සමග ඔවුන්ගේ බෝටුවද තවත් ධීවර ආම්පන්න කිපයක්ද නාවික හමුදාව බාරයට ගෙන පසුව වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන්ව මන්නාරම වන ජීවී කාර්යාලය වෙත බාර දී ඇත.
වන ජීවී නිලධාරීන් අධිකරණ නියෝග මත එම කැස්බෑවන් මුහුදට ඒ අවස්ථාවේදීම නිදහස් කොට ඇති අතර සැකකරුවන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පියවර ගෙන ඇත.
මෙම දුර්ලභ ගණයේ කැස්බෑවන් ඇල්ලීම හෝ ළග තබා ගැනීම නීති විරෝධී ක්‍රියාවක් බව පවසන මන්නාරම වන ජීවී නිලධාරීන් කලායක සිට මන්නාරමේ ධීවරයින් කැස්බෑවන් අල්ලා මස් කොට විකීණීමට පටන් ගෙන ඇති බවද ප්‍රකාශ කළේය.







