ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගමක් වන ද ෆිනෑන්ස් සමාගමේ මූල්‍ය බලපත්‍රය අවලංගු කොට ව්‍යාපාර කටයුතු නවතා සමාගම ඈවර කිරීමට ශ්‍රි ලංකා මහබැංකුව ඊයේ (22) පියවර ගත්තේය. . මේ අනුව ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයට 2020 මැයි 22 දින සිට මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යෑමට මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අනුව අවසර නොමැති බව ශ්‍රි ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
1940 දී ශ්‍රී ලංකාවේ සමාගම් රෙජිට්‍රාර් කාර්යාලයේ මෙම සමාගම පොදු සමාගමක් ලෙස ලියාපදිංචි වන්නේ විශේෂයෙන්ම වාහන අලෙවි මූල්‍ය පහසුකම් සපයන සමාගමක් ලෙසය. එයින් පසුුව එය ශ්‍රි ලංකා මහ බැංකුවේ අවසර පත් මූල්‍ය ආයතනයක් බවට පත් වූ අතර ආයතනය 2008 වර්ෂයේ දී අර්බුදයට ලක් වන්නේ ඒ වනවිට ලලිත් කොතලාවලගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ සෙලින්කෝ සමූහයට අයත් සමාගම් කඩා වැටීමත් සමඟය. එම ආයතනය අයත් ව තිබූ සෙලින්කෝ සමාගම් සමුහයේ මූල්‍ය අර්බුදයේ පටන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ මූල්‍ය තත්ත්වය ක්‍රමයෙන් පසුබෑමට ලක් වූ අතර එය උග්‍ර ද්‍රවශීලතා අර්බුදයක් දක්වා දුරදිග ගියේය.
විවිධ උපායමාර්ග ඔස්සේ ආයතනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැරූ සියලු ප්‍රයත්නයන් අසමත් වී ඇති අතර පසුගිය මාස 15ක කාලය තුළ දී තම තැන්පතු මුදල් නැවත ලබා ගැනීමට තැන්පතුකරුවන් හට නො හැකි වී ඇත.
කෙසේ වුව ද ද ෆිනෑන්ස් ආයතනයේ ඉල්ලීමට අනුව ආයතනයේ ව්‍යාපාර කටයුතු යථා තත්ත්වයට පත් කළ හැකි ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත සැලැස්මක් සහ වලංගු ශේෂ තහවුරුවක් සමඟ විශ්වසනීය ආයෝජකයෙකු හඳුනා ගැනීමට කැමැත්ත පළ කිරීමේ ලියවිලි කැඳවීමට නැවත වරක් මුදල් මණ්ඩලය විසින් අවසර ලබා දුන්න ද එවැනි ආයෝජකයෙකු හඳුනා ගැනීමට ආයතනය අසමත් වූ බවද මහ බැංකුව පවසයි.
ඒ අනුව 2020 මැයි 22 දින සිට බලපැවැත්වෙන පරිදි ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.
තැන්පතුකරුවන් සඳහා, පවතින නීති හා විධිවිධාන යටතේ තැන්පතු සඳහා වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබනු ඇති අතර එමගින් ආයතනයේ සමස්ත තැන්පතුකරුවන්ගෙන් 93%කට එනම් තැන්පතුකරුවන් 145,172ක් අතරින් 135, 100කට) තම මුළු තැන්පතු මුදලම ලැබෙනු ඇති අතර ඉතිරි තැන්පතුකරුවන් ට (10,072කට) තමන්ගේ තැන්පතු මුදලින් කොටසක් වශයෙන් රු. 600,000ක මුදලක් ලැබෙන අතර ඉතිරි මුදල ආයතනය ඈවර කරන අවස්ථාවේ දී හිමිකම් පෑමේ ප්‍රමුඛතාවන්ට යටත් ව ආවරණය කර ගැනීමේ හැකියාවක් පවතී. වන්දි මුදල් ගෙවීම සම්බන්ධව වැඩිදුර තොරතුරු ඉදිරියේ දී සන්නිවේදනය කරනු ඇති බව මහ බැංකුව පවසයි.
තවදුරටත් පැහැදිලි කර ගැනීම් අවශ්‍ය නම් පහත දක්වා ඇති ක්‍රම ඔස්සේ විමසීම් සිදු කළ හැක.
ආයතනය | අවශ්‍යතාව | දුරකථන අංක | විද්‍යුත් ලිපිනය |
බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව | බලපත්‍රය අවලංගු කිරීම සම්බන්ධ විමසීම් සඳහා | 011 2477573 011 2477229 011 2477504 |
[email protected] |
නිරාකරණය හා බලගැන්වීමේ දෙපාර්තමේන්තුව | තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ මුදල් ගෙවීම සම්බන්ධ විමසීම් සඳහා | 011 2398788 | [email protected] |
ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය | තැන්පතු සම්බන්ධ විමසීම් සඳහා | 011 2557888 011 2580210 |
[email protected] |
ආයතනයෙන් ලබාගත් උකස් ණය සම්බන්ධ විමසීම් සඳහා | 071 1359248 | ||
ආයතනයෙන් ලබාගත් අනෙකුත් ණය මුදල් සම්බන්ධ විමසීම් සඳහා |