බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරුවන්ගේ වරදකට දණ්ඩනය කරන අම්මලා තාත්තලා ගුරුවරු හිරේ යවන්න නීති ගෙනාවොත් එදයින් පස්සේ රට කම්මුතුයි… මල්වතු අනු නාහිමි කියති!

by editor
ඔක්තෝබර් 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ

  • ජනාධිපති තුමා නම් ගමේ මිනිහා… රටට අවශ්‍ය නැති නීති ගේන්න එතුමා ඉඩ දෙන එකක් නෑ… මේ නීති පාර්ලිමේන්තුව තුළ සම්මත වෙන්න දෙන්න එපා…

දරුවෙක් වරදක් කළහොත් දෙමව්පියන්ට ගුරුවරුන්ට පහරක් ගැසීමට බැරි ආකාරයේ නීති රීති සම්මත කරගැනීමෙන් මේ කරන්නට යන්නේ රටටත් රටේ අනාගත පරම්පරාවටත් බරපතල ව්‍යසනයක් බව මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම නාහිමියෝ අද (05) පැවසුහ.

ලෝක ළමා දිනය සැමරීමට පාසලට මත්පැන් මදන මෝදක රැගෙන එන දරුවන් බිහි වී ඇති විට, ගුරුවරයා අවවාදයක් දෙන විට එම ගුරුවරයාට ඔළුව පැලෙන්නට පහර දීමට සූදානම් දරුවන් පිරිසක් සමාජය විසින්ම නිර්මාණය කර ඇති රටක පාසල් සමාජය තුළ විනය පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රායෝගික දණ්ඩනයන් වැළැක්වීමට ගන්නා මෙම උත්සාහය පසුපස ඉන්නා පිරිස් අපේක්ෂා කරන්නේ කුමක්දැයි තමන්වහන්සේට නොවැටහෙන බව ද අනුනායක හිමියෝ කීහ. උන්වහන්සේ පෙන්වා දෙන්නේ දණ්ඩන ක්‍රමවේදයන් සම්බන්ධ තීන්දු ලබා ගත යුත්තේ සමාජයේ ප්‍රායෝගික ස්වරූපය සම්බන්ධව අදහසක් ඇතිව බවය.

උන්වහන්සේ මේ බව පැවසුවේ ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි අද (05) මල්වතු මහා විහාරයේදී අනුනාහිමියන් බැහැදුටු අවස්ථාවේදීය.

එහි දී දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියෝ මෙසේද ප්‍රකාශ කළහ.

“පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරු කියනවලු වයස අවුරුදු 16 න් පසු දරුවන්ට ඕනෑම දෙයක් කරන්න ඉඩ දෙන්න කියලා. දණ්ඩ නීති සංග්‍රහයේ දරුවන් සඳහා වන නීති සංශෝධනය කරන්න හදනවලු. දෙමව්පියන්ට ගුරුවරුන්ට දරුවන්ගේ වරදකට අවවාද අනුශාසනා කරන්න, පහරක් ගහන්න බැරි වෙන ආකාරයට නීති ගේන්න හදනවාලු. මෙහෙම ගියොත් මේ රට අනිවාර්යෙන්ම විනාශ වෙනවා. මේක අපේ සංඝ සමාජයටත් බලපානවා. පිරිවෙනක ඉගෙන ගන්නා සාමණේර නමකට වැරැද්දකට තරවටු කරන්නවත් බැරි වෙනවා. එහෙම කළොත් ගුරු හිමිනමට හිරේ යන්න වෙනවා.”

RelatedPosts

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

“මෙපමණ කලක් මේ රටේ දරුවෝ රටට ජාතියට සංස්කෘතියට ආගමට දහමට ලැදිව ඉගෙන ගත්තේ නැද්ද. කටයුතු කළේ නැද්ද. දැන් දරුවෙකුගේ වැරැද්දක් පෙන්වා දෙන්න බැහැ. එහෙම පෙන්වා දෙන්න ගිහිල්ලා කොහෙදෝ ඉස්කෝලෙක ළමයෙක් ගුරුවරයාගේ ඔලුව පළලා ගුරුවරයා රෝහල් ගත කළා. තවත් ළමයි පිරිසක් ලෝක ළමා දිනය සමරන්න පාසලට මත්පැන් හා මදන මෝදකය ගෙනල්ලා කියලා අපට දැනගන්න ලැබෙනවා. දැන් ඉහළ පන්තිවල ළමයි ගුරුවරුන්ට ඔච්චම් කරනවලු ගහන්න බනින්න තරුවටු කරන්න එන්න එපා කියලා. ඕක තමා තත්ත්වය. මේ පනත මේ විදියට සම්මත වුණොත් ඒක තමා මේ රටේ විනාශය. සභ්‍යත්වය, සංස්කෘතිය ගැන අම්මා අප්පා ගැන තැකීමක් නොකරන ඇතැම් යුරෝපීය රටවල නීති රීති මේ තවමත් සංවර්ධනය වෙමින් පවතින අපේ රටට අවශ්‍යයද කියන ගැටලුව මතුවෙලා. මෙහෙම ගියොත් ළමයකුට උගන්වන්න හම්බ වෙන්නේ නැහැ. මොන තරාතිරමේ වැඩ කළත් කරබාගෙන ඉන්න වෙනවා.”

“වැරදි වැඩ කරන ළමයින්ට තරුවටු කරන්න දඩුවම් කරන්න ගිහිල්ලා ලක්ෂ ගණන් දඩ ගෙවන්න හිරේ විලංගුවේ වැටෙන්න ගුරුවරු කැමැති වෙන්නේ නැහැ. මමත් අවුරුදු ගානක් ගුරු වෘත්තිය කළා. අපෙන් ඉගෙන ගත්ත දරුවන් දුටු තැන අපට වැඳ වැටෙනවා. අපිත් වරදට තරවටු කරලා දඬුවම් කරලා තමයි ළමයින්ට ඉගැන්වුවේ. ඒ අය බහුතරයක් ඉහළ තැන්වල ඉන්නවා . අපි ඉගෙන ගත්තෙත් එහෙම තමයි. අපේ ගුරුවරු අපි යහමගට ගන්න එහෙම තමයි කටයුතු කළේ.”

“ජනාධිපතිතුමා නම් ගමේ මනුස්සයෙක්. මේ රටට අවශ්‍ය නැති නීති රීති ගේන්න එතුමා එකඟ වෙන්නේ නැති බව අපිට විශ්වාසයි. නමුත් මේවා අවශ්‍යයයි කියන පිරිසක් ආණ්ඩුවේ ඉන්න බව අපිට පේනවා. මහා නායක හිමිවරු පවා මේ තත්ත්වයන්ට විරුද්ධව ප්‍රකාශ නිකුත් කළා. නීති රීති තවම සම්මත වෙලා නැහැ කියලා අපි දන්නවා. සම්මත වෙන්න ප්‍රථමයෙන් තමයි මහා සංඝරත්නය වශයෙන් අපේ අදහස් ඉදිරිපත් කරන්නේ. සංස්කෘතිය, සදාචාරය ආගම දහම ඉතිහාසය අමතක කරලා රටක් මොන තරම් දියුණු වුණත් වැඩක් නැහැ.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන සංචාරක ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවේ… ජනපති මහානායක හිමිවරුන්ට කියයි!

Next Post

පොලොන්නරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ ගොවිපල තුළ විදුලිසර වැදී මිය ගිය වන අලි සිරුරක්…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.