දිනසේන රතුගමගේ
දීපාවලී උත්සවය නිමිත්තෙන් ඉන්දියාව හා කනකසන්තුරේ අතර මගී ප්රවාහන නැව් සේවාව මේ මස 8 වෙනිදා සිට 28 වෙනිදා දක්වා දිනපතාම පවත්වා ගෙන යාමට ‘’ශිව ගංගී ‘’ නැව් සමාගම තීරණය කොට තිබේ.
එම සමාගමේ ශ්රී ලංකා අධ්යක්ෂ කේ.එම්. ජෙයසීලන් ප්රකාශ කළේ මීට පෙර එම නැව් සේවාව දිනපතාම ක්රියාත්මක නොවූ බවයි.
මීට අමතරව දීපාවලි සමයේ ඉන්දියාව හා යාපනය අතර ගමන් ගන්නා මගීන්ගේ පහසුව පිණිස තීරු බදු රහිත වෙළද සංකීර්ණයක්ද මෙම නැව් සේවාව සමගම ආරම්භ කිරීමටද පියවර ගෙන තිබේ.







