ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය අද (1) ප්‍රකාශ කළේය.
Axiata Group Berhad නිවේදනය කළේ, විදුලි සංදේශ ව්‍යාපාරවල ප්‍රධාන විධායක නිලධාරී සහ සමූහ විධායක අධ්යක්ෂ ආචාර්ය හාන්ස් විජයසූරියට ඩිජිටල් ආර්ථිකය සහ අනෙකුත් අදාළ නායකත්ව භූමිකාවන් පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශක ලෙස රටේ ඩිජිටල් ආර්ථික න්‍යාය පත්‍රය මෙහෙයවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ආරාධනා කරන ලද බවය.
ආචාර්ය විජයසූරිය ශ්‍රී ලංකා රජයෙන් කරන ලද ආරාධනය පිළිගෙන 2025 ජනවාරි 15 දින සිට බලපැවැත්වෙන පරිදි Axiata Group හි ඔහුගේ භූමිකාවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
ආචාර්ය හාන්ස් විජේසූරිය 2022 ජූනි මාසයේ සිට ඒකාබද්ධ වැඩබලන විධායක අධ්යක්ෂවරයා ලෙස එම ආයතනයේ සේවය කිරීමෙන් අනතුරුව 2023 මාර්තු 24 දින Axiata හි විදුලි සංදේශ ව්‍යාපාරයේ සමූහ විධායක අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කරන ලදී.
මෙම භූමිකාව තුළ, ඔහු ASEAN සහ දකුණු ආසියාව පුරා Axiata හි ඩිජිටල් විදුලි සංදේශ මෙහෙයුම් සමාගම් සඳහා වගකිව යුතු අතර, සමූහයේ ව්‍යවසාය සහ ව්‍යාපාරවලට ද නායකත්වය ලබා දුන්නේය.
ආචාර්ය හාන්ස් විජේසූරිය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. 1989 දී කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධි ධරයෙකි. .







