බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරු ප්‍රසූතියක දී හෙද නිලධාරිණියක් මිය යයි…

by editor
නොවැම්බර් 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

මහනුවර ජාතික රෝහලේ සේවය කරමින් සිටි 37 හැවිරිදි හෙද නිලධාරිනියක තෙවන දරු ප්‍රසූතිය අතරතුර පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී  මියගොස් මියගොස් ඇත.

මියගොස් ඇත්තේ ඉසුරු නිදිෂානි දිසානායක නැමැති හෙද නිලධාරිනියක් වන අතර දරුවා කුසේ සිටියදීම ඇය අධි අවධානම් තත්ත්වයක පසුවන බවට වෛද්‍යවරු හඳුනාගෙන තිබිණි.

සිසේරියන් සැත්කමක් මගින් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරු සමත්ව ඇත. මව ඉතා අවාධනම් තත්ත්වයක පසුවීම නිසා සිසේරියන් සැත්කම සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සහභාගි වී තිබෙන බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන හමුවේ පැවැති මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

එහි දී මියගිය හෙද නිලධාරිනියගේ සැමියා වන චෝදන මදුෂාන් ජයවර්ධන, නැගනිය අනුරාධපුර රෝහලේ වෛද්‍ය සචිත්‍රානි දිසානායක, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් තුෂාර ඥානරතන යන මහත්ම මහත්මීන් සාක්කි ලබා දුන්හ.

අනුරාධපුර රෝහලේ වසර ගණනාවක් සේවය කළ හෙද නිලධාරිනිය මෙයට තෙමසකට පමණ ඉහතදී මාරුවක් ලැබ මහනුවර ජාතික රෝහලේ ළමා රෝග පිළිබඳ සායනයේ රාජකාරි සඳහා එක්ව ඇත.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

දරුවා පිළිසිඳ ගැනීමෙන් පසු අනුරාධපුර රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවී සිදුකළ ස්කෑන් පරීක්ෂාවකදී වැදෑමහ  පිහිටීමේ යම් අසාමාන්‍ය තත්ත්වයක් හේතුවෙන් හෙද නිලධාරිනියක දැඩි අවධදානම් තත්ත්වයක පසුවන බව හඳුනාගෙන තිබේ. ඒ අනුව මහනුවර ජාතික රෝහලට මාරුවී පැමිණීමෙන් පසු ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සම්පත් තුෂාර ඥානරතනගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාගෙන ඇත.

මහනුවර ජාතික රෝහලේ සේවය කරමින් සිටියදී පසුගිය 10 වැනි දින ප්‍රසව වේදනා ඇතිවීමෙන් පසු ඇය සැමියා සමඟ ගොස් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව තිබේ.

එදින විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරු කිහිප දෙනෙකු ඇයව පරීක්ෂා කර බලා දිවා කාලයේදී සැලසුම් සහගත සිසේරියන් සැත්කමක් මගින් දරුවා පිටතට ගැනීමට තීරණය කර ඇත.

ඒ අතරතුර හදිසි  රුධිර වහනයක් සිදුවීම නිසා සිදුකළ ස්කෑන් පරීක්ෂණයකින් පසු කඩිනමින් සිසේරියන් සැත්කම සිදු කිරීමට වෛද්‍යවරු තීරණය කර තිබේ.

ඒ අනුව සිසේරියන් සැත්කම මගින් දරුවා පිටතට ගෙන ඇත. අධික රුධිර වහනය හේතුවෙන් ලේ පයිනට් 12 ක් ඇයට ලබා දීමට වෛද්‍යවරු ක්‍රියාකර ඇත.

හෙද නිලධාරිනියගේ ජීවිතය බේරා ගැනීම සඳහා ශල්‍ය උපක්‍රම සියල්ල ගත් බවත් සියලුම ඖෂධ, රුධිරය හා රුධිර කොටස් ලබා දුන් බවත් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සම්පත් තුෂාර ඥානරතන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන හමුවේ සාක්කි දෙමින් ප්‍රකාශ කළේය.

මියගිය හෙද නිලධාරිනියට අවුරුදු 09 හා 05 වයස්වල පසුවන දරුවන් දෙදෙනෙකු සිටින අතර පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය, මහාචාර්ය අමල් වැදිසිංහගේ උපදසේ මත විශේෂඥ අධිකරණ වෛද්‍ය චතුලා වික්‍රමසිංහ විසින් සිදුකර ඇත.

මරණය පිළිබදව තවදුරටත් විර්මශනය කරන බව ඇය විසින් දැනුම් දී තිබේ. ඒ අනුව අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් මරණ පරීක්ෂණය කල් තැබීමට  හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන තීරණය කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කාසල් රෝහලේ දෙබිඩි දරු උපතක්….

Next Post

පකිස්ථානය තුළ ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් ඇතැයි දැනී නෑ… ප්‍රවීන විස්තර විචාරක රොෂාන් අබේසිංහ ස්ලාමාබාද් නුවර සිට කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.