මනම්පිටිය නිමල් ජයරත්න –
-
මෙතෙක් විදුලිබිල ගෙව්වෙ විදුලි බල මණ්ඩලයෙන්… තවත් ගෙවන්න බැරි බව දන්වයි. වසර ගණනකට ගෙවා ඇති මිලත් කියයි…
-
මාස දෙකක විදුලි බිල සොයා ගන්නා තුරු ගිලන් භික්ෂූන් සහ 200ක් සාමනේර හිමිවරුන් වෙනුවෙන් ඉවසන්න… දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලයි…
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විසන්ධි කරන ලද විදුලිය නැවත ලබා දුන්නද, රුපියල් දොළොස් ලක්ෂ දොළොස් දහස් පන්සිය හැට පහයි ශත අසු අටක මුදලක් හා ඇමුණුම් ගාස්තු වශයෙන් රුපියල් 3000ක මුදලක් නොගෙවන්නේ නම් මේ මස 14 වෙනිදා යළි විදුලිය විසන්ධි කිරීමට පියවර ගන්නා බවට ලංකා විදුලිබල මණ්ඩලයේ මින්නේරිය ප්‍රධාන විදුලි ඉංජිනේරුවරිය විසින් අද ( 05) ලිපියක් යොමු කොට ඇති බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

ඉකුත් 27 වෙනිදා ආරණ්‍ය සේනාසනයට විදුලිය විසන්ධි කළ අතර ඒ පිළිබඳ මාධ්‍ය මගින් රටටම අනාවරණය කිරීමෙන් පසු, බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ බවත් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදී ද දැඩි කතාබහට ලක්වීමෙන් පසුව 28 වෙනිදා විදුලිය ලබාදීමට කටයුතු කළ බබවත් රාහුලාලංකාර නාහිමියන් සිහිපත් කළහ.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ඉකුත් සැප්තැම්බර් මස විදුලි බිල ලෙස හයලක්ෂ හැත්තෑ දාස් තුන්සිය අසුවක විදුලි බිලක් ලැබී ඇති බවත්, ඒ අනුව ඉකුත් 28 වෙනිදා විදුලිය විසන්ධි කිරීමෙන් පසු එම විදුලි බිල් ගෙවීමට දින දාහතරක සහන කාලයක් ලබාදුන් බවත් එම ලිපියේ සඳහන් වේ.
පසුගිය වසර 30 ක කාලය තුළ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලි බිල්පත් ලංකා විදුලිබල මණ්ඩලයෙ අනුග්‍රහයෙන් මණ්ඩලය මගින් ගෙවා ඇති බවත්, 2009 වසරේ වසර 13 කාලයක් විදුලි බිල වශයෙන් රුපියල් එක්කෝටි හැටනම ලක්ෂ හතලිස් අටදාස් හයසිය තිස් අටක විදුලි ගාස්තුවක් වැය වී ඇති බවත් එම ලිපියෙන් සිහි කරයි.
ලංකා විදුලිබල මණ්ඩලය මින්නේරිය ප්‍රධාන විදුලි ඉංජිනේරු ඩබ්ලිව්. එම්. ඩී. නිසංසලා ගේ අත්සනින් යුතුව එම ලිපිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත යොමු කර තිබේ.
දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් මේ පිළිබඳ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පුණ්‍යභූමියක් කොට සලකා අපවත් වී වදාළ, මාතර කිතලගම සීලාලංකාර නාහිමියන් ශාසනයට, ආගමට, ජාතියට, ඉටුකරන ලද සේවයට ගෞරවයක් වශයෙන් නොමිලේ විදුලිය ලබාදුන් බවත්, හිටිහැටියේ විදුලිය විසන්ධි කිරීම බරපතළ අර්බුදයක් බවත්ය
කෙසේ වෙතත් මෙම පිළිබඳ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දායක කාරකාදීන් සමග සාකච්ඡාවක් කර යම් තීරණයක් ගන්නා තුරු, ගිලන් වූ භික්ෂුන් වහන්සේලා, මෙන්ම පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂුන් වහන්සේලා ඇතුළු දෙසීයකට ආසන්න නමක් වැඩ වාසය කරන දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීම නතර කර ලෙසත්, මේ පිළිබඳ ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍යතුමාගේ මෙන්ම විදුලිබල අමාත්‍යතුමාගේ දැඩි අවධානයට යොමුකරන ලෙසද රාහුලාලංකාර නාහිමියෝ වැඩිදුරටත් ඉල්ලීමක් කළහ.









