ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකි ආකාරයත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවට එම දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය වාර්තා වන්නේ රත්නපුරයෙනි. එම අගය සෙල්සියස් අංශක 36.6කි.
දිස්ත්‍රික්ක රැසකට මේ දිනවල බලපා ඇති උෂ්ණාධික කාලගුණික තත්ත්වය මැයි මාසය දක්වා පැවතිය හැකි බව ද කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මෙම තත්ත්වයත් සමග ජල මූලාශ්රයන්ගේ ජල මට්ටම පහත බසිමින් පවතින හෙයින් පානීය ජල සැපයුම සීමාසහිත විය හැකි බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ද පවසයි.







