අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

‘ද ෆිනෑන්ස්’ අවුල් කරාට අගමැති මහබැංකුවට දොස් කියයි

by Lanka Sara Editor
ජූනි 5, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ද ෆිනෑන්ස් සමාගම කඩාවැටීම නිසා මේ වනවිට එහි තැන්පත්කරුවන් දහස් ගණනක් දැඩි දුෂ්කරතාවන්ට මුහුනපා සිටින බවත් එවැනි අර්බුදයක් නිර්මාණය වීම සම්බන්ධව මහබැංකුවේ නිලධාරීන්ට අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැඩිව දොස් පැවරුවේය.

ශ්‍රී ලංකා මහබැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන කඩාවැටීමකට ලක්වෙනවා නම් එහි සම්පූර්ණ වගකීම මහ බැංකුව භාරගත යුතු බව ද අගමැතිවරයා අවධාරණයෙන් ප්‍රකාශ කර සිටියේය. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේදී ඊයේ පැවති සාකච්ඡාවේදී මහබැංකුවේ නිලධාරීන් ‘ද ෆිනෑන්ස්’ සමාගම කඩාවැටීම සම්බන්ධව කරුණු දැක්වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින මුල්‍ය ආයතනවල වත්මන් තත්ත්වය සහ ඒවායේ අනාගතය පිළිබඳව සාකච්ඡා කොට ඉදිරි පියවර ගැනීම සඳහා පැවති මෙම සාකච්ඡාවට අගමැතිවරයා සමඟ මැති ඇමැතිවරු කිහිපදෙනෙක්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති හා මහ බැංකුවේ මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මුදල් අමාත්‍යංශ ලේකම්, නීතිපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

මහබැංකුව යටතේ පවතින මූල්‍ය ආයතන හා ඒවායේ ක්‍රියා ක්‍රියාකාරිත්වය මෙන්ම වර්තමානයේ ඇතිවී තිබෙන ගැටලු හා ඉදිරි සැලසුම් පිළිබඳව මහ බැංකු අධිපති අධිපතිවරයා ප්‍රමුඛ එහි නිලධාරීන් දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇත. මේ වනවිට කඩා වැටීමට ලක්ව තිබෙන ද ෆිනෑන්ස් සමාගම හා ඊටීඅයි ආයතනය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කළ අතර එහි තැන්පත්කරුවන් වෙනුවෙන් ගත හැකි පියවර පිළිබඳව අගමැතිවරයා දීර්ඝ වශයෙන් කරුණු විමසා සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊටීඅයි ආයතනයෙහි තැන්පත් තැන්පත්කරුවන් මේ වනවිට අධිකරණ ක්‍රියා මාර්ගයකට යොමුව සිටින බැවින් ඔවුන් සම්බන්ධව මහබැංකුවට පියවරක් ගත නොහැකි බවත් ද ෆිනෑන්ස් සමාගම තැන්පත්කරුවන්ට ගෙවීම් කළ හැකි බවත් මහ බැංකු නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබේ.

ඒ අනුව පවතින එකඟතා හා නීතිමය තත්ත්වය තුළ ‘ද ෆිනෑන්ස්’ සමාගම් තැන්පත්කරුවන් 90%ට රුපියල් ලක්ෂ 6 බැගින් ගෙවිය හැකි නමුත් මහා පරිමාණ තැන්පත්කරුවන් 7% වන පිරිස් සම්බන්ධව ඉදිරියේ දී පියවර ගතයුතු බව මහ බැංකු නිලධාරීන් කරුණු පැහැදිලි කර ඇත.

පසුගිය කාලයේ මහ බැංකුව නිසා සිදු වූ ඇතැම් සිදුවීම් රටම ප්‍රශ්න ගණනාවක්ට මුහුණ පෑමට සිදු වූ බවක් ‘ද ෆිනෑන්ස්’ වැනි ආයතන කඩා වැටීම, එහි තැන්පත්කරුවන් හා ඔවුන්ගේ දරු පවුල් දැඩි අපහසුතාවන්ට පත්ව සිටින බැවින් මෙම තත්වය වලක්වා ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ආයතන ආරක්ෂා කරගනිමින් ඉදිරියට යෑම සඳහා දැඩි විමසිලිමත්ව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

අතීතයේ සිදු වූ වැරදි නැවත සිදු වීමට ඉඩ නොතබා සුරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම සඳහා සිය පාලන කාලය තුළ කැපවන බව මහ බැංකු අධිපතිවරයා අවසන් වශයෙන් ප්‍රකාශ කරනු ලැබීය.

Tags: නවතම
Share78Tweet43
Previous Post

යහපාලනයේ කෝටි 131ක කිරි හරක් ජාවාරමෙහි අග මුල නාමල් හෙළි කරයි…

Next Post

කඩා වැටෙන පාසල් ක්‍රිකට් අවුරුදු පහුගිය අවුරුදු 2 දී කෝටි 23 ගිලලා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.