ශ්‍රීමතී විජේරත්න –
මෙවර ලෝක ළමා දිනයේ තේමාව වූයේ ” දරුවන් රැකගමු සමසේ සලකමු” යන්නයි. ඔක්තෝබර් මාසයට යෙදී තිබෙන ලෝක ළමා දිනයත්, ලෝක වැඩිහිටි දිනයත්, ලෝක ගුරුදිනයත් එකම දිනයක සැමරීමට කුරුණෑගල සාන්ත ආනා විදුහලේ වැඩකටයුතු සංවිධානය කර තිබුණි.
මෙදින පාසලේ පෙරදිග ශිෂ්‍ය බට තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයන් හඳුන්වා දීමද සිදුකෙරිණ. අගෝස්තු පහළව දින පැවැත්වූ තෝරාගැනීමේ කඳවුරට සහභාගි වෙමින් අදියර තුනකින් සමන්විත එම කඳවුරේ අදියර තුනටම සහභාගි වී ,බට නිවාස පරීක්ෂණයෙන් ප්‍රථම ස්ථානය ලබගෙන පළාත් මට්ටමේ දෙවන ස්ථානය ලබා ගැනීමට මෙම විදුහලේ පෙරදිග ශිෂ්‍ය බට තූර්ය වාදක කණ්ඩායමට හැකි විය.
එම පෙරදිග ශිෂ්‍ය බට තූර්ය වාදක කණ්ඩායමේ දරුවන් අගය කිරීම, ඔවුන් හඳුන්වාදීම, දරුවන්ලවා දෙමාපිය පාද නමස්කාරය සිදුකිරීම, වැඩිහිටියන් දරුවන් සහ ගුරුවරුන් අගය කිරීම, දරුවන්ගේ විවිධ දක්ෂතාවලින් එළිමහන් වේදිකාව හැඩ කිරීම , වැනි කර්තව්‍යය න් රැසක් එම විදුහල් පරිශ්‍රයේදී සිදු කෙරිණ.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ අනුනායක අතිගරු පියල් ජානක පූජාප්‍රසාදීන් වහන්සේය. උන්වහන්සේ ජාතික ධර්මෝපදේශ අධ්‍යක්ෂ ලෙස ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් කළ පියතුමෙකි. එසේම පාසලේ විදුහල්පති පියතුමාණන් වන චන්දන හපුආරච්චි පූජා ප්‍රසාදීන් වහන්සේ, ගරු රොෂාන් ඩයස් සහෝදරතුමා ඇතුලු නියෝජ්‍ය විදුහල්පතිවරු , ගුරුවරු , සිසුදරුවන් සහ දෙමව්පියන් මෙම උත්සවයට සහභාගි වුහ.
උත්සවය සංවිධානය කෙරුණේ පාසලේ විදුහල්පති පියතුමානන්වන චන්දන හපුආරච්චි පූජාප්‍රසාදීන් වහන්සේ ගේ මගපෙන්වීම යටතේ ය.







