මහනුවර ඇසළ පෙරහර වීදි සංචාරයේ යෙදෙමින් ඇති මහනුවර දළදා වීදියේ පැරණි බඩු අලෙවි කරන වෙළෙඳසැල් දෙකකින් රිවෝල්වර් වර්ගයේ ගිනි අවි දෙකක් සහ කඩුවක් අද (11) පස්වරුවේ දී විශේෂ කාර්ය බලකාය සහ බෝම්බ නිශ්ක්‍රීය කණ්ඩායම් විසින් සොයා ගත්තේය.
පෙරහරේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දියත් වී ඇති විශේෂ ආරක්ෂක මෙහෙයුම්වලදී සොයා ගත් මෙම ගිනි අවි සහ ආයුධ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අදාළ වෙළෙඳ සැල් දෙකේ හිමිකරුවන් ද අත් අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත් මෙම රිවෝල්වර කෞතුක වටිනාකමක් සහිත භාණ්ඩ මිස ක්‍රියාත්මක තත්ත්වයේ ඇති ගිනි අවි නොවන බව මේ වනවිට පොලිසිය විසින් තහවුරු කරගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.







