රන් ආලේපිත ටී-56 ගිනි අවියක් සම්බන්ධව අත් අඩංගුවට ගෙන මේ වනවිට බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර මැද සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක වෛද්‍ය ඇගයීමකින් පසු නැවත මැගසින් බන්ධනාගාරයට මාරු කර යවා තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක ප්‍රකාශ කළේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝග මත හිටපු අමාත්‍යවරයා මුලින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවය.
විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමෙන් පසු, ඔහු රිමාන්ඩ් භාරයට පත් කිරීමට සුදුසු සෞඛ්‍ය තත්ත්වයක පසුවන්නේ යැයි තහවුරු කර තිබේ.
වැල්ලවත්තේ මහල් නිවාස සංකීර්ණයකින් පොලිසිය විසින් අවිය සොයා ගැනීමෙන් පසු දුමින්ද දිසානායක පසුගිය 23 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී.
අනතුරුව 24 වැනිදා ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුව ඔහුව රිමාන්ඩ් භාරයට පත් කරන ලදී.





