බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තොග හංගන මෝල්ලුන්ට කෘෂිකර්ම ඇමතිගෙන් පණිවිඩයක්… නව ක්‍රමවේද අරන් හරි සහල් ප්‍රශ්නය විසඳනවා… ජනතාව දුන්න ජන වරමින් හරිදේ නොකළ මිනිස්සු විදිහට අපි අපේ කතාව අවසන් කරගන්නේ නෑ…

by editor
නොවැම්බර් 23, 2024
in පුවත්
lAL-kANTHA
Share on FacebookShare on Twitter

රජය වාර්ෂිකව අති විශාල ආයෝජනයක් සිදුකරන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අවසන් ඵලය වී ඇත්තේ ගොවියා දුකට පත් වී පාරිභෝගිකයා පීඩාවට පත්වීම නම් මෙහි අතරමැදි අවස්ථාවක බරපතල ගැටලුවක් පවතින බවත්, ඊට පිළිතුරු සපයන්නට නොහැකි නම් ජනතාව දුන් ජන වරමින් කළ යුතු දේ නොකළ මිනිසුන් බවට තමන් පත්වන බවත් කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත අද මහනුවර දී පැවසුවේය.

මාධ්‍ය අමතමින් ඔහු කීවේ එවැනි අවසානයක් තම දේශපාලන ව්‍යාපාරයට අවශ්‍ය නොවන බවය. ලබන කන්නයේ සිට විශ්වසානීය දත්ත මත සහල් තොග යම් තැනක සිරවී ඇති බව තහවුරු වන්නේ නම්, ඒ ගබඩා කිරීම් පාරිභෝගිකයා ගසා කන්න පාවිච්චි කරන්නේ නම් ඒ සම්බන්ධව නව පියවර ගැනීමට රජය නොපැකිලෙන බව ද ඔහු අවධාරණය කළේය.

කෘෂිකර්ම ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ මෙසේය.

“වෙළෙඳ අමාත්‍යාංශයයි කෘෂිකර්ම අමාත්‍යාංශයයි  දෙකම එකතු වෙලා තමයි සහල් ප්‍රශ්නයට උත්තරය හොයන තීරණය ආවේ. අපි දැන් අමාත්‍යාංශ දෙකම සම්බන්ධ වෙලා ඒකට උත්තරය හොයන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා තියනවා. ඊට අමතරව කම්කරු අමාත්‍යාංශයත් මේකට සම්බන්ධ කරගෙන තියනවා.”

RelatedPosts

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

“දත්ත තියනවා. නැතිව නෙමෙයි. කෘෂීකර්ම අමාත්‍යාංශය සතුව කොච්චර ඉඩම් ප්‍රමාණයක් වගා කළා ද, කොච්චර නිශ්පාදනයක් එනව ද, ආව ද කියලා. නමුත් එතැනින් එහා ටික නෑ. මේක වැඩ කළේ තැන් තැන්වල. කැඩිලා තිබුණේ. පාරිභෝගික කටයුතු අමාත්‍යංශයෙත් යම් දත්ත ටිකක් තියනවා.”

“නමුත් උතත්රය හොයන්න යනකොට ඒකට අදාල දත්ත ටික ටක් ටක් ගාලා එන්නේ නෑ. ඒක අපිට හරියට ආවෙ නෑ. සාකච්ඡාවේදි ඒක අපට හොඳට පේන්න තිබුණා. නමුත් අපි ඒකට විසඳුම් හෙව්වා. වැඩ පිළිවෙළක් හැදුවා. ඉදිරියේදි මේ ප්‍රශ්න එන එකක් නෑ. ”

“අවශ්‍ය ප්‍රමාණයට වගා කරලා තියනවා. අවශ්‍ය වී තොග ලැබිලා තියනවා දත්ත පරීක්ෂා කළාම. හැබැයි වෙළෙඳපලේ හාල් නෑ. හිඟයක් තියනවා. ඉදිරියේ දි එන දෙසැම්බර් උත්සව කාලෙ… අලුත් අවුරුද්දක් ජනවාරියෙ පටන් ගන්නවා. ඒකත් උත්සව කාලයක්.”

“මේ ඔක්කොම ගත්තම වෙළෙඳපලේ නාඩු සහල් නැතිකම පිළිබඳව බරපතල ගැටලුවක් ප්‍රශ්නයක් තියනවා. ඒ නිසා අමාත්‍යාංශ දෙකම එකතුවෙලා අපි තීරණයක් ගත්තා. අපි ඒක කැබිනට් එකට ඉදිරිපත් කරනවා. සහල් මෙට්‍රික් ටොන් 70000ක් පමණ ගෙන්න ඕන. ඒක අවශ්‍යයයි මේ වෙලාවේ මේ ප්‍රශ්නය විසඳන්න.”

“ඊලඟ කන්නයේ දි මේ ගැටලුව නොඑන්න අපි වැඩ කරනවා. පිටරටින් හාල් ගෙන්වන්නේ නැතිව ඉන්න උපරිම උත්සාහ කරනවා. ඒ වගේම විශ්වසානීයව දත්ත මත අපට වැටහෙනවා නම් මේවා කොහෙ හරි හිරවෙලා තියනවා කියලා, පාරිභෝගිකයව ගසා කන්න පාවිච්චි කරනවා කියලා අපි ඒ සම්බන්ධව අලුත් පියවර ගන්න පැකිලෙන්නෙ නෑ.”

“පිටින් ගේන්න ඕන වෙලාවට ගේනවා. පාරිභෝගිකයාට මේ අසාධාරණය වෙන්න දෙන්න බෑ. ගොවියා ඉතාම දුප්පත්. ඔහු දැවැන්ත පීඩාවක ඉන්නේ. රටක් විදිහට අනෙක් පැත්තෙන් කෘෂිකර්මාන්තයට විශාල ආයෝජනයක් කරනවා. ඒත් ගොවිය දුකට පත් වෙලා. අනෙක් පැත්තෙන් පාරිභෝගිකයත් පීඩාවට පත් වෙලා. ඒ කියන්නේ මේ දෙක මැද ප්‍රශ්නයක් තියනවා. මේ ප්‍රශ්නයට උත්තරයක් හෙව්වෙ නැතිනම් අපි ජනතාව දුන්න ජන වරමෙන් කරන්න ඕන දේ කළ මිනිස්සු බවට පත් වෙන්නේ නෑ.”

“ගොවියගේ ගැටලුවටත් උත්තරය හොයමින්, පාරිභෝගිකයගේ ප්‍රශ්නයටත් උත්තරය හොයමින්, මැද කණ්ඩායමටත් කරදරයක් නොවන විදිහට අපි මේකට තුළනාත්මක උත්තරයක් ගන්නවා. ඒ තුළනාත්මක උත්තරය ගන්න අවශ්‍ය මෙහොතේදී අවශ්‍ය පියවර ගන්නවා. “

Share69Tweet43
Previous Post

අද බත්තරමුල්ලේ දි ඇවිලුන E8 වීසා ගින්න… කොල්ලො කෙල්ලො රවට්ටල ද?. බලධාරින්ගේ බැරිකම ද?

Next Post

කැබිනට් එකට කොලිෆයිඩ් මුස්ලිම් එකෙක්වත් ලංකාවේ නැද්ද? … අකුරණ දී විජිත ඇමති වටකර වට්ටන්න හැදූ මුස්ලිම් ප්‍රශ්නය…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.