බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ද ෆිනෑන්ස් ඈවරයි… තැන්පතුකරුවන් 145000කට මුදල් ලැබෙන හැටි මෙන්න 

by editor
මැයි 24, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගමක් වන ද ෆිනෑන්ස් සමාගමේ මූල්‍ය බලපත්‍රය අවලංගු කොට ව්‍යාපාර කටයුතු නවතා සමාගම ඈවර කිරීමට ශ්‍රි ලංකා මහබැංකුව ඊයේ (22) පියවර ගත්තේය. . මේ අනුව ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයට 2020 මැයි 22 දින සිට මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යෑමට මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අනුව අවසර නොමැති බව ශ්‍රි ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

1940 දී ශ්‍රී ලංකාවේ සමාගම් රෙජිට්‍රාර් කාර්යාලයේ මෙම සමාගම පොදු සමාගමක් ලෙස ලියාපදිංචි වන්නේ විශේෂයෙන්ම වාහන අලෙවි මූල්‍ය පහසුකම් සපයන සමාගමක් ලෙසය. එයින් පසුුව එය ශ්‍රි ලංකා මහ බැංකුවේ අවසර පත් මූල්‍ය ආයතනයක් බවට පත් වූ අතර ආයතනය 2008 වර්ෂයේ දී අර්බුදයට ලක් වන්නේ ඒ වනවිට ලලිත් කොතලාවලගේ නායකත්වයෙන්  ක්‍රියාත්මක වූ සෙලින්කෝ සමූහයට අයත් සමාගම් කඩා වැටීමත් සමඟය. එම ආයතනය අයත් ව තිබූ සෙලින්කෝ සමාගම් සමුහයේ   මූල්‍ය අර්බුදයේ   පටන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ මූල්‍ය තත්ත්වය ක්‍රමයෙන් පසුබෑමට ලක් වූ අතර එය උග්‍ර ද්‍රවශීලතා අර්බුදයක් දක්වා දුරදිග ගියේය.

විවිධ උපායමාර්ග ඔස්සේ ආයතනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැරූ සියලු ප්‍රයත්නයන් අසමත් වී ඇති අතර පසුගිය මාස 15ක කාලය තුළ දී තම තැන්පතු මුදල් නැවත ලබා ගැනීමට තැන්පතුකරුවන් හට නො හැකි වී ඇත.

කෙසේ වුව ද ද ෆිනෑන්ස් ආයතනයේ ඉල්ලීමට අනුව ආයතනයේ ව්‍යාපාර කටයුතු යථා තත්ත්වයට පත් කළ හැකි ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත සැලැස්මක් සහ වලංගු ශේෂ තහවුරුවක් සමඟ විශ්වසනීය ආයෝජකයෙකු හඳුනා ගැනීමට කැමැත්ත පළ කිරීමේ ලියවිලි කැඳවීමට නැවත වරක් මුදල් මණ්ඩලය විසින් අවසර ලබා දුන්න ද එවැනි ආයෝජකයෙකු හඳුනා ගැනීමට ආයතනය අසමත් වූ බවද මහ බැංකුව පවසයි.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ඒ අනුව 2020 මැයි 22 දින සිට බලපැවැත්වෙන පරිදි ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.  

තැන්පතුකරුවන් සඳහා, පවතින නීති හා විධිවිධාන යට‍තේ තැන්පතු සඳහා වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබනු ඇති අතර එමගින් ආයතනයේ සමස්ත තැන්පතුකරුවන්ගෙන් 93%කට එනම් තැන්පතුකරුවන් 145,172ක් අතරින් 135, 100කට) තම මුළු තැන්පතු මුදලම ලැබෙනු ඇති අතර ඉතිරි තැන්පතුකරුවන් ට     (10,072කට)  තමන්ගේ තැන්පතු මුදලින් කොටසක් වශයෙන් රු. 600,000ක මුදලක් ලැබෙන අතර ඉතිරි මුදල ආයතනය ඈවර කරන අවස්ථාවේ දී හිමිකම් පෑමේ ප්‍රමුඛතාවන්ට යටත් ව ආවරණය කර ගැනීමේ හැකියාවක් පවතී. වන්දි මුදල් ගෙවීම සම්බන්ධව වැඩිදුර තොරතුරු ඉදිරියේ දී සන්නිවේදනය කරනු ඇති බව මහ බැංකුව පවසයි. 

තවදුරටත් පැහැදිලි කර ගැනීම් අවශ්‍ය නම් පහත දක්වා ඇති ක්‍රම ඔස්සේ විමසීම් සිදු කළ හැක.

ආයතනය අවශ්‍යතාව දුරකථන අංක විද්‍යුත් ලිපිනය
බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව බලපත්‍රය අවලංගු කිරීම සම්බන්ධ විමසීම් සඳහා 011 2477573
011 2477229
011 2477504
[email protected]
නිරාකරණය හා බලගැන්වීමේ දෙපාර්තමේන්තුව තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ මුදල් ගෙවීම සම්බන්ධ විමසීම් සඳහා 011 2398788  [email protected]
ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය තැන්පතු සම්බන්ධ විමසීම් සඳහා 011 2557888
011 2580210
 [email protected]
  ආයතනයෙන් ලබාගත් උකස් ණය සම්බන්ධ විමසීම් සඳහා 071 1359248  
  ආයතනයෙන් ලබාගත් අනෙකුත් ණය මුදල් සම්බන්ධ විමසීම් සඳහා

 

Share73Tweet43
Previous Post

ඇඳිරි නීතිය නිම වූ වහාම සමගි ජන බලවේගයෙන් උද්ඝෝෂණ මාලාවක්

Next Post

යාපනයේ හමුදා භට පිරිසකට උරුම්පායි හිදී ප්‍රහාරයක්

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.