සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරුවන්ගේ පොත් බෑග්වල “අයිස් “ හොයන ගොං ෂෝ නවත්වා නිසි අණ දුන්නොත් මත්ද්‍රව්‍ය මඩින හැටි පොලිසියෙන්ම ඇසෙයි….

by editor
දෙසැම්බර් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාසල් දරුවන්ගේ  පොත් බෑග් පරීක්ෂා කරමින් අයිස් මත්ද්‍රව්‍ය සොයන ලාභ “මීඩියා ෂෝ“ වලින් ඉවත්වී මත්ද්‍රව්‍ය වැටලීම සඳහා නිශ්චිත නියෝග සහ  අධිකරණයෙන් සහතික කරන පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ලැබෙනවා නම් පැය 24ක් තුළ රට මත්ද්‍රව්‍යවලින් තුරන් කිරීමේ හැකියාව පොලිසිය සතු බව පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම තලයේ ආරංචි මාර්ග තහවුරු කරයි.

මත්ද්‍රව්‍ය භාවිතයේ  යම් ප්‍රමාණයක වැඩිවීමක් දක්නට ලැබුණත් මේ නිර්මාණය වී ඇත්තේ  අතාර්කික භීතියක් බවත්,  මත්ද්‍රව්‍ය තුරන් කළ නොහැක්කේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග ඍජුව සහ වක්‍රව බැඳුනු දේශපාලන බලය සහ පොලිසියේ ඉහළ තලවල සිටිනා උසස් නිලධාරීන් කීපදෙනෙකුගේ  අලජ්ජී බලපෑම් බවත් එම තොරතුරු මාර්ග පෙන්වා දෙයි.

ඔවුන් පවසන්නේ  මත්ද්‍රව්‍ය ජාවාරම සිදුවන ආකාරය, එම ජාලයන්හි ස්වරූපය, බෙදා හැරීම සහ ඊට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධ අති මහත් තොරතුරු සමූහයක් පොලිසිය සතුව ඇති බවය.

ඡන්ද ආසන්නයේ ප්‍රාදූර්භූතවන ලාභ දේශපාලන විගඩමක්  ලෙස   සමාජ විවේචනයක් එල්ල වී ඇති මෙම අයිස් භීතිකාව   සැබෑ තත්ත්වයට අධි ආරෝපණයක් ඇති කර තිබෙන බවක් පෙනී යන්නේ යැයි සමාජ විමර්ශකයින් ද පෙන්වා දී ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ නාටකාකාරී මේ පෙළගැස්මට  මත්ද්‍රව්‍ය සහ දරුවන් යොදාගැනීම අතිශය ව්‍යසනකාරී ප්‍රතිඵලයක් අනාගතයේ දී රටට උදාකිරීමට  හැකි බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ දැන් දරුවොන්ගෙ බෑග් චෙක් කරනවා. ලොකු ප්‍රචාරයක් දෙනවා. ඒත් ඔය මත්ද්‍රව්‍ය පැකට් එකක් අවශ්‍යනම් තාප්පෙන් ඇතුළට දාන්න බැරිද ?.  අනතුර මේ තරම් ප්‍රබල නම් මේ විදිහට මේක මැඩ පවත්වන්න පුලුවන් ද?.  රටටම අයිස් ගෙනෙන්නෙ ජාවාරම් කරුවන් කීප දෙනෙක් විතරයි. ඔවුන්ගෙ ජාවාරම තියෙන්න හැංගිලා. ඒත් මේ තොරතුරු සියල්ල නාකොටික් එක දන්නවා. සැබෑ ලෙසම මේ ප්‍රශ්නයට උත්තර අවශ්‍ය නම් බලපෑම් රහිතව ඊට අවශ්‍ය පරිසරය සකස් විය යුතුයි. දින කීපයකින් ජාවාරම අඩපණ කළ හැකියි…“

පොලිස් ප්‍රධානියෙක් ලංකාසරට පැවසුවේ එලෙසය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති දිනේෂ් වීරක්කොඩි!

Next Post

G 20 ලාංඡනය ඉන්දියාවේ අපේක්ෂාව පෙන්වන බව ඩෙන්මාර්ක් තානාපති පවසයි

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.