නාවලපිටිය පොලිස් වසමේ මොන්ටික්‍රිස්ටෝ වත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් 9 හැවිරිදි දරුවකු මියගොස් ඇත.
ඊයේ (27) දහවල් කාලයේ අදාළ අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.
සාරියකින් බැඳ තිබූ තොටිල්ලක එලෙස ගෙල සිරවී ජීවිතක්ෂයට පත්ව ඇත.
නිවසේ සිටින තවත් කුඩා දරුවකුට බැඳ තිබූ තොටිල්ලක නැඟ සෙල්ලම් කරමින් සිටිය දී එලෙස ගෙල සිරවී ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.







